Pages

Sunday, August 25, 2013

මැරීමට තහනම් මී ගවයින් 36ක් මසට ගෙනයමින් සිටි මුසලුවන් සහ ලොරියක් අත්අඩංගුවට

මරා දැමීමට තහනම් සතෙකු වන මී ගවයින් 36 දෙනෙකු නිති විරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විශාල ලොරි රථයක් සමග කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් රාත‍්‍රීයේ හොර රහසේ මී ගවයන් ප‍්‍රවාහනය කරමින් සිට ඇති අතර උපුල්දෙනිය, ගලෙන්බිඳුනුවැව මාර්ගයේ අමුණුකොලේ හංදියේදී මෙම ලොරි රථය පිළිබඳ සැක සිතී රාත‍්‍රී මුර සංචාරයක නිරත වෙමින් සිටි කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක් කර ඇත. ඒ අවස්ථාවේ ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කිසිදු නිතිමය ලියවිල්ලක් ඔවුන් ළඟ නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගවයන් මස් පිණිස මරා දැමීම සදහා මාතලේ ප‍්‍රදේශයට රැගෙන යන බවට පොලීසිය කරුණු අනාවරණය කර ගෙන ඇත.

2013 අගෝස්තු 25  11:00 a:m - අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසුරිය
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=16474:-36-&catid=34:news&Itemid=62

0 comments: