Pages

Thursday, September 3, 2015

ස්වදේශය නැංවූ, යුග පෙරළි කළ, රට ෆෙඩරල් කරන්නට තැත් කළ, යළි රට ඒකීය කළ ශ්‍රිලනිප ගමන් මඟ

1934 වසරේ ආරම්භයේ සිටම ජාතිමාමක දේශමාමක ප්‍රභූන් සහ උගතුන් පිරිසක්‌ යම් වැදගත් පියවරක්‌ සඳහා තැනින් තැන රහස්‌ සාකච්ඡා පවත්වමින් සිටියහ. ඒ අතර කොළඹ යුගයේ මහා කවියාණන් වූ ශ්‍රී රූපදේව, ආනන්ද රාජකරුණා, තුඩාවේ පණ්‌ඩිත ගුණවර්ධන, ජා.පෙ. වික්‍රමතිලක, ඩී. ඩබ්ලිව්. වික්‍රමආරච්චි, වී. ටී. පණ්‌ඩිත් ගුණවර්ධන, මුණිදාස කුමාරතුංග, සාහිත්‍ය කීර්ති ඩබ්. ඒ. සිල්වා වැනි එවකට රට පිළිගත් වියත්හු, උගත්හු මෙම සාකච්ඡා සංවිධානාත්මකව ද මෙහෙයවනු ලැබීය. 1934 මැයි 19 දින පිටකොටුවේ බෞද්ධ මන්දිරයට දිවයිනේ සිව්දෙසින් පැමිණි මේ උගත් ප්‍රභූ ජනකාය ඒ දක්‌වා සිදුකෙරෙමින් පැවැති රහස්‌ සාකච්ඡාවලට තිත තබමින් සිංහල මහ සභාව අරඹන ලදී.


පසු කලෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවීමේ කළල බීජය බවට පත්වූ සිංහල මහ සභාව ආරම්භයේ සිටම පෝෂණය කරනු ලැබුවේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනය සඳහා නිතරගයෙන් තේරී පත්ව සිටි එවකට 35 හැවිරිදි වියේ පසු වූ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ප්‍රධාන පිරිසක්‌ විසිනි. එමෙන්ම ජාතියට නිදහස දිනා දීම වැනි පුළුල් පරාසයක ඉලක්‌කයන් පවා අභිබවා ගිය ස්‌වදේශික චින්තනයක්‌ සහිත ප්‍රථම සංවිධානාත්මක එකමුතුව එය විය.

බරපතළ සම්භාවනීය, රදළ පවුලකත්, ගැනිය නොහැකි දේපළක පොල්මඃකාර උරුමකරුවා ලෙස බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ, එවකට ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය හදාරා මුළුමනින්ම "කලු සුද්දකු" ලෙස 1925 ලංකාවට පැමිණෙන තරුණ බණ්‌ඩාරනායකයන් පසුව හොරගොල්ල වලව්වට පැමිණෙන්නේ ඔහුව ගෞරවයෙන් පිළිගැනීමට සූදානම් වූ මහජන පෙරහැරකිනි. 

මෙම ප්‍රකාශයේ ගැඹුරු අර්ථය වනාහි 1934 සිංහල මහ සභාව බිහිවීමත්, 1951 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවීමත්, 1956 පොදුජන යුගය බිහිවීමටත් බලපෑ බණ්‌ඩාරනායක නියත විවරණය නොවේද? 1925 දී එසේ ඉංග්‍රීසියෙන් කතා කළ බණ්‌ඩාරනායකයන් 1931 වන විට සිංහල බස හසුරුවන, ජාතික ඇඳුම අඳින, මහ සංඝරත්නය සමඟ සමීප සබඳතාවයක්‌ පවත්වාගෙන යන බෞද්ධ ජන නායකයකු ලෙසත් සමාජවාදී රාමුව තුළ ස්‌වදේශික මුද්‍රව තැබූ දේශපාලකයකු ලෙසත් ඉදිරි පියවර රාශියක්‌ තබා තිබිණි.

1951 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරම්භය කිසිසේත් අහඹුවක්‌ නොවේ. එය 1925 දී බණ්‌ඩාරනායක මහතා, අද අත්තනගල්ල ලෙස ගැනෙන සිය මැතිවරණ කොට්‌ඨාසයේ ජන සමූහයක්‌ ඉදිරිපිට කිව් පරිදි තමන් තුළ තිබූ සිංහල හදවත සක්‍රීය වීමකි. 1931 සිට 1951 දක්‌වා වූ වසර 20 ක්‌ සිංහල ජාතික සහ දේශපාලන සංස්‌කෘතියට සමාජවාදී වටිනාකම් එක්‌ කළ ඔහු ශ්‍රී ලංකාවේ ධනපති පැලැන්තිය හා එහි නියෝජනය තනි ඉරක්‌ ඇඳ වෙන්කර දුන්නේය. ස්‌වදේශික ජනයාට අයත් විය යුතු බලය සහ හිමිකම් අවභාවිත කරන පාර්ශ්වයන් කවරේද යන්න රටට හෙළිකර සිටියේය. තමන්ගේ ද සහභාගිත්වය ඇතිව 1946 දී ආරම්භ කරනු ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂය 1947 මහ මැතිවරණයෙන් බලය ලබාගැනීමෙන් පසු අනුගමනය කළ දේශීයත්වයට එරෙහි වැඩපිළිවෙළ නිවැරැදිව හඳුනාගැනීමට ඔහු සමත් විය. ජාතික නිදහස්‌ අරගලය දිනාගනු වස්‌ සාමුහික පියවරයන් සඳහා සමඟි වීම ඉතා අවැසි බැව් තරයේ විශ්වාස කළ ඔහුට 1949 අගභාගය වන විට එ.ජා.ප. තුළ රැඳී සිටීම පිළිබඳව සිංහල මහ සභාවේ මුල්පෙළේ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා ද එල්ල විය.

කාලයක්‌ මුළුල්ලේ විවිධ සාකච්ඡා වට පවත්වමින්, අදහස්‌ හුවමාරු කරගනිමින් එළි පෙහෙළි කරගත් මැද මාවතේ යන දේශපාලන ව්‍යාපාරයක්‌ පිළිබඳව එකඟතාවයක්‌ බණ්‌ඩාරනායක මහතාට සහ ඔහුගේ සමීපතමයනට තිබූ අතර ඒ එකඟතාවය මතම හිඳිමින් 1951 ජුලි 12 දින අයවැය විවාදය අතරතුර එ.ජා.ප. රජයට සිය විරෝධය පා එතෙක්‌ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගන්නට ඔවුහු පියවර ගත්තේය.

අද සිය 64 වැනි ජන්ම දිනය සමරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවීමේ ක්‍රියාවලිය ඉහත සඳහන් කළ පරිච්ඡේද දෙක තුනක ඵලයක්‌ නොවේ. එය සිංහල මහ සභාව, ලංකා ජාතික සංගමය වැනි ප්‍රබල සංවිධාන බිහිවීමට පාදක වූ පසුබිම දක්‌වා පැතිර යන ක්‍රියාවලියකි. එක්‌සත් ජාතික පක්‍ෂය බිහිවන්නේ එවැනි පුළුල් ජාතික සංවාදයක ඵලයක්‌ ලෙස නොව සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ රටට ලබාදුන් පළමු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ ඉඩ ප්‍රස්‌ථාව ලබාගැනීමේ අරමුණෙනි. එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවන්නේ දශක තුනකට වැඩි කාලයක්‌ මුළුල්ලේ දේශමාමක බලවේග හා පුද්ගල සංවාදයක, කථිකාවතක ඵලයක්‌ ලෙසිනි. බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් රාජ්‍ය සහ පරිපාලන බලය සීරු මාරුවට ලබාගෙන ඔවුන් තැනූ පීල්ලෙම ඉදිරියට ගමන් කිරීම එ.ජා.පය බිහිකිරීම සඳහා දායක වූ බහුතර පාර්ශ්වයන්ගේ මතය වෙද්දී 1815 පසු අහිමි වී ගිය භූමිපුත්‍ර රාජතන්ත්‍රය, අව්ව වැස්‌ස හා වාරි ජලය මුල් කරගත් දේශීය කෘෂිකර්මාන්තය, අලුත් වන ලෝකයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව හඳුනාගත් සමාජ හර පද්ධති බලාත්මක කිරීම සඳහා අධිරාජ්‍ය නියෝජනයන් හා කරට කර සටන් වැදිය යුතුය යන මතය ශ්‍රීලනිප බිහිකිරීමට මුල් වූ පාර්ශ්වයන් එක සේ දැරීය.

