Pages

Monday, September 7, 2015

බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ. බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා - මෝදි

බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය ලෙස සංවර්ධනය කරන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව හා බෞද්ධ ලෝකය අතර සබඳතාව දියුණු කිරීම සඳහා බුද්ධගයාව ආධ්‍යාත්මික අගනගරය ලෙස දියුණු කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. 

ඉකුත් සෙනසුරාදා බුද්ධගයා විහාරය වැඳ පුදා ගත් අගමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර ඇත.

බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ බවද මෙහිදී මෝදි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

චතුර පමුණුව 
http://www.divaina.com/2015/09/07/news04.html

1 comments:

Unknown said...

විහිළු. ලංකාවේ සිංහල බෞද්ධයන් අන්දන්න හදනවා. යහපාලනයට ඡන්දය දුන්න මෝඩ මි හරක්ට නම් මෝඩිගේ කථා මාර නිවුස්. ඉන්දියාවේ ඉතිහාසයවත් නැති අපේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කරගන්න මේ තරම් කල් පහළ නොවුන ඕනැ කමක් මෝඩිට අළුතින් පහළ වෙලා. හින්දු උද්දච්ඡ කම ඔළුවේ තියාගෙන ඉන්න මේ මිනිහා අගමැති උන දවස්වල ලංකාවට පැමිණෙන්න කියලා මහින්ද කරපු ආරාධනාවට කෙළින් උත්තරයක් නොදුන්නට වෙන කථාවක් නම් කියලා තිබුණා.
එයා කිව්වා එයා ලංකාවට ආවම ඉස් ඉස්සෙල්ලාම යන්නේ නුවරඑළියේ “සිතා‘ කෝවිලට බව. ඒ සිංහල අපට දුන්න කනේ පාරක් කියලාවත් තේරුම් ගන්න බැරුව මෝඩ පත්තර කාරයෝ මෝඩිව පුම්බන විදිය අපි බලාගෙන හිටියේ මහා අප්පිරියාවකින්.
එහෙව් කියපු එකා ලංකාවට ආවේ ඒකලගේ කුමන්ත්‍රණය සාර්ථක වෙලා මහින්ද යැව්වට පස්සේ. ඇවිත් මොට්ට පත්තරකාරයන්ටයි යහපාලන මි වස්සන්ටයි වමාරලා කන්න තවත් තණකොළ මිටියක් දාලා යනවා. ඒ අනුරාධපුර ශ්‍රි මහා බෝධි වන්දනාව. අද වෙන කොට මොකද වෙලා තියෙන්නේ?
මේ හැම සුත්තරයකින්ම පස්සේ ඉන්දියාවේ දිර්ඝ කාලීන සැලැස්ම ක්‍රියාත්මක වෙලා. ලංකාවම ඉන්දියානුකරණය කිරීමේ අවසන් පියවර.
අනේ අර ගොබ්බ රැළ තවමත් සාදුකාර දෙනවා.