Pages

Thursday, September 24, 2015

සේයා ඝාතනය! 17 හැවිරිදි සිසුවා රිමාන්ඩ්! අසාධාරණය ඔබේ සොයුරාට, දරුවාට, ඔබට විනි නම්?!# වගකීම් විරහිත පොලිස් මිනිස් සුනඛයන්ට සාප වේවා!


  • පලමුව සීයා, පියා, මව, අසල්වැසි පාසල් සිසුවා
  • දෙමව්ව්පියන්ට දරුවාගේ අවසන් කටයුතුවත් නිදහසේ කරගන්න බැරිඋනා
  • පාසල් සිසුවාගේ අනාගතය ඉවරයි
  • මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද? - මව
දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිදු කළ අසාධාරණයට වග කියන්නේ කවරෙකු දැයි එම සිසුවාගේ මව වන කොටදෙණියාව අකරන්ගහ පදිංචි පුෂ්පා ශ්‍රියානි මහත්මිය විමසන්නීය. 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා ඉකුත් 16 වැනිදා නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගැනීමට නිවසට කඩා වැදුණු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ කටයුතු කර තිබිණි.

"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ.. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා.. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා.. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්.. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ.. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා..

මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ.. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා..

මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා.. මගේ පුතා වරදක්‌ කළේ නැහැ.. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා.. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ.. මහා මිනි මරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා..

මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි.. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌.. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ.. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා.. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි.. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌.. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න මට බැරි වන තත්ත්වයක්‌ නිර්මාණය වේවි.. ඒකට වග කියන්න පොලිසියට පුළුවන්ද? 

කොටදෙණියාව අකරන්ගහ ගම්මානයේ සේයා සදෙව්මි දියණියගේ සිද්ධිය පිළිබඳ වැඩි දුර තොරතුරු සොයා ඊයේ (23 වැනිදා) "දිවයින" එහි ගිය අවස්‌ථාවේ පුෂ්පා ශ්‍රීයානි මහත්මිය මෙම අදහස්‌ පළ කළාය.

සමන් ගමගේ
http://www.divaina.com/2015/09/24/news06.html

Pic Source

3 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

පොලීසිය විතරක් නෙවෙයි ජනමාධ්‍යත් මෙතන හැසිරුනේ පිස්සු බල්ලො වගේ. එල්ලුම් ගහ ගේන්න කියල උද්ඝෝෂනේ කරපු අය ඊට එහා. මෙතන කිසිම විචාරයක් තිබුණේ නෑ. පොලීසිය ඉතාම පහත් විදිහට මැරිච්ච ළමයගේ තාත්තවත් සැකකරමින් ප්‍රකාෂ නිකුත් කළා. ඒව ජනමාධ්‍ය ඔස්සේ අශීලාචාර විදිහට ප්‍රචාරය උනා. දැන අර පාසල් ශිෂ්‍යයාට සමාජයට මුහුණදෙන්න බෑ. මේ අනතුර අපි හැමෝම ඉදිරියේ තියෙන තත්වයක් උදා වෙලා. මේ වධානම සුළුපටු එකක් නෙවෙයි. පොලීසිය කියන්නේ අන්ත දූෂිත ආයතනයක්. පොලීසියට විමර්ශන කටයුතු කිරීමේදී වරද කරපු කෙනා බේරලා වෙන කෙනෙකුට වරද බලෙන් පටවන්න උනත් පුළුවන්කම තියෙනවා. මේ අවදානම තව ඉදිරියට ගියොත් ඊට එරෙහිවත් යම් ප්‍රතික්‍රියාවක් සමාජයෙන් ඇතිවීම අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා.

Anonymous said...

(y)

Anonymous said...

මේ විරෝධතා සංවිධානය කළේ එන් ජී ඕ වලින්. මෙය දීර්ඝකාලීනව වමේ ව්‍යාපාරයට හා ජාතික ව්‍යාපාරයට බලපානවා. ස්ත්‍රීවාදී එන්ජීඕ මේක පුරුෂ විරෝධී සටනක් බවට පත් කර ගත්තා. මේ අන්තවාදයට රටට අළුත්. ලින්ගවාදීව ප්‍රශ්න දෙස බැලීම වෙනුවට අප තුල තිබුනෙ ජාතික හා ආගමික ව්‍යාපාර.
බණපොත් කියවන කාන්තාව අලුගෝසු තනතුරට අයදුම්පත් දාන එල්ලුම්ගහ ඉල්ලන කෙනෙක් බවට පත් කළා. මේක තමා ජනවාරි 8 න් පසු ඇතිවුන වෙනස.