මෙකී මතවාදය වෙනුවෙන් පෙනී සිටීම නිසා බල කඳවුරු දෙකකින් බණ්‌ඩාරනායකයන් ඇතුළු පිරිසට ප්‍රහාර එල්ල වෙමින් තිබිණි. බලයේ සිටි එ.ජා.ප. නිලධාරි පැලැන්තියෙන් මෙන්ම රට තුළ සමාජවාදී හැඩතල සකසමින් සිටි වාමාංශික නායකයන්ගෙන් ද මෙම ප්‍රහාර එල්ල වෙද්දී රට මුහුණ දෙන ආකාරය ද බණ්‌ඩාරනායක මහතා කල් තියා ප්‍රකාශයට පත්කරන ලදී. 1951 මාර්තු 12 දින පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂය හැර යැමේද ඔහු මෙසේ කියයි. "මට විරුද්ධව පිළියෙළ කළ හැකි බලවේගයන් ගැන මම ඉඳුරාම දැන සිටිමි. මානය සහ බලය, අධිපතිත්වය මුදල් පමණක්‌ නොව කරුණු වරදවා පෙන්වීම, හා විකෘති කිරීම මට විරුද්ධව යෙදවිය හැකි ආයුධයි. මේවාට විරුද්ධව යෙදවිය හැකි මා සතු ආයුධ නම් මගේ ජනතාවට සේවය කිරීම පිළිබඳ නිහතමානිත්වය සහ අවංකභාවයත්, මේ රටේ ජනතාවගේ විශ්වාසය ලබාගැනීම සඳහා යටහත් පහත් ලෙස මා අදහස්‌ කරන සියලු උසස්‌ ප්‍රතිපත්තීනුත්ය."

එ.ජා.ප.යෙන් ඉවත්වීමත් සමඟම සැලසුම් කළ පරිදි නව පක්‍ෂය පිහිටුවීමේ අවසන් අදියරට පැමිණි බණ්‌ඩාරනායක පාර්ශ්වයේ සියලු සාමාජිකයන් එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ලෙස නම් තැබුවේ ඒ සඳහා මූලිකව ක්‍රියා කළ එච්. ශ්‍රී නිශ්ශංකයන්ගේ වැල්ලවත්තේ පිහිටි "යමුනා" නිවසේදීය. පක්‍ෂයේ මූලික සංවිධාන කටයුතු ආරම්භ කොට සය මසක්‌ ගතවෙත්ම අනපේක්‍ෂිත මහ මැතිවරණයකට මුහුණදීමට සිදුවූයේ අග්‍රාමාත්‍ය ඩී. ඇස්‌. සේනානායක මහතාගේ හදිසි අභාවයත් සමඟ පැනනැඟුණු ගැටලු නිසාය. එමෙත් ඉන් අධෛර්යයට පත් නොවූ පක්‍ෂ නායකයන් දිවා රාත්‍රි නොබලා ක්‍රියාත්මක වෙමින් මැතිවරණ සංවිධාන කටයුතු අරඹා 1952 මැයි මහ මැතිවරණයට මුහුණ දුන්හ. දින කිහිපයක්‌ මුළුල්ලේ පැවැති මහ මැතිවරණයෙන් ඡන්ද 361250 ක්‌ ලබා ගනිමින් මැතිවරණ කොට්‌ඨාස 9 ක්‌ දිනාගැනීමට ළදරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හැකිවිය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රාජ්‍ය බලය ලබාගැනීම සඳහා සිදුකරන ලද ප්‍රථම සංවිධාන මෙහෙයුම අරඹනු ලැබුවේ මෙම ප්‍රතිඵලයත් සමඟය. 1952 න් පසු රට තුළ නිර්මාණය වූ ව්‍යාකූල තත්ත්වය මත තනි පක්‍ෂයක්‌ ලෙස බලයට ඒමේ අවධානමට වඩා එක්‌සත් පෙරමුණක්‌ ලෙස පොදු සතුරා පරාජය කිරීමේ අවශ්‍යතාවයක්‌ එදා බණ්‌ඩාරනායක මහතාට තිබිණි. ඒ අනුව මුල් අවස්‌ථාවේ තමන්වත්, තමන්ගේ ස්‌වදේශික නැඹුරුවත් විවේචනයට ලක්‌ කළ ලංකා සම සමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සමඟ අර්ථාන්විත මිතුරුකමක්‌ පවත්වාගෙන යැමට ඔහු පියවර ගත්තේය. 1925 දී කලගෙඩිහේනේදී කිව් පරිදි තමන් සතුව පවතින සම්පූර්ණ සිංහල හදවතේ සංසරණය වන්නේ සමාජවාදී රතු රුධිරානු සහිත රුධිරය බව ප්‍රායෝගිකව ඔප්පු කළ පසු බොහෝ වාමාංශික, ප්‍රගතිශීලී නායකයන්ගේ විශ්වාසය දිනාගැනීමට ඔහුට හැකි විය. ඉන් පුළුල් පෙරමුණකට මඟ පෑදුණි.

සිංහල මහ සභාවේ හා ලංකා ජාතික සංගමයේ සමකාලීන ක්‍රියාධරයන් ද සිංහල භාෂා පෙරමුණ විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ඇතුළු පුළුල් පෙරමුණකට පාර්ලිමේන්තුව ස්‌වාධීනව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක්‌ ද එක්‌ කරගත් බණ්‌ඩාරනායක මහතා එය මහජන එක්‌සත් පෙරමුණ නමින් ජනගතකොට 1956 මහ මැතිවරණයට සූදානම් විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නම් වූ පංච මහා බලවේගයේ නිද්‍රශීලීත්වය මුලිනුපුටා දැමූ ඔහු ඒ සියලු බලවේගවල සහය තම පෙරමුණට ලබාගත්තේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් 60 දෙනාගෙන් 51 දෙනකුම ජයග්‍රහණය කරවීමයි. ඒ වන විටත් මැතිවරණ කොට්‌ඨාස 54 ක බලයත් සමඟ රාජ්‍ය බලය හෙබවූ එ.ජා.ප. ආසන අටට සීමා කරනු ලැබීය. ඒ අනුව 1956 ජයග්‍රහණය වනාහි 1815 න් පසු ස්‌වදේශීය ජනතාව අපේක්‍ෂා කළ නිදහස්‌, නිවහල් රටක්‌ ගැන සිහින මැවූ උපන් බිමේ සැබෑ උරුමකරුවන්ගේ මානුෂීය අරගලයේ අග්‍රඵලයයි. 

56 පොදුජන පෙරළිය තුළින් ලාංකීය ජාතියේ ප්‍රගමනයට එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. එය ආසියානු බිමේ උදම්රළයි. අද දක්‌වාත් රෙද්ද - බැනියම අඳින සිංහලෙන් හිතන නායකයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් බිහිවීමට සරු බීජ සපයන සර්වකාලීන සෘතු පරිවර්තනයයි. බණ්‌ඩාරනායක චින්තනයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 56 ජනතා ජයග්‍රහණ ඔස්‌සේ ගනු ලැබූ ඉදිරිගාමී පියවරයන්හි ප්‍රතිඵල නූතන පරපුර ද අනාගත පරපුර ද එක සේ භුක්‌ති විඳිනු ලබති.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, ද්‍රවිඩ භාෂා විධිවිධාන පනත බලගැන්වීම, සුළු ජාතික අයිතිවාසිකම් තහවුරු කිරීම, කුඹුරු පනත සම්මත කිරීම, කොළඹ වරාය ජනසතු කිරීම, පෞද්ගලික ව්‍යවසාය තරමටම රාජ්‍ය ව්‍යවසාය ශක්‌තිමත් කිරීම, ඊට ප්‍රමුඛත්වය ලබාදීම, පෞද්ගලික බස්‌ ව්‍යාපාරය වෙනුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සහිතව පොදු ප්‍රවාහන සේවා ඇරඹීම, සේවක අර්ථසාධක අරමුදල ආරම්භ කිරීම, ප්‍රගතිශීලී කම්කරු අණපනත් හඳුන්වාදීම, මැයි දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්කිරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ 56 පොදුජන ව්‍යාපාරය විසින් මුල් වටයේම රටට ලබාදුන් ඓතිහාසික ජයග්‍රණයන්ය. ඒ තුළින් ලෝකයට ලබාදුන් සංඥව 1994 දක්‌වා වූ සෑම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ විසින්ම නිසි ලෙස යාවත්කාලීන කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බණ්‌ඩාරනායක සලකුණ තීරණාත්මක ලෙස අභියෝගයට ලක්‌වන්නේ 1994 - 2004 දස වසර කාලය බණ්‌ඩාරනායක චින්තනය ඩෝසර් කරමින් ඒ මත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීය රෝපණය වන්නේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිදුවිය යුතු කාලීන ප්‍රතිසංස්‌කරණ පරාසයන් ඉක්‌මවා යමිනි. 1977- 1994 එ.ජා.ප. රජය ගෙන ගිය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සේම උච්චස්‌ථානයට වර්ධනය වී තිබූ එල්. ටී. ටී. ඊ. සාහසිකත්වය තුළ බහුවිධ අන්තර්ජාතික පෙළඹවීම්වලට නතු වී සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1993 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ගාමක බලය වීමට පෙර එක්‌සත් සමාජවාදී පෙරමුණේ නායිකාව ලෙස යුරෝපා මොඩලයේ පුළුල් සමාජ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියකට අතගසා තිබුණි. 

ගෝලීයකරණය වෙමින් තිබූ ලෝකය සමග අත්වැල් බැඳ ගැනීමට තිබූ ප්‍රාථමික බාධාවන් ලෙස සළකා ඇය එසේ කරනු ලැබීය.

ධර්මසිරි සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ධුරයෙට පක්‍ෂ ක්‍රියකාරිකයෙකු නම් කිරීමේදී ඇය අනුගමනය කළ පිළිවෙත තුලම, ඇය සිය පියා වූ බණ්‌ඩාරනායකයන් සමග ඇත්තේ ලේ බැඳීමක්‌ පමණක්‌ බව ඒත්තු ගැන්වීය. මහින්ද රාජපක්‍ෂ, අනුරුද්ධ රත්වත්ත වැන්නවුන් මහලේකම් ධුරය සඳහා පොලොන්නරුවෙන් පැමිණි ස්‌වදේශික හැඩතල සහිත මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගැනීමට උත්සුක වෙත්දී ඇය ඊට රළු ප්‍රතිචාර දක්‌වමින්, ප්‍රතිසංස්‌කරණවාදී එස්‌. බී. දිසානායක මහතා පත් කර ගැනීම ඇදහිය නොහැකි වෙහෙසක්‌ දැරීය.

56 අමතක කර හෝ ඩෝසර් කර හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරිගමනක්‌ නොමැති බව කුමන හේතුවක්‌ මත හෝ අවබෝධ කොට සිටි මහින්ද රාජපක්‍ෂ මහතා සියලු සමාජ හා ජාතික බලවේග එක්‌ කරගනිමින් 2005 ජනාධිපතිධූරයට පත්වෙන්නේ ජ. වි. පේ., ජා. හෙ. උ. ය වැනි මුල් බැසගත් ජාතික ව්‍යාපාරයන්ගේ අප්‍රතිහත කැපවීමෙනි. ඒ තුල ගොඩනැඟුණු මහින්ද මෛත්‍රී සුසංයෝගය තුළින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි ගමන පිළිබඳවද ඉඟියක්‌ පාක්‍ෂියාට ලැබුණි. මහින්ද රාජපක්‍ෂ මහතා සිය මුල් පාලන කාලය තුළ, 1815 න් පසු ගොඩනැඟê තිබූ දේශමාමක බලවේගයට ප්‍රාණ වායුව පිඹින අතරම බටහිරට අවැසි පරිදි නොහැසිරීමෙන් ඓතිහාසික යුධ ජයග්‍රහණයද රටට ලබා දෙන්නේය. එහි නොවැළක්‌විය හැකි ලැබීමක්‌ ලෙස 2010 ඔහුගේ දෙවැනි ධූර කාලයට සමගාමීව ශ්‍රී. ල. නි. ප. මන්ත්‍රී සංඛ්‍යාව 62 සිට 121 දක්‌වා ඉහළයන්නේ පක්‍ෂය ශක්‌තියේ උපරිම තලයට ගෙන එමින්ය. 

