Pages

Thursday, September 10, 2015

කැලණි ගඟේ ආසනික්‌ සාන්ද්‍රණය වැඩිවෙලා - පරීක්‍ෂණයකින් හෙළිවේ

කැලණි ගඟේ ආසනික්‌ සාන්ද්‍රණය අනුමත ප්‍රමාණයට වඩා අධික වී ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත.

පානීය ජලයේ ආසනික්‌ සාන්ද්‍රණය ලීටරයකට මිලි ලීටර් 4 කට වඩා අඩුවෙන් තිබිය යුතු නමුත් එම ගංගා ජලයෙහි ආසනික්‌ ප්‍රමාණය ලීටරයකට මිලි ලීටර් හතර ඉක්‌මවා තිබේ. කැලණි ගඟෙන් ලබාගත් ජල සාම්පල් 31 ක්‌ උපයෝගී කරගෙන මෙම අධ්‍යයනය සිදුකර ඇත. කැලණි ගඟේ නල්ලතන්නියේ සිට කඩුවෙල දක්‌වා වූ කොටස පිරිසිදු බවටත් කඩුවෙල සිට පහළ කොටස මෙලෙස අපවිත්‍ර වී ඇති බව එම මධ්‍යස්‌ථානයේ සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

කැලණි ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලාවල අප ජලය පිරිසිදු කර ඒවා ගඟට මුදාහැරීමට ක්‍රම සකස්‌ කර ඇතත් එම කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක්‌ අප ජලය පිරිසිදු නොකොට කෙළින්ම කැලණි ගඟට මුදා හරින බවද මේ නිසා ගඟ අපවිත්‍ර වීම සිදුවන බවද කාරියවසම් මහතා පවසයි.

යම් පරීක්‍ෂකවරයෙක්‌ පැමිණෙන විට පමණක්‌ කර්මාන්ත ශාලා අපජලය පිරිසිදු කිරීම සිදුකරන බවද ඉන්පසුව යළිත් සුපුරුදු ලෙස අපජලය මුදාහරින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් ධර්මසේන 
http://www.divaina.com/2015/09/10/news09.html

Pic Source

0 comments: