Pages

Tuesday, August 27, 2013

සනත් සිවුරු පෙරවීම - භික්ෂුන්ගේ ප්‍රතිචාර

ප‍්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක විසින් ලබා ගෙන සිටින කාවකාලික පැවිදිකම සමස්‌ත සංඝ සමාජයම නිග්‍රහයට ලක්‌කිරීමක්‌ බවත් මෙමගින් භික්‌ෂූත්වය හෑල්ලු වන බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති.

ශාසනික හැගීම ඇති ගිහි හෝ පැවිදි අයකු මෙවැනි ක්‍රියාවන්ට අනුබල නොදෙන බවත් පවසන උන් වහන්සේ නළුකම උදෙසා ආරාමිත ජීවිතයකට ඇතුළත් නොවිය යුතු බවත් ආරාමිත ජීවිතයට ඇතුළත් වන්නේ නම් ගිහිගෙයින් වෙන්ව ගිහි සම්පත් අතහැරිය යුතු බවත් ප‍්‍රකාශ කරති.

‘සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි වූවා නම් එය ශාසනයේ ගෞරවය කෙලසීමක්. පැවිදි වීමේදි ආරාමික ශාසනික සම්ප්‍රදාය අනුගමනය කිරීමක් සිදුවෙලා නැහැ. පැවිදි දිවියට ඇතුළත් වෙද්දි පැවිද්ද ඉල්ලන්නේ’ සබ්බ දුක්ඛ, නිස්සරණ කියා පවසන වාක්‍ය, ඒ කියන්නේ සසර දුකින් අත්මිදිම පිණිස මාව පැවිදි කරන්න කියා තමයි ඉල්ලන්නේ. එහෙත් සනත් කියන්න ඇත්තේ මගේ රඟපෑමේ වැඩිදියුණුව ඉටුවීම පිණිස, ජනප්‍රියවීම පිණිස මාව පැවිදි කරන්න කියලා.

ඉල්ලන්න ඇත්තේ. ‘අගාරස්මා අනගාරින් පබ්බජි’ කියන්නේ ගීහිගෙයින් නික්මී පැවිදිකමට එනවා කියලා. සියලු වත් පිළිවෙත්වලට මේ දේ සිදු වුණා නම් එහෙම දෙයක් වෙනවාද මෙතැන. පැවිදි විය යුත්තේ ගීහි ජීවිතෙන් ඉවත් වෙලා සියලු සම්බන්ධකම්වලින් නිදහස් වෙලා පවුල් ජීවිතයෙන් ඉවත්වෙලා, අපි කියන්නේ සිවුර නළුකම පුහුණු කරගැනීමට යොදා ගැනීම ශාසනික ගෞරවය විනාශ කිරීමක්. මෙහිදි වංක අදහසක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳ මාධ්‍යවලට කියලා මාධ්‍ය මඟීන් ප්‍රචාරය කරල තමයි මේ පැවිදිවීම කරලා තිබෙන්නේ. මේ කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්. ශාසනික සදාචාරය විහිළුවට ලක් කිරීමක්. භික්‍ෂුත්වය හෑල්ලු කිරීමක්. මෙය කිසිදු බෞද්ධ භික්‍ෂුවක් අනුමත කරන ක්‍රියාවක් නොවේ. කිසිම බෞද්ධයෙක්ද අනුමත කරන ක්‍රියාවක් නොවේ’ යනුවෙන්ද සෝභිත හිමියෝ කියා සිටිති.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

සමහරු විවිධ නාට්‍ය චිත්‍රපට සඳහා භික්‍ෂු චරිතයකට පණ පොවන්න එම චරිතයට සාධාරණත්වයක් ලබා දිමට මෙමගින් උත්සාහයක් ගන්නවා. මෙම පැවිදිවීම ගැටලුවක් නැහැ. ඒ සඳහා තමයි තාවකාලිකව පැවිදි වෙන්නේ. මේ ආකාරයට සාමණේර අයුරින් පැවිදි වුණා කියලා භික්‍ෂුවකගේ ගණයට වැටෙන්නේ නැහැ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි. සාමණේරයන් ලක්‍ෂයක් හිටියත් වැඩක් නැහැ උපසම්පදා භික්‍ෂුවක් නැතිව. උපසම්පදාවට පත්වුවහොත් පමණයි භික්‍ෂුවක් විදියට පිළිගන්නේ. තමන්ට දවස් 10ක් සාමණේර අයුරින් ඉන්න අවශ්‍යනම් පන්සිල් සමාදන් වෙලා සාමණේර විදියට ඉන්න පුළුවන්. මේ සිද්ධිය ශාසනික විරෝධී ක්‍රියාවක්වත් සාම්ප්‍රදාය විරෝධී කතන්දරයක්වත් නොවේ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි.

රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි 

චිත්‍රපටයකට අත්දැකීමක් හෝ පෙරහුරුවක් ලබාගැනීම සඳහා නීත්‍යනුකූල අයුරින් මහණ වුණානම් ඒ තරම් තවත් බලු වැඩක් නැහැ. බුදු දහමට ළැදිව ඒ අනුව කටයුතු කිරීම සඳහා බුදු දහම එල්බ ගැනීම සඳහා සද්භාවයෙන් මහණ වූවානම් එය උතුම් ක්‍රියාවක්. මහණ වීමේ අත්දැකීමක් ලබාගෙන චිත්‍රපටවල රඟපාන්න පැවිදි වෙන්න ශාසනය අම්බලමක් නොවේ. තමන්ට ඕන ඕන දේවල් පුහුණු වෙන්න ශාසනය මඟීන් බැහැ. ශාසනික සම්ප්‍රදාය පිළිගෙන සද්භාවයෙන් මහණ වුණා නම් සතියක්ද දවස් දෙකක්ද කියලා ඊට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පාඨලී චම්පික මහත්තයාත් මහණ වුණේ චිත්‍රපට සඳහා පෙරපුහුණුවක් ගන්න ශාසනය පාවිච්චි කරන්න බැහැ. මහණවීමේ බෞද්ධ සම්ප්‍රදාය අවබෝධ කරගෙන රඟපානවා කියන්නේ කොපමණ දුෂ්ට වැඩක්ද. ඔය මහත්තයාව මහණ කරවපු ඇත්තෝත් මේවා දැනගන්න ඕනෑ. මහණ කරවද්දි එහි අරමුණ දැනගෙන නොවෙයිද ඒ ඇත්තෝ මහණ කරලා තිබෙන්නේ.

පිරිතක් කියද්දිත් දැහැත්දිලා හාමුදුරුවන්ට අරමුණ පැහැදිලි කරන්න ඕන. රඟපෑම සඳහා පෙර පුහුණු වන්න අත්දැකීම් ලබා ගන්න ඕන නම් ශාසනයට එන්නේ නැතිව වෙන ඕන තැනක් හොයා ගන්න ඕන.

සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි

භික්‍ෂු ජීවිතයක් කියන්නේ රඟපෑම්වලට භාවිත කරන දෙයක් නොවේ. පැවිද්දත්වය කියන්නේ ජීවිතය පිළිබඳ අවබෝධකර ගැනීමක්. ශාසනය කියන්නේ ජීවිතය එතෙර කරවීමට තිබෙන මාර්ගයක්. පැවිදි බවට පත්වෙලා තමන්ගේ ජීවිතය යහපත් අතට පත්කර ගත යුතුයි. කුසල් දහම් රැස්කරගත යුතුයි. පැවිද්ද කියන්නේ සිත සකස් කරගැනීම, සිත මනා ලෙස පාලනය කර ගැනීම. ශාසනයට එන්නත් පුළුවන්. ඇවිල්ලා යන්නත් පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොරුන් මංකොල්ලකරුවන් පවා පැවිදි වූවා.

නමුත් ඔවුන්ගේ අරමුණු වෙනස්. ඔවුන් පැවිදි වූයේ පටු අරමුණු ඇතිවයි. අපි හිතනවා සනත් ගුණතිලක මහත්තයාගේ සිතුවිල්ල යහපත් අයුරින් පැවිදි වූවානම් පැවිදි බවේ සුවතාව අවබෝධකරගෙන ලෝකයාව යහපත් මාර්ගයක් වෙත ගෙන යන්න කටයුතු කරයි කියලා. එහෙත් පැවිදි වූයේ චිත්‍රපටය රඟපාන්න පුහුණු වන්න නම් එය බරපතළ වැරැද්දක්. භික්‍ෂුවකට රඟපෑම් සිද්ධ කිරීම බරපතළ පාපයක්. ඒ සඳහා කටයුතු කළ අනෙකුත් භික්‍ෂුන් පවා මේ මඟීන් කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්.

August 27, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/100035/

මුල් පුවත -
[
සනත් ගුණතිලක පැවිදි වෙයි
ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත්  පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.

- චන්දන කාරියවසම් / Rivira
August 26, 2013 at 10:14 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99987/
]

සබැඳි ලිපි -
[
සනත් ගුණතිලකගේ පැවිද්ද සංඝ සමාජයට නිග්‍රහයක්‌ - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1728.html
]

2 comments:

EMoneyBlog said...

උසස් ශිලයක් කෙටිකලකට හෝ සමාදන්වීම මගින් හම් පුද්ගලයකුගේ මෙතෙක් නොතිබූ හික්මීමක් ඇතිවෙනවා නම් හොදයි.

Amila Chathuranga said...

අනේ හොඳයි කාටහරිහොඳක් වෙනවනම් සිවුරක් දාගත්තම මොකද වෙන්නෙ.