තම අනාගත බලය සුරක්‍ෂිත කිරීම පිණිස අනාගත වක්‌තෘවරුන්ගේ නොමග යෑවීම් තුල 1956 ගාමක බලවේගය ඔහුගෙන් ඈත් වන අතර තමා වටා භ්‍රමණය වන ගජමිතුරු බලවේග පිළිබඳව විශ්වාසය තබමින් තම ශක්‌තිය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ශක්‌තිය අතර පරතරය ප්‍රදර්ශනය කිරීමට පෙළඹේ. එහිදී ඔහු තමන් සතුව ඇත්තේ කැමැති කෙනෙකුට එහා මෙහා යා හැකි සැලුන් දොරක්‌ යෑයි කියමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ උරුමකරුවන්ගේ ආත්ම අභිමානය හෑල්ලුවට ලක්‌ කරනු ලබයි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්සේ සැළකු කොටස්‌ කාර්යභාරයක්‌ නැති ඇමැතිවරු ලෙස පත්කිරීම, බහු පක්‍ෂ බල තුලනය සඳහා සිය පෞරුෂය බලවත් ලෙස විශ්වාස කිරීම, පක්‍ෂ විනය සම්බන්ධව සීමා නොපැනවීම, අභ්‍යන්තර දේශපාලන අර්බුද කළමනාකරණය නොකිරීම, බිම් මට්‌ටමේ දායකත්ව දේශපාලනයක්‌ වෙනුවට ඉසව් කළමණාකරණ දේශපාලනයක්‌ ගොඩනැඟêමට ඉඩ හැරීම, පක්‍ෂයේ මුල් පෙලේ නායකයන් සමග සාමුහික තීන්දු තීරණ ගැනීමෙන් ඈත් වීම, මෛත්‍රීපාල සිරිසේන සාධකය නිසි කලට නිසි පරිදි ස්‌ථානගත නොකිරීම වැනි කාරණා තුලින් පක්‍ෂය තුළ ඔහුට තිබූ පරම බලය අභියෝගයට ලක්‌කරගත්තා පමණක්‌ නොව එය අව ප්‍රමාණද විය. එහෙත් ජනමුල නායකයෙකු ලෙස අදටත් පාක්‍ෂික ජනතාව තුල ඔහු වීරයෙකි.

වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඔහුගේ රජය ජනවාරි 08 ට එය යොදනු ලැබීය. ඒ දිනය වනාහි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පරමාදර්ශී තෙවසර ලෙස ගැනෙන 1956 -1959 පොදුජන යුගයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේද නිර්මාතෘ වන එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකයන් මෙලොවට බිහි වූ දිනයයි. ඒ දිනයට ඊළඟ රාජ්‍ය නායත්වයට වරම් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව බණ්‌ඩාරනායක මුද්‍රdව හරියටම නළලේ කොටාගත් මෛත්‍රීපාල සිsරිසේන මහතාය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දශා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපත සිදු වන්නේද සැප්. 02 සහ 03 අතර පැය 24 තුලය.

1994-2004 මෙන්ම 2005-2015 පාලන කාල තුල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බිඳ වැටීම් කවරේද යන්න, වඩාත් පුළුල් අත්දැකීම් ඇති, 56 පෙරළියේ සමගාමී නිර්මාණයක්‌ වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා හොඳින් වැටහෙනු ඇත. 2011 පළාත් පාලන මැතිවරණයේ අරලියගහ මන්දිරය තුළ නාම යෝජනා මණ්‌ඩල රැස්‌ වූ අවස්‌ථාවේදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් හෝමාගම සහ කැස්‌බෑව ප්‍රාදේශීය සභා සඳහා ජා. හෙ. උ. නියෝජනය වැඩි කරන්නයි කරන ලද ඉල්ලීමට කෝප වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මේසය මත රැඳී වතුර බෝතලය වැරෙන් විසි කර, බැන වැඳී එම ස්‌ථානයෙන් ඉවත් වූයේ තවදුරටත් මේ මහා පක්‍ෂය හෑල්ලු වෙන්නට ඉඩ දෙන්න බැරිය" කියමින්ය. විනය විරෝධීව හැසිරෙමින් පක්‍ෂයටත්, රජයටත් අපකීර්තියක්‌ ගෙන දුන් මර්වින් සිල්වා මහතාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත යුතුයි යන්න තරයේ ප්‍රකාශ කර සිටියේ සෙසු නායකයන් මවිත කරමින්ය. 1956 අමතක නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එදා ස්‌වරූපය එසේය. එහෙත් අද ඔහු නායකත්වය දෙමින් සිටින්නේ හෝ එසේ දීමට උත්සහ දරන්නේ 56 ඩෝසර් කිරීමට මැඳිහත් වූ හෝ එසේ කිරීමට කැමැත්තෙන් සිටි පාර්ශ්වයන්ගේ වේදිකාවේ සිටය. මෙම පාර්ශ්වයන් සමග බණ්‌ඩාරනායකයන් සොයා යා නොහැක.

දඬුවම් කළ යුතු වන්නේ පක්‍ෂයට එරෙහි වන්නාට නොව පක්‍ෂයට එරෙහි වීමට යමෙකුට බලපෑ හේතුවටය. ඒ තුල පක්‍ෂයට එරෙහිව ගිය, ශ්‍රිලනිප ආණ්‌ඩුවක්‌ පෙරළා දැමීමට මුල් වූ, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද සාධාරණයක්‌ ඉෂ්ඨ වනු ඇත. ඒ ලබන සාධාරණත්වය තුලින් නිවැරදිව ස්‌ථානගතව, පාක්‍ෂිකයා හඳුනාගෙන, ඔහුව රැකගෙන පක්‍ෂය ශක්‌තිමත් කරන්නේ නම් දිවංගත සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියට පසුව එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකයන් සොයා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වනු ඇත.

56' පොදුජන පෙරළිය තුළින් ලාංකීය ජාතියේ ප්‍රගමනයට එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. එය ආසියානු බිමේ උදම්රළයි. අද දක්‌වාත් රෙද්ද - බැනියම අඳින සිංහලෙන් හිතන නායකයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් බිහිවීමට සරු බීජ සපයන සර්වකාලීන සෘතු පරිවර්තනයයි. බණ්‌ඩාරනායක චින්තනයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 56' ජනතා ජයග්‍රහණ ඔස්‌සේ ගනු ලැබූ ඉදිරිගාමී පියවරයන්හි ප්‍රතිඵල නූතන පරපුර ද අනාගත පරපුර ද එක සේ භුක්‌ති විඳිනු ලබති.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, ද්‍රවිඩ භාෂා විධිවිධාන පනත බලගැන්වීම, සුළු ජාතික අයිතිවාසිකම් තහවුරු කිරීම, කුඹුරු පනත සම්මත කිරීම, කොළඹ වරාය ජනසතු කිරීම, පෞද්ගලික ව්‍යවසාය තරමටම රාජ්‍ය ව්‍යවසාය ශක්‌තිමත් කිරීම, ඊට ප්‍රමුඛත්වය ලබාදීම, පෞද්ගලික බස්‌ ව්‍යාපාරය වෙනුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සහිතව පොදු ප්‍රවාහන සේවා ඇරඹීම, සේවක අර්ථසාධක අරමුදල ආරම්භ කිරීම, ප්‍රගතිශීලී කම්කරු අණපනත් හඳුන්වාදීම, මැයි දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්කිරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ 56' පොදුජන ව්‍යාපාරය විසින් මුල් වටයේම රටට ලබාදුන් ඓතිහාසික ජයග්‍රණයන්ය. ඒ තුළින් ලෝකයට ලබාදුන් සංඥව 1994 දක්‌වා වූ සෑම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ විසින්ම නිසි ලෙස යාවත්කාලීන කරනු ලැබීය.

වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඔහුගේ රජය ජනවාරි 08 ට එය යොදනු ලැබීය. ඒ දිනය වනාහි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පරමාදර්ශී තෙවසර ලෙස ගැනෙන 1956 -1959 පොදුජන යුගයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේද නිර්මාතෘ වන එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකයන් මෙලොවට බිහි වූ දිනයයි. ඒ දිනයට ඊළඟ රාජ්‍ය නායත්වයට වරම් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව බණ්‌ඩාරනායක මුද්‍රව හරියටම නළලේ කොටාගත් මෛත්‍රීපාල සිsරිසේන මහතාය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දශා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපත සිදු වන්නේද සැප්. 02 සහ 03 අතර පැය 24 තුලය.

1994-2004 මෙන්ම 2005-2015 පාලන කාල තුල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බිඳ වැටීම් කවරේද යන්න, වඩාත් පුළුල් අත්දැකීම් ඇති, 56 පෙරළියේ සමගාමී නිර්මාණයක්‌ වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා හොඳින් වැටහෙනු ඇත. 

නිමල් වීරතුංග - බණ්‌ඩාරනායක ශ්‍රීලනිපය ගොඩනැගූ හැටි... (ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 64 වැනි සංවත්සරය නිමිත්තෙනි)
http://www.divaina.com/2015/09/02/feature03.html
http://www.divaina.com/2015/09/03/feature03.html

Pic1 Source
Pic2 Source

0 comments: