Pages

Monday, September 21, 2015

අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් - රජගල සෙල්ලිපියෙන් හෙළිවෙයි

Rajagalaසෙල්ලිපි හෝ නටබුන් කී සැණින් අපට සිහිවනුයේ අනුරාධපුර, ‍පොළොන්නරුව වැනි ඓතිහාසික නගර බව නොරහසකි. එයට ප්‍රධාන හේතුව ගෙවුණ සියවසේ සිරිලක සිදුකළ පුරාවිද්‍යාත්මක
කැණීම් හා ගවේෂණවලින් බහුතරයක් එම ප්‍රදේශ කේන්ද්‍ර කර සිදුකිරීමත්, ඒවායෙන් සොයාගත් ඓතිහාසික උරුමයන් නොමද ජනතා අවධානයට ලක් වීමත්ය. එහෙත් හෙළයාගේ පේ‍රෟඪ ඉතිහාසය ඓතිහාසික රාජධානි දෙකකට සීමා වී නොතිබුණ බව දැන් දැන් තහවුරු වෙමින් පවතී. අනාදිමත් කාලයක් පුරා මහ ‍පොළොවට යටවීමෙන්ද, ඝන වනය විසින් ගිල ගැනීමෙන්ද ලෝකයෙන් සැඟව තිබූ හෙළයාගේ අද්විතීය උරුමයන් පිළිබඳ ඓතිහාසික සාධක රැසක් මේ දිනවල අම්පාරට නොදුරු රජගල ප්‍රදේශයේ සිදුකරන කැණීම් මගින් මතුකර ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අංශයේ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත්ව ඇත.

Rajagala3රජගල කැණීම් ජාතියේ අවධානයට යොමු වන්නට පටන් ගත්තේ එම ප්‍රදේශයෙන් ආරාම සංකීර්ණයක නටබුන් හා සෙල්ලිපි සොයා ගැනීමත් සමගය. ක්‍රි.පූ. 01 වෙනි සියවසේ රජ කළ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජ දවස ගොඩනැගූ මෙකී ආරාම සංකීර්ණය ගිරි කුම්බිල තිස්ස පබ්බත විහාරය ලෙසින්ද හඳුන්වයි. ඒ රජගල කැණීම් සම්බන්ධ අතීත තොරතුරුය.

මීට සති කිහිපයකට පෙර රජගල ප්‍රදේශයෙන් තවත් අද්වතීය  පුරාවිද්‍යා සාධක කිහිපයක් සොයා ගෙන තිබේ. එලෙස සොයා ගත් දේ අතර ඉතා දුලබ පුරා වස්තුවක් ලෙස සැලකෙන ගල් ඔරලෝසුවක්, ශෛලමය පාත්තර දෙකක් ද ඇතුළුව සෙල්ලිපි ගණනාවක්ද වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

රජගලින් සොයාගත් ගල් ඔරලෝසුව මහා වංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවල කාලසන්ධී යන නමින් හඳුන්වා දෙයි. පැතැලි හැඩයෙන් සහ වෘත්තාකාර පෙනුමින් යුත් මෙම කාලසන්ධිය මතට   හිරුඑළිය   වැටෙනා ආකාරය  නිරීක්ෂණය කර එමගින් වේලාව තීරණය කිරීම සිදුකළ හැක. මීට පෙර අභයගිරි පරිශ්‍රයේ සිදුකළ කැණීම් මගින්ද මීට සමාන කාලසන්ධියක් හමුවී තිබේ.

රජගල ආරාම සංකීර්ණයක් ලෙසින් පැවැති බැවින් මෙම කාලසන්ධිය ද භික්ෂු සමාජයේ ප්‍රයෝජනය පිණිස භාවිතා කළ එකක් විය හැක. විශේෂයෙන්ම ප්‍රධාන ආරාම සංකීරණයෙන් බැහැරව වනගතව භාවනා යෝගීව සිටිනා භික්ෂුන් වහන්සේලාට කාල හෝරා දැන්වීමට සිදුකරණා ගෙඩි ගැසීමේ ක්‍රියාවට මෙම කාලසන්ධියෙන් වේලාව දැනගන්නට ඇතැයි උපකල්පනය කළ හැක. රජගලින් සොයාගත් මේ කාලසන්ධිය ක්‍රි.ව. පස්වෙනි සියවස හෝ ඊට ආසන්න යුගයකට අයත් එකක් බව ප්‍රදේශයෙන් සොයාගත් සෙසු පුරාවිද්‍යා සාක්ෂිවලට සමාන්තරව සිදුකරනා විශ්‍ලේෂණ මගින් තීරණය කළ හැක.

සෙල්ලිපි සම්බන්ධ රජගලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ සෙනරත් පරණවිතාන මහතා පවා රජගල සෙල්ලිපි කියවා ඇත. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සහ ඉට්ඨිය මහරහතන් වහන්සේගේ ධාතූන් රජගල ප්‍රදේශයේ නිදන් කර ඇති බව මුලින්ම නිරාවරණය වනුයේ එකී සෙල්ලිපි අනුසාරයෙනි.

මේ දිනවල රජගල සිදුකරන කැණීම්වලදීද සෙල්ලිපි පහකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත. මෙම සෙල්ලිපි ක්‍රි.ව. 9 වැනි සියවසට අයත් ඒවාය. එම සෙල්ලිපි අනුසාරයෙන් අතීත හෙළයන්ගේ ජීවන රටාවන් හා කලා උරුමයන්  පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් නිරාවරණය කර ගත හැකිව තිබේ. 

රජගල පර්වතය එක ගඩොලින් කරන ලද විහාර දෙකක් තිබි ඇත. එකී විහාර දෙක වටකරමින් මීටර් 80*12 ප්‍රමාණයේ ප්‍රාකාරයක්ද  තිබි ඇති අතර නටඹුන්ව ගිය එකී ප්‍රාකාරයේ දොරටුවක් අසලින් සොයාගත් සෙල්ලිපියක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. එකී සෙල්ලිපිය මගින් එම ප්‍රාකාරය ඉදිකිරීමට ධනය පරිත්‍යාග කළ පුද්ගලයකු ගැන කියැවේ.

Rajagala2නාටක සා ගෙහි
ලහශ්නා පළෙළු
දහම් සෙත් වත් හිමියන් .............

ආදී වශයෙන් සටහන් වන එම සෙල්ලිපියේ සරල අරුත නම්

නාටක ශාලා ගබනයේ
සළාක පත් නිකුත් කරනා
දනව් වසන් නමැති අය
මේ ප්‍රාකාරයට රන්
කළඳක් පරිත්‍යාග කර මතු බුදු බව පතයි

යන්න බව එකී සෙල්ලිපිය කියවූ පුරාවිද්‍යා ප්‍රවීණයෝ පවසති. 

