Pages

Thursday, August 29, 2013

හෙළ බොදු බිමේදී කසාවතට මැර ප්‍රහාර. පහර කෑ බංගලි හිමියෝ අපවත් වෙති!

රාජගිරිය කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වැඩ විසූ බංගලිදේශ ජාතික බුරාවා නම් හිමිනමක දරුණු ලෙස පහරදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ වැලිකඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයට කඩාවැදී ඇති නාඳුනන මැර පිරිසක්‌ බුරාවා හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා දමා තිබුණේ ඉකුත් 20 වැනිදා රාත්‍රියේදීය.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම හිමියන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28 වැනිදා) අලුයම අපවත් වූහ.

බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

බංගලිදේශ ජාතික හිමියන් වසර කීපයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරමින් සිටි බව පොලිසිය පවසයි. ඉකුත් 20 වැනිදා රාත්‍රි මෙම හිමියන් විහාර භූමිය ඉදිරිපිට නිරුවතින් වැටී සිටියදී එහි විසූ තවත් භික්‍ෂුන් වහන්සේ කීපනමක්‌ විසින් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාර කීපයක්‌ නිසා එම හිමියන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. එම හිමියන්ගෙන් පොලිසිය අවස්‌ථා කීපයකදීම කටඋත්තර ලබා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. 

දින 8 ක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබමින් සිටි බුරාවා හිමියෝ ඊයේ අලුයම අපවත් වූහ. මෙම හිමියන්ට පිරිසක්‌ පහර දෙනු කීපදෙනකු දැක ඇති බවද පැවසේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

වැලිකඩ පොලිසිය සාහසිකයන් සොයමින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

බංගලි හිමිගේ මරුවන් පසුපස පොලිසිය පන්නයි. කලපළුවාවේ පන්සල් භූමියේදීම දරුණු ලෙස පහරදී ඝාතනය කරලා
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/08/29/news01.html

0 comments: