Pages

Wednesday, August 21, 2013

ධීවර සම්පත් කොල්ලකන ඉන්දීය ධීවරයන් ගැන ටී.එන්.ඒ සද්ද නෑ

කිසිදු වැදගත්කමක් නොමැති ප‍්‍රශ්න ගැන ඉන්දියාවට ගොස් කතා කරන ටී.එන්.ඒ සංවිධානය,උතුරේ ධීවර ජනතාවගේ මත්ස්‍ය සම්පත මංකොල්ල කෑමට පැමිණෙන ඉන්දීය ධීවරයන් පිළිබදව වචනයක්වත් කතා නොකරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

ඉන්දීය ධීවරයන් උතුරු මුහුදු සීමාව ආක‍්‍රමණය කරමින් මෙරට ධීවරයන්ට අයත් මත්ස්‍ය සම්පත කොල්ල කා ගැනීම නිසා  මෙරට ධීවරයන්ට මත්ස්‍ය සම්පත අහිමි වී තිබෙන බවද ඔහු සදහන් කළේය.

රජයක් වශයෙන් සහ අමාත්‍යංශයක් වශයෙන් මේ සදහා සිදුකළ හැක් ක‍්‍රියාමාර්ගයන් වලින් එකක් වන්නේ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම බවත් එහෙත් දිනපතා විශාල පිරිසක් නීතිවිරෝධී ආකාරයට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා එම කටයුත්තද අසීරු වී තිබෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව මෙම ගැටලූව විසදාගැනීම සදහා රාජතාන්ත‍්‍රික මට්ටමින් සාකච්ජා පැවැත්වීමට කටයුතු කළ බව  අමාත්‍යවරයා කියා  සිටියේය.

එහෙත් උතුරේ නැති ප‍්‍රශ්න ගැන කතා කරන දෙමළ ජාතික සංධානය උතුරේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් මංකොල්ලකාගෙන යෑම වැලැක්වීමට ඉන්දියාව සමග වචනයක්වත් කතා කර නොමැති බවද හෙතෙම සදහන් කළේය.

August 20, 2013 at 10:10 am | lanka C news

0 comments: