Pages

Wednesday, September 9, 2015

මුසලු අන්තවාදීන් වැනසූ දීඝවාපී පුදබිම සංරක්‌ෂණට! දීඝවාපීයේ සංරක්‌ෂණ කටයුතු සිදුකර ලෝකයේ විශාලතම චෛත්‍ය ඉදි කරනවා - දයා ගමගේ

ඓතිහාසික දීඝවාපී චෛත්‍ය සංරක්‌ෂණ කටයුතු සිදුකර ලෝකයේ විශාලම චෛත්‍ය ඉදිකරන බව අම්පාර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා දයාසරණ සංවර්ධන පදනමේ සභාපති දයා ගමගේ මහතා පැවසීය.

දයා ගමගේ මහතා මේ බව සඳහන් කළේ පසුගිය පෝය දින දීඝවාපිය වන්දනාමාන කිරීම සඳහා පැමිණි අවස්‌ථාවේදීය.

විහාරාධිකාරී පණ්‌ඩිත මහඔය සෝභිත හිමියන් සමඟ චෛත්‍යයේ සංරක්‌ෂණ කටයුතු සිදු කරනු ලබන අයුරු හා දීඝවාපිය වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන සැදැහැවතුන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

දැනට පවතින අයුරු චෛත්‍ය සංරක්‌ෂණය කර මූලික සංරක්‌ෂණ ඉදිකිරීම නවතා දමා පසුව මෙම චෛත්‍යය නැරඹිය හැකි ආකාරයට පිටතින් ආවරණය කරනු ලැබූ චෛත්‍යයක්‌ ඉදිකරනු ලබන බව දයා ගමගේ මහතා මාධ්‍යයට පැවසීය.

මෙහි ඇස්‌තමේන්තු වියදම රුපියල් මිලියන 3,000 ක්‌ වන බවත් දැනට චෛත්‍යයේ අනුරුවක්‌ තනා ප්‍රදර්ශනය කර ඇති ස්‌ථානයට සැදැහැවතුන් විසින් රුපියල් ලක්‍ෂ 48 ක්‌ පමණ ලබාදී ඇති බවත් දයා ගමගේ මහතා පැවසූ අතර පෞද්ගලික මුදලින් රුපියල් මිලියන සියයක්‌ ලබාදීමට කටයුතු කරන බවත් දයා ගමගේ මහතා දිවයිනට පැවසීය.

මෙහි ඉදිකිරීම් මෙම මාසයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ පැවසීය.

දඩයම්තලාව - පී. ජයසිංහ
http://www.divaina.com/2015/09/09/provin02.html

Pic Source

0 comments: