Pages

Tuesday, August 27, 2013

බස නිවැරදිව හසුරවමු! - බස නසන මැදි වැදි බස්‌ - වේ ප්‍රොටීන

"තාත්තා උදේ මං ඉම්බා" ආයා අතේ වඩාගෙන සිටි දරුවා කීවේය. "එහෙම නෙවෙයි බේබි තාත්තා උදේ මාව ඉම්බා" කියන්න. ආයා දරුවාට "ව" කාරය යොදා ඇය දන්නා ලෙස නිවැරැදිව යෙදීමට දරුවාට කියා දුන්නාය. "නෑ නෑ නෑ තාත්තා මං ඉම්බෙ උදේ. ආයාව ඉම්බෙ ඊයෙ හවස. දරුවා මුළු ක්‍රියාදාමයම නිවැරැදිව ප්‍රකාශ කළේය. ඒ මා ව බදාගන්න ගියාම සිදුවන වැඩය. 

බස නැසීම වැඩි වශයෙන් කතා කෙරෙන උවදුරෙකි. මෙයට වැඩි වශයෙන් දායක වන්නෝ විද්යුත් මාධ්‍යවේදියෝය. එහෙත් මුද්‍රිත මාධ්‍යවේදීන් සියලු දෙනාම නිදොස්‌ කොට මුදාහැරිය නොහැකිය. නොදරුවන් අතින් සිදුවන වරද කමා කළ හැකිය. එහෙත් දනිතියි සිතා සිටිනා කෙරුමන්ද වැරැදි කරන විට සමාව දිය හැකිද?

පුවත්පත බසෙහි මෑත කාලයේ වැරැදි යෙදුම් රැසක්‌ දක්‌නට ලැබේ. මේ කාලයේ අලුත්ම යෙදුම "වේ ප්‍රොaටීන" නම් වේ. මේ "වේ ප්‍රොaටීන" වේයන්ගෙන් සාදාගන්නා යමක්‌ දැයි නොදනිමු. "වේ" යන්න පසුවට යොදාගත් කල්හි මෙය ප්‍රොaටීන වේ. එවිට පැනයකි. කුමක්‌ ප්‍රොaටීන වේද? යන්නයි. මේ "වේ" සිංහල "වේ" යක්‌ නොවේ. ඉංගිරිසි උයෑහ වේ. ඉංගිරිසියෙන් ,උයෑහ, යනු මෝරු වේ. එහෙත් උන් මුහුදේ පිහිනන බතට මාළුවන මෝරුන් නොවේ. මේ මෝරු නම් කිරි සාරය ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. එනම් යොදය සහිත කිරිවලින් යොදය සහිතව මිදුණු කිරි ඉවත් කළ විට ඉතිරිවන සරු බවින් අඩු දියර කොටසයි. මුදවාපු මීකිරි කෑමෙන් පසු ඉතිරිවන කොටසට වතුර දමා නැත්නම් කිරිවලටම වතුර දමා මිශ්‍රකර මෝරු සාදාගත හැකිය. ඇතැම් සයිවර් කඩවල බත් සමග "රසම්" සහ "මෝරු" ද කෑමට සැපයීම සිදු වේ. මේ දෙකම ආහාර දිරවීමට උදව් වේ. 

කලකට පෙර 1960 - 70 දශකවල රතුලූනු අමුමිරිස්‌ දමා රසකළ බෝතල් කළ මෝරු එවක පැවති කිරි මණ්‌ඩලයේ කිරිහල් මගින් විකුණන අවදියේ ඒවා රස කර කර බීවා මතකය. දවල් 10 ට පමණ මෝරු බීවාම 12-1 වන විට හොඳට බඩගිනිය.

"මෝරු" ගැන පැරැණි සම්භාව්‍ය සාහිත්‍යයේ විශේෂයෙන් ජාතක කථාවන්හිද සඳහන් වේ. "මඟුලට සුදුසු කතා දන්නේ උන් පමණක්‌ද?" උන් පමණක්‌ කිරිද? අපි මෝරු වීමුද? මෙයින් හැඟෙන්නේ මෝරුවල යම් ගුණයක්‌ ඇතත් කිරෙහි නියම සරු බව මෝරුවල නැති බවයි. 

