Pages

Wednesday, September 23, 2015

උසාවි ගිනි තැබී යැයි චූදිත, විල්පත්තු බද්දුදීන්ට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌! නැගෙනහිර සිහලුන් වෙනුවෙන් සිටින දයා ගමගේට 1යි!

නව කැබිනට්‌ අමාත්‍යවරුන්ට අයත් විෂයයන් හා රාජ්‍ය ආයතන පැවරීමේදී වැඩිම ආයතන ප්‍රමාණයක්‌ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට හිමිව ඇති අතර තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එක්‌ රාජ්‍ය ආයතනය බැගින් පවරා දී තිබේ.

ඇමැතිවරුන්ගේ විෂයයන් බෙදීමේ ගැසට්‌ නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌ පවරා ඇත.

ලංකා සතොස, සළුසල, වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා සීනි සමාගම ද එම අමාත්‍යාංශයට අයත්ය. 

ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් දක්‍ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට ගාලු උරුමය පදනම යන ආයතන පමණක්‌ පවරා තිබීම විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්‍ෂක අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන 14 ක්‌ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 17 ක්‌ ද හිමිව ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ආයතන 20 ක්‌ හිමිව ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ මෙතෙක්‌ පැවැති සියලු රජයේ බැංකු හා එහි පාලිත සමාගම් ද ඒ ආශ්‍රිත ආයතන ද මෙවර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට පවරා ඇත. රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම්, මහා භාණ්‌ඩාගාරය ඇතුළු ආයතන 26 ක්‌ මුදල් ඇමැතිවරයාට පවරා තිබේ.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව හා එහි පාලිත සමාගම් ද තවත් අමාත්‍යාංශ කිහිපයක තිබූ රාජ්‍ය වැවිලි සංස්‌ථාව, ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය, ශ්‍රී ලංකන් එයාර් ලයින්, කුරුණෑගල, හලාවත, ගල්ඔය වැවිලි සමාගම්, කජු සංස්‌ථාව හා මිහින් ලංකා ආයතනය ඇමැති කබීර් හෂීම් මහතාට පවරා ඇත.

පසුගිය ඇමැති මණ්‌ඩලයේ ඇමැති රාවුෆ් හකීම් මහතා යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරිය මෙවර ඇමැති චම්පික රණවක මහතාට ලබා දී තිබේ. හකීම් ඇමැතිවරයාට ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ලබා දී ඇත. ඇමැති චම්පික රණවක මහතාට ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව ඇතුළු ආයතන 03 ක්‌ ලබා දී තිබේ.

සංස්‌කෘතික අමාත්‍යාංශය සතුව පැවැති මධ්‍යම සංස්‌කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර්හෝල් පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය, ජාතික කලා මණ්‌ඩලය, අපේ ගම, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්‌ථානය මෙවර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට පවරා තිබීම විශේෂත්වයකි.

ඉඩම් අමාත්‍යාංශයට අයත් විෂයයක්‌ නොවූ කන්තලේ සීනි සමාගම මෙවර ඉඩම් ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාට ලබා දී ඇති අතරම රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය ඇමැති මනෝ ගනේෂන් මහතාට පවරා තිබීම තවත් විශේෂත්වයකි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන ඇමැති ලෙස ගැසට්‌ පත්‍රයේ නම් කර ඇති අමාත්‍යාංශයට කිසිදු විෂයක්‌ පවරා නොමැත.

මීට පෙර ඇමැති මණ්‌ඩලයේ විදේශ ඇමැතිට පවරා තිබූ ටෙලිකොම්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව හා තොරතුරු තාක්‍ෂණ උද්‍යාන මෙවර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට පවරා ඇත. දිවිනැඟුම, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය ඇතුළු ආයතන රැසක්‌ ඇමැති එස්‌. බී. දිසානායක මහතාට ලබා දී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැති වීS අලෙවි මණ්‌ඩලය මෙවර ග්‍රාමීය කර්මාන්ත ඇමැති පී. හැරිසන් මහතාට පවරා ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය හා මහපොළ අරමුදල සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට පවරා ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/09/23/news06.html

Pic Source

සබැඳි ලිපි - 
[
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිතිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

1 comments:

Anonymous said...

මේ මුස්ලිම් අන්තවාදියාට විශාලවශයෙන් සල්ලි ගැවසෙන අමාත්‍යාශයක්දීම ආණ්ඩුවකල බරපතල වැරැද්දක්.

මූ දැන් මේ සංස්ථා සහ ආයත්නටික හලාල් කරයි. සිංහල මිනිසුන්ගේ සල්ලි වංචාකරයි.

මුංගේ ග්‍රැන්පාස් මට්ටකුලිය පැත්තේ තියන හොර ගුහාවල තමයි මුං පරණ ආහාර නැවත දිනේ වෙනස්කර පැකට් කරන්නේ, නිතිවිරෝදි දේවල් ආහාරවලට මිශ්‍ර කරන්නේ.

මේ ආයතනවල වැඩකරන සිංහලුන් පලවා හැර මුස්ලිමුන් දාගනී( සුළු සේවකයාගේ සිට ඉහල කලමනාකරු දක්වා).