මෙම සෙල්ලිපිය මගින් රජගල ආරාම අවට හෝ රාජධානියේ කොතනක හෝ නාටක හෝ නැටුම් රඟ දක්වන ශාලාවක් තිබුණ බව හඳුනා ගත හැක. එපමණක්ද නොව එම ශාලාවේ ළහන්නා කෙනකු (සලාක නිකුත් කරනා) සේවය කර ඇති බවද අපට වටහා ගත හැක. එම නිසා අතීත ලාංකිකයා සතු නාට්‍ය කලා සම්ප්‍රදායක් තිබූ බව අපට වටහා ගත හැක. එපමණක්ද නොව ප්‍රවේශ පත්‍ර (සළාක) ලබා නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පර්ශදයක් අතීත ලංකාවේ  තිබූ බවද මෙමගින් වටහා ගත හැක. මේ සියලු සාධක තහවුරු කරන්නේ ක්‍රි.පූ. 9 වැනි සියවසේ තරම් ඈත යුගයේ පවා ලාංකිකයා සතු දියුණු නාට්‍ය සම්ප්‍රදායක් මෙන්ම නාට්‍ය නරඹන සංස්කෘතියක් අපට උරුමව තිබූ බව නොවේද? මෙම සාධක වඩාත් වැදගත් වනුයේ අතීත ලාංකිකයා සතුව ප්‍රාසාංගික නාට්‍ය කලාවක් නොතිබෙන්නට ඇතැයි වර්තමාන නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා දරනා මතය වැරදි සහගත බව මෙම සෙල්ලිපිය මගින් තහවුරු වන නිසාය.
රජගලින් සොයා ගත් දැවැන්ත ශෛලමය පාත්තර දෙකද සුවිශේෂී තැනක් ගනී. වැඩුණු පුද්ගලයන් පස්දෙනකුට පමණ ඉඩකඩ සහිතව සිටිය හැකි තරමට විශාල මෙම ශෛලමය පාත්තර ජලය ගබඩා කිරීමට යොදා ගන්නට ඇති බව විශ්වාස කළ හැක. මෙම පාත්තර වෙත පිටතින් ජලය ගෙනවිත් ගබඩා කර තබන්නට ඇතැයි සිතිය හැක. එලෙසින් ජලය පිටතින් ගෙන ඒමට භාවිත යැයි සැලකෙන භූගත ජල මාර්ගයක්ද සොයා ගැනීමට හැකිව ඇති අතර ඉදිරියේදී ඒ සියල්ල පුරාවිද්‍යානුකූලව තහවුරු කිරීමට මෙම කැණීමට දායක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් බලා‍පොරොත්තු වෙයි.

ප්‍රධාන මාර්ගයෙන් කි.මී. 10ක් පමණ ඈතට වන්නට ඝන වනාන්තරයක්ද මැද සිදුකරනා මෙම දුෂ්කර අභ්‍යාසයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසු සිසුවියන් කණ්ඩායමක් සක්‍රීයව දායක වෙයි. මේ අසීරු ව්‍යායාමය ඔවුනට ලැබ දෙන්නේ මිල කළ නොහැකි අත්දැකීමකි. මහාචාර්ය පී.බි. මඩවල මහතා මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන අතර මහාචාර්ය පද්මසිරි කන්නන්ගර හා ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මෙහි උපදේශකවරුන් ලෙස ක්‍රියාකරයි. ශ්‍රී ජයවර්ධනපුර  සරසවියේ ඉතිහාසය අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇතුළු ඇදුරුමඩුල්ලක් මෙම කැණීම් ව්‍යාපෘතියට අඛණ්ඩව සම්පත් දායකත්වය ලබාදෙයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
ලක්බිම

සබැඳි ලිපි -
[
වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්http://denethharinna.blogspot.com/2015/09/1100.html
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_43.html
තඹාල රිනායිපුර පුරාවිද්‍යා කැණීම්වලින් ඉපැරණි ස්‌ථූපයක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_10.html
රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/300.html
අනුරපුර විජයාරාම පුරාණ විහාර භූමියෙන් මහායාන සූත්‍ර පාඨ ලියූ තඹ පතක්‌ හමුවෙයි
http://denethharinna.blogspot.com/2015/08/blog-post_84.html
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක්‌ තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක්‌ ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

2 comments:

විමුක්ති හිමි KD said...

බොහෝම වැදගත් තොරතුරක්. ස්තුතියි.
පස්වෙනි ඡේදයේ එක් තැනක ගෙඩිං ගැසීවේ ක්‍රියාවට යනුවෙන් තැනක්වේ. මා දන්නා පරිදී එහි ගෙඩිං නොව ගෙඩිය විය යුතුයි.

දෙනෙත් හරින්න ! said...

ස්තුතියි! නිවැරදි කළෙමු!