Pages

Friday, August 23, 2013

පොදු රාජ්‍ය සමුළුවට ගැන තවමත් තීරණයක් ගෙන නෑ – ඉන්දීය විදේශ කටයුතු ඇමති

ලබන නොවැම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා සහභාගීවීම පිළිබදව ඉන්දීය රජය රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමෙන් තවමත් තීරණය කර නොමැතිබව එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මහතා ඉන්දීය රාජ්‍ය සභාවේදී නැවත වරක් අනාවරණය කර තිබේ.

”මාර්තු මාසයේදී තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් මෙන්ම පුදුචෙරි ප‍්‍රාන්තයෙන් අපේ රජයට ලැබුණ ලිපිවලින් කියවුණේ මෙම සමුළුවට සහභාගී වෙන්න එපා කියලයි. තවමත් අපි රාජ්‍ය මට්ටමින් මේ සමුළුවට සහභාගීවීම පිළිබද තීරණයක් අරගෙන නෑ.”යැයි ඔහු පැවසීය.

එසේම පනීත් කවූර් මන්ත‍්‍රීවරියද සදහන් කළේ පවතින තත්වයන් හොදින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සමුළුවට සහභාගී වීම පිළිබදව තීරණයක් කරන බවයි. එසේම සමුළුවට සහභාගී නොවීමට 2009 වසරේදී තීරණය කර තිබු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම විවාදයේදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය කුර්ෂිඞ් මහතා සදහන් කළේ 13 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට අදාළව ශ‍්‍රී ලංකා රජය ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබදවද අවධානයෙන් පසුවන බවයි.

http://lankacnews.com/sinhala/news/99826/

0 comments: