Pages

Wednesday, August 21, 2013

ද්‍රවිඩ සන්ධානයේ යුද අපරාධ වීඩියෝ පට රජයෙන් නවි පිල්ලේ වෙත

යුද අපරාධ සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානයද වගකිව යුතු බව දක්‌වන වීඩියෝපට මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත යොමු කිරීමට රජය තීරණය කර ඇත.

වන්නියේ කොටි බංකර්වල තිබී සොයාගත් වීඩියෝ පට රැසක ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයෝ සහ කොටින්ගේ රහස්‌ සාකච්ඡා පටිගත වී තිබේ. මේ වීඩියෝ පට ආරක්‌ෂක බලධාරීන් විසින් සොයාගෙන ඇත.

කොටි සංවිධානයේ උපදෙස්‌ මත ද්‍රවිඩ සන්ධානය ක්‍රියාත්මක වූ බවට මෙම වීඩියෝ පට හා ලියකියවිලි සාක්‌ෂි දරන බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පවසයි.

රජය මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට විමර්ශනයක්‌ කරන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නවි පිල්ලේගෙන් ඉල්ලා සිටින බවට පැවසීම නිසාය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/21/news20.html

0 comments: