තේජවන්ත ගමනක මතකාවර්ජනයක් සදහා අප ඔහු හමුවූයෙමු. පොලිස් පරීක්‌ෂකවරයෙකු ලෙස සේවයේ යෙදෙමින් සිටින කාලයේදී, ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායට තෝරා ගැනෙන්නේ එහි නිර්මාතෘ රවී ජයවර්ධන විසින්මය. එදා පටන් නිමල් ලෙව්කේගේ දෙවුර මත පැවරුණු කාර්යය සුවිශේෂය. නැඟෙනහිර පළාතේ ත්‍රස්‌ත බය පලවා හරිමින් එය රැක ගැනීමේ කාර්යයට ඔහු නායකත්වය දුන්නේ උත්තුංග විලාසයෙනි. ඒ සියලු මෙහෙවර පසෙකට දමා දේශපාලන පළිගැනීමක් ලෙස පැත්තකට කරැ තිබෙන තත්ත්වයකට අනු හතරෙන් පසු යුගයේදී ඔහුට මුහුණ දෙන්නට සිදු විය. 2001 වර්ෂයේදී නැවතත් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ලෙස පත්වන ඔහු, සිය යුග මෙහෙවර නිමවා විශ්‍රාම සුවයෙන් පසු වෙයි. නැඟෙනහිර පළාතේ ඔහු ලත් අත්දැකීම් සමකාලීනව ද වැදගත් කමක් උසුලයි. කරුණා අම්මාන් ගේ කල් ක්‍රියාවේ සිට නැඟෙනහිර මෙහෙයුම් ආදිය ඇතුළත් වන මෙම සටහන දිග හැරෙන්නේ නිමල් ලෙව්කේ මතක පොතෙනි.
ප්‍රශ්නය ඔබ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්බන්ධ වන්නේ යුද්ධය දරුණු අන්දමින් ඇවිලෙන අවස්‌ථාවක.
පිළිතුර - මම පොලිස් විශේෂ කාර්ය බළකායට බැඳුනෙ 1984 වර්ෂයේදී. ඒ වෙනකොට මම පොලිස් පරීක්‍ෂකවරයෙක්. මේ කාල සීමාව වෙද්දී පොලිස් විශේෂ බළකාය විදිහට මේ ඒකකය ආරම්භ කරලා තිබුණා.
එහි මුල්ම අණදෙන නිලධාරියා වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂර්නි විඡේසූරිය. ෂර්නි විඡේසූරිය තමයි මට එස්.ටී.එෆ්. එකට එන්න ආරාධනා කළේ. ඉස්‌සර අපි කළුතර පොලිස් ටේ්‍රනින් ස්‌කූල් එකේ ෆයරින් යනවා. මම ෆයරින් ගිය දවසක මට රවී ජයවර්ධන හමුවුණා. (ඡේ. ආර්. ජයවර්ධනගේ පුත්‍රයා)
රවී ජයවර්ධන මගෙන් ඇහුවා ඔයා එස්. ටී. එෆ්. එකට එන්න හදනවා කියලා ආරංචියක් තියනවා කියලා. රවී ජයවර්ධනත් මට එදා ආරාධනා කළා. එස්. ටී. එෆ්. එකට එකතු වෙලා වැඩ කරමු කියලා.
මම මේ ගැන මගේ බිරිඳ එක්‌කත් සාකච්ඡා කළා. මේ කාල සීමාව වෙද්දී නැගෙනහිර පළාතේ යුද්ධය බොහොම දරුණු විදිහට ඇවිලෙමින් තිබුණා. මගේ පුතා එතකොට පුංචියි. එදා මට පොලිස් ක්‌ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ අධ්‍යක්‍ෂකගෙන් කෝල් එකක් ආවා. නැගෙනහිර පළාතේදී එස්. ටී. එෆ්. එකේ කණ්‌ඩායමක් බිම් බෝම්බයකට අහුවෙලා, හතර දෙනෙක් මැරිලා කියලා.
ඒ බොඩීස් ටික භාරගන්න රත්මලාන කෑම්ප් එකට යන්න වුණෙත් මට.
පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්‌ථාන කඳවුර කටුකුරුන්දේ පිහිටුවලා මුල්ම ට්‍රේනින් එක දුන්නෙ අපට. අපිට ට්‍රේනින් කළේ එංගලන්තයෙන් ආව යුද විශේෂඥයන් කණ්‌ඩායමක්. පස්‌සේ මම එංගලන්තයට ගිහින් විශේෂ අවි පුහුණුවකුත් ලැබුවා.