වේ ප්‍රොaටීන ගැන කියන මැද වැදි මහතුන් හෙවත් "මාධ්‍යවේදීන්" "වේ ප්‍රොaටීන" යෙහි ශක්‌තිජනක බවක්‌ ගැන කියන්නේ රටින් ගෙනැත් අප රවටන ප්‍රචාරක කෙප්ප නොවේද? කිරෙහි සාරය රැගෙන විශේෂ ආහාර නිපදවා උන්ගේ පරිභෝජනයට ගන්නා පිටරැටියෝ තිරිඟු පිටියෙහි කුරුට්‌ට හා සාරය ගෙන අපට රොටි කන්නට පිටි එවන්නාක්‌ මෙන් අහක දමන මෝරුවලට "ශක්‌තිජනක" යයි තවත් මොනවාදොa එකතු කර ප්‍රචාරක රූප රාමුවලින් අප රවටති. උන්ගේ කෙප්ප සිංහලට පෙරළීම එක දෙයකි. ඉංගිරිසි වචන සිංහල අකුරෙන් ලියා සිංහල කර ගැනීමට තැතනීම තවත් දෙයකි. ඉංගිරිස්‌ දන්නේ නැත්නම් ශබ්ද කෝෂයක පිහිට පැතීම වරදක්‌ නොවේ. උයෑහ නම් මෝරුය. ප්‍රොaටීන නම් මාංශජනක ධාතුය. ප්‍රොaටීන, ප්‍රොaටීන, ප්‍රොaටීන කියා වහරන බොහෝ දෙනකු එය යම් වැදගත් හරවත් හොඳ දෙයක්‌ කියා සිතනු ඇති නමුත් එහි තේරුම මාංශජනක ධාතු බව දන්නේ දැයි සැකය. වේ ප්‍රොaටීන ද එසේය. 

වැරැද්ද ඉංගිරිසි වචන සිංහලෙන් ලියා නොදන්නා විචාරකයන්ගේ විචාර මෙන් බස පමණක්‌ නොව රැසද නසන, කෙප්ප දෙසීමය. රටින් එන බොහෝ "ශක්‌තිජනක" ලේබලය ඇති බොහෝ දෑට වඩා අල, බතල, කොස්‌ පොළොස්‌වල ගුණය සුසන්තිකා ලොවටම පෙන්වා ඇත. අපගේ සාම්ප්‍රදායික පැරැණි ආහාර වට්‌ටෝරුවල ගුණය යළි විමසන්නටත් ඊනියා වේ ප්‍රොaටීනකරුවන් ගෙන් දෙස බස රැස රැක ගැනීමටත් මෙය අවස්‌ථාවක්‌ කර ගනිමු. 

වැරැදි බස්‌ වහර - "ව" කාරයේ විකාරය

"තාත්තා උදේ මං ඉම්බා" ආයා අතේ වඩාගෙන සිටි දරුවා කීවේය. "එහෙම නෙවෙයි බේබි තාත්තා උදේ මාව ඉම්බා" කියන්න. ආයා දරුවාට "ව" කාරය යොදා ඇය දන්නා ලෙස නිවැරැදිව යෙදීමට දරුවාට කියා දුන්නාය. "නෑ නෑ නෑ තාත්තා මං ඉම්බෙ උදේ. ආයාව ඉම්බෙ ඊයෙ හවස. දරුවා මුළු ක්‍රියාදාමයම නිවැරැදිව ප්‍රකාශ කළේය. ඒ මා ව බදාගන්න ගියාම සිදුවන වැඩය. 

සිංහලයට මෑත කාලයේ වද්දාගෙන ඇති "ව" කාරය අනවශ්‍ය නාගරික යෙදුමකි. ඔවුන් මෙලෙස යොදනු ලබන සෑම තැනකදීම "ව" කාරය ඉවත් කිරීමෙන් එකී යෙදුම්හි අරුතට කිසිදු හානියක්‌ සිදු නොවේ. බළලා මීයා ඇල්ලුවේය. මේ පැරැණි යෙදුමකි. අලුත් යෙදුම බළලා මීයාව ඇල්ලුවේය. 

ගමරාළ හරකා දැක්‌කුවේය.
ගමරාළ හරකාව දැක්‌කුවා.
මං ඊයේ ඔයාව දැක්‌කා.
මං ඊයේ ඔයා දැක්‌කා. 

මේ විකාර "ව" කාරය ලේඛ්‍ය ව්‍යවහාරයට හෝ කටවහරට හෝ අනවශ්‍ය යෙදුමකි. නිවැරැදිව ව්‍යවහාර කිරීමට කැමැත්තෝ මේ විකාර "ව" කාරය ඉවත් කර යොදත්වා.

අන්වර්ථ - ආරූඪ නාම දෙකෙහි වෙනස නොදැනීම 

ඇතැම් පුවත් ලේඛකයන් පුද්ගලයන්ට යෙදෙන නියම නමට අමතරව යොදා ගන්නා වෙනත් නම් සියල්ලම පාහේ අන්වර්ථ නාම ලෙස යොදනු දක්‌නට ලැබේ. 

මෙයට හේතුව "අන්වර්ථ" යන වචනයෙහි තේරුම නොදැනීම නිසා විය හැකිය. අන්වය යනු තේරුම හෙවත් අරුතයි. අන්වර්ථ යනු තේරුම අනුව යෙදෙන නමකි. මුනිදාස කුමාරතුංගයනට යොදන "ගුරු දෙවි" සහ මෝහන්දාස්‌ කරම්චාන්ද් ගාන්ධි තුමාට යොදන මහත්මා යන්න එබඳු අර්ථයට අනුව යෙදෙන අන්වර්ථ නාමයන්ය. එහෙත් ලේඛකයන් නියම නම සඟවාගෙන වෙනත් නමකින් එනම් "තාරකී" "පුන්සිසි" ආදී නම් ආරූඪ නම්ය. එනම් ඒවා ආරූඪ කරගත් නාමයන්ය. තවත් විටක පාතාල කෙරුමන්ට යොදන කන්ගැට්‌ටා, අතකොටා, සොත්ථියා, චොප්පෙ වැනි නම් අතරින් ඇතැම් නමක්‌ ආරූඪ නමක්‌ විය හැකි අතර (උදා(- අතක්‌ කැඩී යැම නිසා කොටවීම හේතුවෙන් "අතකොටා") තවත් නමක්‌ තේරුමක්‌ නැති නිසා ආරූඪ විය හැකිය. පුවත් ලේඛකයන් ලියන විට තමන් ලියන සෑම වචනයකම තේරුම් හරිහැටි දැනගෙන ලියන්නේ නම් එය බස පිරිසිදු වීමටද කියවන්නන් ඥනනය වීමටද හේතුවේ.

ඊනියා බුද්ධි අංශය

ඉස්‌සර කිසිම රටක බුද්ධි අංශ තිබුණේ නැත. රට රටවල් අතර තානාපති සේවාවන් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන ලද අතර රහසිගතව ඔත්තු සේවාවන් පවත්වාගෙන යැම කරනු ලැබීය. තොරතුරු නිරතුරුව දස දෙසටම ගලයි. ඉංගිරිසියෙන් පුවත්වලට පියාපත් ඇතැයි කියෑවේ. (භැඅs ය්ඩැ අසබටි) යන්නය) තොරතුරු ඇතැම් විට සිදුවීම්ය. සිදු කිරීම්ය. සොයා ගැනීම්ය. තොරතුරු සියල්ලම පළකිරීම නොකළ මනා වේ. ඇතැම් තොරතුරු කිසිසේත්ම හෙළිකරන්නේ නැත. පුවතක්‌ එළිකිරීමට කියන්නේ අනාවරණය කියාය. එහෙත් අද කාලයේ ඉංගිරිස්‌ ,ඤඩැර්ටැ,ල ඤඩැර වචන බලා පුවත් ආවරණය කරනවා, කවර් කරනවා යනුවෙන් ලොකුවට කියනු ලැබේ. මේවා අන්‍යාර්ථ සමාසද? යළිත් බුද්ධි අංශයට එමු. මේ සිංහලෙන් "බුද්ධි අංශය" කියන්නේ ඉංගිරිසියෙන් ෂබඑeකකසටැබජැ Seජඑසදබ යන්නටය. ඉස්‌සර CගෂගAග (Ceබඑර්ක ෂබඑeකකසටැබජැ Seරඩසජැ) යන්නට පැරැණි සිංහල කතුවරුන් කීවේ ඇමරිකානු මධ්‍යම රහස්‌ ඔත්තු සේවය කියාය.

පසුගිය තිස්‌ අවුරුදු ගැටුම් සමය තුළ අවි ගැටුම් හා ආරක්‌ෂක තත්ත්වය සමාලෝචනය කළ හරවත් ලෙස ලියූ නමුත් ඇතැම් වැරැදි යෙදුම් යෙදූ ප්‍රවෘත්ති ලේඛකයෙක්‌ මුලින්ම මෙම "බුද්ධි අංශය" නම් වැරැදි යෙදුම යෙදුවේය. ඉංගිරිසි ෂබඑeකකසටැබජැ යන්නට "බුද්ධිය" යන ප්‍රධාන තේරුමට අමතරව තවත් තේරුම්ද තිබේ. මලලසේකර ශබ්දකෝෂයෙහි ෂබඑeකකසටැබජැ යන්නට බ (එනම් නාමපදය), ඥනය, උගත්කම, තොරතුරු, ආරංචි යන තේරුම්ද තිබේ. බුද්ධියද එක්‌ තේරුමකි. ෂබඑeකකසටැබජැ Seජඑසදබ යන්නෙහි තේරුම "බුද්ධි අංශය" නොව තොරතුරු අංශයයි. එයිනුත් විශේෂයෙන් ඔත්තු හෙවත් රහස්‌ තොරතුරු අදහස්‌ වේ. එක්‌ අන්‍ය භාෂා පදයකට ඇති තේරුම් ගණනාවක්‌ අතරින් පද සම්බන්ධය හෝ පද සන්දර්භය අනුව අවස්‌ථාවට උචිත ගැලපෙන පදයක්‌ තෝරා ගැනීම හෝ නිපදවා සාදා ගැනීම නියම පරිවර්තකයාගේ කාර්යයයි. එක්‌ වචනයකට තේරුම් බොහොමයක්‌ තිබිය හැකිය. එයින් උචිතම පදය යොදා ගැනීම පරිවර්තකයාගේ හෝ ලේඛකයාගේ කාර්යයයි. එහෙත් ඇතැම් විද්යුත් පෞද්ගලික මැදි වැද්දන්ට නම් අන්‍ය භාෂා වචන එහෙමම සිංහලත් සමග අච්චාරු කිරීම හෝ කොත්තු සෑදීම කජු කනවා වගේ වැඩකි. කරුණාරත්න අබේසේකර හා අනෙක්‌ අබේසේකර සොහොයුරත්, සරත් විමලවීර, ප්‍රේමකීර්ති අල්විස්‌ වැනි කීර්තිධර මාධ්‍යවේදීන් කවරදාවත් සිංහලය පරබස්‌ සමග අච්චාරු සෑදීමට ගත්තේ නැත. වචන යෙදීමට වචන සාදා ගැනීමට වචන සොයා ගැනීමට සුදුසු පදය යෙදීමට සැබෑ මාධ්‍යවේදියා සමතකු විය යුතුය. 

පරිසරය සහ කසළ සමගද උරචක්‍ර මාලය වැනි වචනයක්‌ යෙදෙනු පෙනේ. එනම් "ප්‍රතිචක්‍රීකරණය" යන වචනයය. එයද වායුසමීකරණ යන්ත්‍ර මෙන් යෙදුමකි. සමීකරණ ගණිතයේ යෙදේ. එබඳු සමීකරණයක්‌ වාතය සමගද යෙදේ දැයි නොදනිමු. එහෙත් එකී ක්‍රියාවලියෙන් වාතයේ කර්කශ උෂ්ණය අඩුවී සමනය වීමක්‌ සිදු වේ. ඒ අනුව වඩා උචිත යෙදුම වායු සමීකරණය නොව වායු සමනය යන්නයි.

එසේම මෙම ප්‍රතිචක්‍රීකරණය යන වචනය සාදා ගත්තේ Reජහජකසබට යන ඉංගිරිසි වචනයෙන් බව රහසක්‌ නොවේ. එයට නැවත බයිසිකල් පැදීම යොදා නොගත්තා පුදුමයි. වචනයේ රූපය පසෙක තබා අර්ථය ගත්තේ නම් මෙයට වඩා හොඳ වචනයක්‌ සාදා ගැනීම අසීරු නොවේ. මෙහි තේරුම ඉවතලන දේ යළි යළිත් කුමකට හෝ ප්‍රයෝජනවත් දෙයකට යොදා ගැනීමයි. එනම් නැවත නැවතත් යොදා ගැනීමයි. එනම් යළි යෙදුමයි. පරබස්‌ හෙළ බසට යෙදුමට ලතින් ග්‍රීක්‌ සංස්‌කෘත උවමනා නම් ප්‍රතියෝජනය යන වචනය යොදාගත හැකිය. යළි යෙදුම, පිළියෙදුම, ප්‍රතියෝජනය යන පදයන් අතුරින් සුදුස්‌සක්‌ හෝ එම වදන් කීපයම සුදුසු පරිදි තැනට ගැලපෙන ලෙස යොදාගත්තොත් දිව උලුක්‌කු වෙන ප්‍රතිචක්‍රීකරණයට වඩා නරකද?

ටයිටස්‌ පද්මසිරි
http://www.divaina.com/2013/08/27/feature03.html

2 comments:

Amila Chathuranga said...

කාටවත් නොතේරෙන්න පැරණී වියරණ දාල ලියන එක තමයි පන්ඩිත ගතිය. එහෙම නැතුව තේරෙන්න ලිව්වාම ඒකෙ වියරණ දොස්..
ඔය කරන්න හදන්නෙ මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තියෙන කැමැත්ත පෙලලා දාන එක..

Anonymous said...

පේනවා නේද අමිල චතුරංග බූරුවාගේ බූරු කමේ මහත. දැන් ඉන්න එවුන් කවදාවත් භාෂාව ඉගෙන ගන්නෙත් නැහැ. නිවැරදි කරන්න දෙන්නෙත් නැහැ. උන්ගේ කුණුහරප හොඳයි කියලා හිතාගෙන ඉන්න අමන පාහරයෝ.