ට්‍රේනින් එකෙන් පස්‌සේ මම මඩකලපුවට ගියා. ඒ වෙනකොට නැගෙනහිර එස්. ටී. එෆ්. කෑම්ප් දෙකයි තිබුණේ. කල්අඩි කඳවුරේ අණදෙන නිලධාරියා වුණේ වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්, කලවන්චිකුඩි කඳවුරේ අණදෙන නිලධාරියා විදිහට මම වැඩ භාර ගත්තා.
ප්‍රශ්නය - නැගෙනහිර සටන් බිමේදී ලබපු මුල්ම අත්දැකීම?
පිළිතුර - කලවන්චිකුඩි එස්.ටී.එෆ්. කෑම්ප් එක පිහිටුවලා අපි කෑම්ප් එක වටේ වැටක් ගහන්න පටන් ගත්තා. ඒ වෙනකොට කලවන්චිකුඩි පොලිස් ස්‌ථානාධිපති සිටියෙ පොලිස් පරීක්‍ෂක වාස් අම්ජාම්.
වාස් අම්ජාම් පොලිසියේ ටීම් එකක් දාගෙන ජීප් එකෙන් ගියා අපි වැට ගහන තැන පහු කරලා. එයා මට සෙලියුට් එකකුත් ගහගෙන එතනින් ගියේ. ඒත් ඒ අයට විනාඩි කීපයක් ඉදිරියට යන්න ලැබුණෙ නැහැ. ජීප් එක බිම් බෝම්බයකට අහුවුණා.
වාස් අම්ජාම් එක්‌ක පොලිසියේ නව දෙදෙනෙක් එකතැන මැරුණා. මේ බෝම්බය අටවලා තිබුණේ දෙමළ සන්නද්ධ කණ්‌ඩායමක්. පස්‌සේ අපි හොයා ගත්තා ඒ අයව.
ප්‍රශ්නය - 1984 වෙද්දී නැගෙනහිර පළාතේ මොනවගේ තත්ත්වයක්‌ද තිබුණේ?
පිළිතුර - මේ වෙනකොට දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් කීපයක්‌ම නැගෙනහිර ක්‍රියාත්මක වෙමින් තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර නායකයා වුණේ බෂීර් කාකා. ඊ.පී.ආර්. එල්. එෆ්. සංවිධානයේ නැගෙනහිර නායකයා විදිහට හිටියෙ ෂිවා. ඒ වගේම සන්නද්ධ නායකයා ඩග්ලස් දේවානන්ද නොහොත් දේවා. ඒ වගේම ප්ලොට්, ඊරෝස් වගේ දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් නැගෙනහිර ක්‍රියාත්මක වෙමින් තිබුණා.
1983 දී කලවන්චිකුඩි පොලිසියට මුලින්ම එල්.ටී.ටී.ඊ. ඇටෑක් කළා. ඒකට නායකත්වය දුන්නෙ බෂීර් කාකා. ඒත් ඒ ප්‍රහාරය සම්පූර්ණයෙන් අසාර්ථක එකක්. ඒ නිසාම බෂීර් කාකා නැගෙනහිර නායකත්වයෙන් ඉවත් කරලා ඒ වෙනුවට අරුණ කියලා සන්නද්ධ නායකයා නැගෙනහිරට පත්වෙලා ආවා. අරුණගේ නායකත්වයෙන් එරාවුර් කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. 1984 වර්ෂයේදී. ඒ ප්‍රහාරය තමයි නැගෙනහිර පළාතේ මුල්ම දැවැන්ත ප්‍රහාරය.
එවකට නැගෙනහිර රාජකාරි කරමින් හිටිය පොලිස් අධිකාරි පියසේන වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් වර්තමාන නියෝජ්‍ය පොලිස්‌පති හේමසිරි සේනාරත්න ඇතුළු කණ්‌ඩායමක් එරාවුර් කඳවුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට මුහුණ දීලා එය මැඩපවත්වන්න කටයුතු කළා.
ප්‍රශ්නය - නැගෙනහිර පළාතේ නායකයා විදිහට කටයුතු කරපු විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ගැන මුල්ම මතකය කුමක්‌ද?
පිළිතුර - 1986 - 87 කාලසීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ අණසක පතුරුවාගෙන හිටියෙ. දෙමළ සන්නද්ධ කණ්‌ඩායම්වලට හිස ඔසවන්න අපි කොහෙත්ම ඉඩ දුන්නෙ නැහැ.
එස්.ටී.එෆ්. එකෙන් නිතරම මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනකොට කිරාන් කඳවුරේ සිටිය උප පොලිස් පරීක්‍ෂක දවුලගලගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
වන්දාරමුල්ල ප්‍රදේශයේ කරපු මේ මෙහෙයුමට කොටි සැකකාරයන් 50 ක් විතර කොටු වුණා. ඒ අතරේ කජන් කියන නායකයත් සිටියා. මේ මෙහෙයුමේදී අහුවෙච්ච දෙමළ තරුණයෝ සෑහෙන පිරිසක් අපි නිදහස් කරලා ඇරියා.
ඊට දවස් කීපයකට පස්‌සෙ අපට ආරංචි වුණා නැගෙනහිර පළාතේ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූ කරුණා අම්මාන් ඒ නිදහස් කරපු දෙමළ තරුණයො අතරේ හිටියා කියලා. කරුණා ගැන මුල්ම මතකය එන්නෙ එතැන් සිටයි.
ප්‍රශ්නය - කරුණා අම්මාන් මුල්වරට සටන් බිමේදී හමුවූ අත්දැකීම?
පිළිතුර - කොටි සංවිධානයට නැගෙනහිර පළාත් ස්‌ථිර කඳවුරු තිබුණෙ නැහැ. එහෙම කඳවුරු පිහිටුවා ගන්න එස්.ටී.එෆ්. එක ඉඩ දුන්නෙත් නැහැ. මඩකලපුව උන්නිච්චි, ඊරලුකුලම්, මයිලවට්‌ටුවාන්, කැලෑ ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් කඳවුරු පිහිටා තිබුණා.
1988 දී එස්.ටී.එෆ්. එක වයිලවට්‌ටුවාන් ඊරලුකුලම් කොටි කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.
ඒ වෙනකොට රාම් නැගෙනහිර කොටි නායකයා රමනන්, රමේෂ්, කරුණා අම්මාන් වගේ නායකයො මේ කඳවුරුවල හිටියා.
මේ ප්‍රහාරයට නායකත්වය දුන්නෙ මම. වර්තමාන සී.අයි.ඩීය භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්‌පති ලතීෆ් ඇතුළු නිලධාරීන් රැසක් මේ මෙහෙයුමට සම්බන්ධ වුණා.
මමත් තවත් නිලධාරීන් කණ්‌ඩායමකුත් හෙලිකොප්ටර් වලින් ගිහින් කඹ ආධාරයෙන් මයිලවට්‌ටුවාන් කැලෑවට බැහැලා මේ මෙහෙයුමට එකතු වුණා. කණ්‌ඩායම් කීපයක් කැලෑව ඔස්‌සේ ඇවිත් කොටි කඳවුරට පහර දුන්නා.
මේ ප්‍රහාරයේදී කොටි ත්‍රස්‌තයන්ට පන්න පන්න පහර දුන්නා. ඒ වෙනකොට එස්.ටී.එෆ්. අණදෙන නිලධාරියා වුණේ ලයනල් කරුණාසේන. එයා මට සෙට් එකෙන් කතා කරලා කිව්වා කරුණා අම්මාන්ට වෙඩි වැදුණා. එල්.ටී.ටී.ඊ. සෙට්‌වලින් පණිවිඩය පාස් වුණා කියලා.
ඇටෑක් එකෙන් පස්‌සෙ අපි මුළු කැලෑව පීරලා කරුණාව හෙව්වා. ඒත් සොයාගන්න බැරිවුණා. අපට පස්‌සෙ ආරංචි වුණා කරුණාගේ පිට ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා බරපතළ තුවාල වුණා කියලා.
මේ සටනින් පස්‌සෙ අපි ඊරලුකුලම් කොටි කෑම්ප් එක අල්ලා ගත්තා. එතන කොටි උසාවියක් තිබුණා. ඒ උසාවිය ඇතුලෙ වතුර කෑන් එකක් තිබුණා. අපිත් එක්‌ක සටනට එකතු වෙලා හිටිය උප පොලිස් පරීක්‍ෂක මාලන් කරුණාරත්න මේ වතුර කෑන් එක ඉස්‌සුවා.
කොටි මේ කෑන් එක ඇතුලෙ බෝම්බයක් සෙට් කරලා. ඒක පිපිරිලා මාලන් එතැනම මැරුණා. මේ කඳවුරේ තිබිලා විශේෂ බෝම්බ වර්ගයක් අපි සොයා ගත්තා. ඒ බෝම්බ පිපිරෙන්නෙ සංඥ බලයෙන්. ඒ වගේ බෝම්බ අපි ඊට ඉස්‌සර දැකලා තිබුණේ නැහැ.
ප්‍රශ්නය - කරුණා අම්මාන් නැගෙනහිර කොටි නායකයා වෙච්ච අවදිය ගැන සිහිකළොත්?
පිළිතුර - 1987 වෙනකොට කොක්‌අඩිචෝලේ කැලෑ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කොටි කඳවුරක් තිබුණා. මේ කඳවුරේ නායකයා විදිහට හිටියෙ පොට්‌ටුඅම්මාන් (පසුකලෙක එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක)
මේ කඳවුර විනාශ කරන්න මගේ නායකත්වයෙන් මෙහෙයුමක් ආරම්භ කළා. ඔපරේෂන් ඩේ බ්‍රේක් කියන මෙහෙයුම ක්‍රියාත්මක කළේ 1987 ජනවාරි මාසෙ. ඒ වෙනකොට නැගෙනහිර කොටි නායකයා වුණේ කුමාර්අප්පා. කුමාර් අප්පා කියන්නෙ ප්‍රභාකරන්ගෙ මස්‌සිනා.
එස්.ටී.එෆ්. එක ක්‍රියාත්මක කරපු මේ මෙහෙයුමේදී කුමාර් අප්පාට වෙඩි වැදුණා. ඒ වගේම පොට්‌ටු අම්මාන්ටත් වෙඩි වැදුණා. පොට්‌ටු අම්මාන්ගේ එක කනක් සිදුරුවෙලා ගියා වෙඩි ප්‍රහාරයකින්.
එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරුවලට සවන් දීලා අපි මේ දේවල් තහවුරු කරගත්තා. එදා පොට්‌ටු අම්මාන් නැගෙනහිර අතහැරලා උතුරට පැනලා ගියා. එදායින් පස්‌සෙ පොට්‌ටුඅම්මාන් කිසි දවසක නැගෙනහිරට ආවෙ නැහැ.
1987 සාම සාකච්ඡා කාලෙදී කුමාර් අප්පා නේවි එකට අහුවුණා. කුමාර් අප්පා ඇතුළු 12 දෙනෙක් ඉන්දියානු බෝට්‌ටුවකින් පැනලා යද්දී කොටු වුණා.
කුමාර්අප්පා ඇතුළු කණ්‌ඩායම කොළඹට ගෙනත් උසාවියට ඉදිරිපත් කරන්න එවකට ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි නියෝග කළා.
කුමාර්අප්පා ඇතුළු පිරිස කොළඹට ගේන්න පලාලි කඳවුරට ගෙනාව අවස්‌ථාවේ ඒ දොළොස් දෙනාම සයිනයිට් කාලා සියදිවි හානිකර ගත්තා. මේ අය සියදිවි හානි කරගත්තේ ප්‍රභාකරන්ගේ නියෝගයකට අනුව. සාම සාකච්ඡා අතරේ කුමාර් අප්පා අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රභාකරන් ලලිත් ඇතුලත්මුදලි එක්‌ක ලොකු තරහකින් හිටියෙ. ප්‍රභා කියලා තිබුණා කිසිම දවසක ලලිත් ඇතුලත්මුදලිට සමාවක් දෙන්නෙ නැහැ කියලා.
කුමාර්අප්පා මැරුණට පස්‌සෙ 1987 ඉඳලා නැගෙනහිර කොටි නායකයා විදිහට කටයුතු කළේ කරුණා අම්මාන්. එතන ඉඳලා නැගෙනහිර වෙච්ච හැම අපරාධයකටම කරුණා වගකියන්න ඕනෙ.
ප්‍රශ්නය - අරන්තලාවෙ භික්‍ෂු ඝාතනයට කරුණා අම්මාන්ගෙ සම්බන්ධයක් තියනවාද?
පිළිතුර - 1986 වෙනකොට නැගෙනහිර පළාතේ අරන්තලාව, මංගලගම, ප්‍රදේශ පාලනය කළේ යුද හමුදාව. එස්.ටී.එෆ්. එක. පාලනය කළේ නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල තිබුණ කල්අඩි, කලවන්චිකුඩි, තිරික්‌කෝවිල්, පානම දක්‌වා වූ ප්‍රදේශ.
අරන්තලාවෙ භික්‍ෂු ඝාතන සිද්ධියට නායකත්වය දුන්නේ රීගන් කියන ත්‍රස්‌ත නායකයා. රාම්, කරුණා අම්මාන් රමේෂ්, රමනන් වගේ ප්‍රාදේශීය කොටි නායකයො එකට සිටියෙ. මේ ප්‍රහාරයට මේ අය හැම කෙනෙක්‌ම සම්බන්ධයි.
ප්‍රශ්නය - නැගෙනහිර පළාතේ පොලිසිවල නිලධාරීන් 600 ක් පෝලිම් ගස්‌සලා මරලා දාපු එකට තමන් සම්බන්ධ නැහැ කියලා කරුණා කියනවා.
පිළිතුර - ඒක අමූලික බොරුවක්. මේ කාල සීමාව වෙනකොට නැගෙනහිර කොටි නායකයා වුණේ කරුණා අම්මාන්.
1987 ආරම්භ කරපු සාම සාකච්ඡා 1990 දී බිඳ වැටුණා. නැගෙනහිර පොලිසි ගණනාවක සිටිය නිලධාරීන්ට කොටින්ට භාර වෙන්න කියලා එවකට පොලිස්‌පති අර්නස්‌ට් පෙරේරා නියෝග කරලා තිබුණා.
පොලිස් නිලධාරීන් 600 ක් කොටින්ට භාර වුණා. සමන්තුරේ පොලිසියේ නිලධාරීන් විතරක් කොටින්ට භාර නොවී වෙස්‌වලාගෙන පැනලා ගිහින් ජීවිත බේර ගත්තා.
කොටින්ට භාර වෙච්ච පොලිස් නිලධාරීන් කැලෑවලට අරගෙන ගිහින් ඔලුවලට වෙඩි තියලා මරලා දැම්මා.
මේ සිද්ධිය වෙනකොට මම රාජකාරි කටයුත්තකට කොළඹ ඇවිත් හිටියෙ. මට වහාම නැගෙනහිරට යන්න නියෝග ලැබුණා.
එස්.ටී.එෆ්. එකත් අරගෙන මම කැලෑව පීරුවා. එක තැනක තිබුණේ පොලිස් නිලධාරීන් 295 දෙනකුගේ මළ සිරුරු. ඒ අයව මරලා තිබුණේ ඉංග්‍රීසි භාෂාවේ එල් හැඩේට පෝලිම් ගස්‌වලා. අත් පිටුපසට කරලා බැඳලා, ඔලුවට වෙඩි තියලා මරලා තිබුණේ.
මේ සිද්ධිය වෙනකොට පොට්‌ටුඅම්මාන් හිටියෙ යාපනේ. කරුණා දැන් කියනවා පොලිසියෙ අය මැරුවෙ පොට්‌ටුඅම්මාන් කියලා. මම කරුණට අභියෝග කරනවා ඒක ඔප්පු කරන්න කියලා. මේ මහා අපරාධයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ කරුණා අම්මාන්.
ප්‍රශ්නය - කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් කෙරුණු මෙහෙයුම් ගැන සිහිපත් කළොත්?
පිළිතුර - ඉතිහාසයේ සිද්ධ වුණ දරුණුම ඛේදවාචක රාශියකට කරුණා වග කියන්න ඕනෙ. දළදා මාලිගාවට බෝම්බ ලොරිය ආවෙ නැගෙනහිරින්, කොළඹ මහ බැංකුව පුපුරුවන්න බෝම්බ ලොරිය එව්වෙ නැගෙනහිරින්, ඒ වගේම රංජන් විඡේරත්න මරන්න බෝම්බ ඇටෙව්වෙ නැගෙනහිර කොටි, මේ හැම ප්‍රහාරයකට බෝම්බ නිෂ්පාදනය කළේ නිවුටන් කියන කොටි බෝම්බ විශේෂඥයා.
එයා හිටියෙ කරුණා අම්මාන් එක්‌ක නැගෙනහිර පළාතෙ.
නැගෙනහිර සිංහල ගම්මානවල අහිංසක මිනිස්‌සු අමු අමුවෙ මරා දැම්මෙ කරුණගෙ උපදෙස් මත. ඉතිහාසය වෙනස් කරන්න කරුණා අම්මාන්ට බැහැ.
ප්‍රශ්නය - 1994 පස්‌සේ එස්. ටී. එෆ්. එකේ යම් බිඳවැටීමක් සිදුවෙන්න පටන් ගත්තා?
පිළිතුර - ඒක සිද්ධ වුණේ ආණ්‌ඩු පෙරළියත් එක්‌ක. එස්. ටී. එෆ්. එකේ හිටිය දක්‍ෂ පළපුරුදු නිලධාරීන් රැසක් දේශපාලන පළිගැනීම් මත එස්. ටී. එෆ්. එකෙන් ඉවත් කළා. සමහරු කැමැත්තෙන්ම අයින් වුණා.
ඒ වෙනකොට මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂාව භාරව හිටියෙ. ඒ චෝදනාව මත මාව එස්. ටී. එෆ්. එකෙන් අයින් කරලා, වව්නියාවට මාරු කළා. එවකට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති වෙලා සිටිය අනුරුද්ධ රත්වත්තේ මාව ගෙන්නලා මට කතා කරලා තමයි මාරු කළේ. ඒ වගේම ඒ. එස්. ජී. ලයනල් කරුණාසේනවත් මාරු කරලා දැම්මා.
එස්. ටී. එෆ්. අණදෙන නිලධාරියා විදිහට ධර්මසිරි වීරකෝන් පත් කළා. ඒ සමඟ බුද්ධි තොරතුරු ඒකකයේ හිටිය නිමල් ගුණතිලක එස්. ටී. එෆ්. එකට ගත්තා. මේ අයට විශේෂ කාර්ය බළකාය ගැන පුහුණුවක් විශේෂ දැනුමක් තිබුණෙ නැහැ. ඒ නිසා 1994 ඉඳලා විශේෂ කාර්ය බළකායෙ ලොකු කඩාවැටීමක් ඇතිවුණා.
ලතීෆ්, අජිත් වික්‍රමසේකර, රවී සෙනෙවිරත්න වගේ දක්‍ෂ නිලධාරීන් කැමැත්තෙන්ම එස්. ටී. එෆ්. එකෙන් අයින් වුණා.
1984 ඉඳලා 1994 කාල සීමාවේදී එස්. ටී. එෆ්. කඳවුරුවලට කොටි ඇටෑක් කළේ නැහැ. මුළු නැගෙනහිරම අපි අතේ තිබුණේ. ඒත් 1994 න් පස්‌සෙ එස්. ටී. එෆ්. කෑම්ප් වලට පවා කොටි ගැහුවා. 1998 දී අම්පාර පුල්ලිමලේ කඳවුරට ඇටෑක් කළා. අපේ 8 දෙනෙක් මැරුණා.
ප්‍රශ්නය - 2001 වර්ෂයේ එජාපය ආණ්‌ඩු බලය ලබා ගැනීමත් සමගම ඔබ නැවත විශේෂ කාර්ය බළකායට එකතු වෙනවා.
පිළිතුර - ඔව්. මම 2001 වර්ෂයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විදිහට වැඩ භාරගන්නවා. ඒ වෙනකොට නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට කොටි ත්‍රස්‌තවාදීන් දරුණු විදිහට පහර දෙමින් සිටියේ. මට නියෝග ලැබුණා නැවතත් නැගෙනහිර පළාතට ගිහින් මේ තත්ත්වය පාලනය කරන්න.
2003 වර්ෂයේදී මම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා විදිහට පත්වෙනවා.
ප්‍රශ්නය - 2001 දී රජය සහ කොටි සංවිධානය අතර පැවැති සාකච්ඡාවලදී ඔබ ක්‍රියාකාරීව කටයුතු කළා. කරුණා අම්මාන් පවා ඔබ සමඟ සුහද වුණා.
පිළිතුර - 2001 වර්ෂයේදී රජය කොටි සංවිධානය සමග සාකච්ඡා ආරම්භ කළා. යාපනය සහ කොළඹ දී සාකච්ඡා වට කීපයක් පැවතුණා. මේ සාකච්ඡාවලට මටත් සහභාගි වෙන්න අවස්‌ථාව ලැබුණා. ඒ වගේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධීකරණය කරන්නත් මම දායක වුණා.
සාකච්ඡාවලට ආවට පස්‌සෙ කරුණා අම්මාන් මාව නිතරම හම්බ වුණා. කරුණාට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඔහු නිතරම හිටියෙ බරදන් කියන භාෂා පරිවර්තකයා සමග.
කරුණා මා සමඟ පැවසුවා ඇන්ටන් බාලසිංහම් එයාට කිව්වා කියලා ආරක්‍ෂාව සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් නිමල් ලෙව්කේ එක්‌ක කතා කරන්න කියලා. මේ නිසා කරුණා නිතර නිතර මා සමඟ කතා කළා.
රජය සහ එල්. ටී.ටී.ඊ. ය අතර සාම සාකච්ඡා බිඳවැටෙන බව මට මුලින්ම කිව්වෙ කරුණා. ඒ යාපනයේදී. කරුණා මා සමඟ කිව්වා ප්‍රභාකරන් මේ සාම සාකච්ඡාවලින් ඉවත් වෙන්න තීරණය කරලා තියනවා කියලා. මම ඒ බව මිලින්ද මොරගොඩ මහතාට කිව්වා.
ප්‍රශ්නය - කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද ඉවත් වුණේ ප්‍රභාකරන් සමඟ ඇතිකරගත් ගැටුමක් නිසාද?
පිළිතුර - 2004 අවුරුද්දේ දවසක් පාන්දර 4.00 ට විතර කරුණා මට දුරකථනයෙන් කතා කළා. ඔහු කථා කළේ භාෂා පරිවර්තක බරදන් මාර්ගයෙන්.
කරුණා මට කිව්වා එයා එල්.ටී.ටී.ඊ. එකෙන් ඉවත් වෙනවා කියලා. නැගෙනහිර කොටි ප්‍රබලයෙක් වූ රමේෂ් තවත් තුන් දෙනෙක් එක්‌ක ප්‍රභාකරන් හමුවෙන්න යනවා කිව්වා. වහාම ඒක නතර කරන්න කියලා කරුණා මගෙන් ඉල්ලීමක් කළා.
රමේෂ් ඇතුළු කණ්‌ඩායම සිවිල් ඇඳුම් ඇඳගෙන වෙස්‌වලාගෙන යන්නෙ කිව්වා. මම මේ ගැන එවකට පොලිස්‌පතිව සිටිය ඉන්ද්‍ර ද සිල්වාට දැනුම් දුන්නා.
අපි සී.අයි.ඩී. එක දාලා මේ අය ගැන සෙව්වා. ඒත් අපට රමේෂ්ව අල්ල ගන්න බැරි වුණා. රමේෂ් අපේ ඇස්‌වලට වැලි ගහලා ප්‍රභාකරන් ළඟට ගියා. කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. එකෙන් ඉවත් වුණා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට නැගෙනහිර පළාතෙන් විශාල මුදල් ප්‍රමාණයක් මාසිකව ලැබෙනවා. නැගෙනහිරින් ලැබෙන මුදල් තිබුණෙ කරුණා භාරයේ. මේ මුදල් සම්බන්ධයෙන් ප්‍රභාකරන් කරුණා අතර ආරවුලක් තිබුණා. ප්‍රභාකරන් කරුණාට යාපනයට එන්න කිව්වෙ මේ මුදල් ගැන මතුවෙලා තිබුණු ප්‍රශ්නය විභාග කරන්න. කරුණා දැනගෙන සිටියා ප්‍රභාකරන් ළඟට ගියොත් ජීවිතේ විනාශ වෙනවා කියලා. ප්‍රභාකරන් මහත්තයට කරපු දේ කරුණා දැන ගෙන සිටියා. ඒ වගේම කරුණා කැලෑවෙන් එළියට ඇවිත් ලෝකේ දකිමින් හිටියෙ. සාම සාකච්ඡාවලට කරුණා රටවල් ගණනාවකට ගියා. එයා දැනගත්තා කැලෑවෙ ගෙවන කටුක ජීවිතේට වඩා මේ ජීවිතේ සුන්දරයි කියලා.
ඔහු එල්.ටී.ටී.ඊ. එකෙන් ඉවත් වෙන්න ඒකත් හේතුවක් වුණා.
ප්‍රශ්නය - කරුණා අම්මාන් පසුගිය දවසක ප්‍රසිද්ධ මධ්‍යයකට කියා තිබුණා නැගෙනහිරින් එනකොට 6000 ක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් එයා යටතේ හිටිය බව.
පිළිතුර - ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. කරුණාවට නැගෙනහිර පළාතේ එච්චර ලොකු හමුදාවක් හිටියෙ නැහැ. කරුණාත් එක්‌ක කොටි සාමාජිකයො 400 - 500 ක් ඉන්න ඇති.
මුළු නැගෙනහිරම අල්ලගෙන හිටිය එස්. ටී. එෆ්. එකටත් හිටියෙ 500 ක බලඇණියක්. අනික නැගෙනහිර පළාතේ කරුණාට කඳවුරක් තිබුණෙ නැහැ. ගස් ගල් යට මේ අය හිටියෙ. කරුණා හිටපු කඳවුරු කොහෙද තියෙන්නෙ කියලා මම එයාගෙන් අහනවා. 6000 ක බලඇණියක් එයාට හිටියනම් ඒ අය ඉන්න ඕනෙ කඳවුරුවල. අනික ඒ වගේ විශාල පිරිසකට කන්න දෙන්න ඕනෙ. කරුණා හදන්නෙ එයා ලොකු හමුදාවකට නායකත්වය දුන්නා කියලා පෙන්වන්න.
අනික නැගෙනහිර පළාතේ සම්පූර්ණ බලය අපේ හමුදාව අත්පත් කර ගනිද්දී ලොකු සටනක් කරන්න ලැබුණෙ නැහැ. ඒකෙන්ම පේනවා නැගෙනහිර හිටියෙ පොඩි හමුදාවක් කියලා. කරුණාට භාරවෙලා තිබුණෙ අල්ලගෙන එන දෙමළ තරුණයන්ට අවි පුහුණුව ලබා දීලා ඒ අය උතුරට යවන්න. මේ පුහුණුවීම් තොප්පිගල කැලෑවෙ පොඩි පොඩි කඳවුරුවල සිද්ධ කළා.
ප්‍රශ්නය - කරුණාත් ප්‍රභාකරනුත් අතර කිට්‌ටු සම්බන්ධයක් පැවැතුනාද?
පිළිතුර - ප්‍රභාකරන් කරුණාව ළඟට අරගෙන සිටියෙ නැහැ. මේ අය අතර කුල ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම ප්‍රභාකරන් කරුණා ගැන ලොකු විශ්වාසයකින් හිටියෙ නැහැ.
ප්‍රශ්නය - කොටි සංවිධානය පරාජය කිරීමේ සටනට කරුණා විශාල දායකත්වයක් දැක්‌වූ බව කියනවා.
පිළිතුර - යුද්ධය නිමා කරන්න කරුණා මහ ලොකු සහායක් දුන්නෙ නැහැ. නැගෙනහිර පළාතේ කොටි සංවිධානයට අයත් කුඩා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්න ගුවන් හමුදාවටත් ආමි එකටත් ටාගර්ට් දුන්නෙ එස්. ටී. එෆ්. එකෙන්. කරුණා අපට තොරතුරු දුන්නෙ නැහැ.
උතුරේ සිදුවූ සටනේදීත් කරුණාගෙන් ඒ හැටි සහයෝගයක් ලැබුණේ නැහැ.
ප්‍රශ්නය - මේ වෙනකොට කරුණා අම්මාන් මාධ්‍ය ඔස්‌සේ විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා පසුගිය රජය ඔහු විවේචනයට ලක් කරනවා.
පිළිතුර - කරුණා අම්මාන් මේ වෙලාවේ ඒ වැඩේ කරන්නෙ දේශපාලන වාසි ගන්න. කරුණාට දෙමළ ජනතාවගේ කිසිම කැමැත්තක් නැහැ. මම අභියෝග කරනවා, පුළුවන්නම් ඡන්දයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න කියලා.
යුද සමයේ සිද්ධ වෙච්ච දේ නැවත විවේචනය කරමින් කරුණා දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. මොකද එයා මේ වෙනකොට දේශපාලනමය වශයෙන් අනාථයකු වෙලා ඉන්නේ.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2015/09/13/feature15.html

1 comments:
ලංකාවෙ මිනිස්සුන්ට මේව මතක නෑ. මතක් කරන්න උවමනාවකුත් නෑ ආයිත් බස් වල නගරවල බෝම්ම පිපිරෙන දවසක් උදාඋනොත් එදාට පොඩ්ඩක් කෑගහනවා එච්චරයි.......
Post a Comment