Pages

Sunday, September 13, 2015

කොළඹ හා තදාසන්න නගරවල වතුරේ ආසනික්‌ නෑ

කොළඹ හා තදාසන්න නගරවලට සපයන පානීය ජලයෙහි බැරලෝහ හෝ ආසනික්‌ නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවසයි.

කැළණි ගඟෙන් ලබා ගන්නා ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළවෙමින් පවතින බව පෙන්වා දෙන මණ්‌ඩලය එම තොරතුරුවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බව ද කියා සිටී.

කොළඹ හා ඒ අවට නගරවලට ජලය සම්පාදනය කරන අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබා ගන්නේ කැළණි ගඟෙන් බව ද ජලසම්පාදන මණ්‌ඩලය සඳහන් කරයි.

කැළණි ගඟේ ආසනික්‌ තිබේද යන්න සම්බන්ධයෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිහිටි රසායනාගාරයේදී සෑම සතියකට වරක්‌ පරීක්‍ෂා කිරීම සිදුකරන බව ද මණ්‌ඩලය පවසයි.


එසේම බැරලෝහවලට අමතරව පානීය ජලයෙහි ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා රසායනාගාර තුළදී භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්‍ෂාවන් සෑම දිනකම සිදුකරනු ලබන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


ලසිත දුමින්ද - සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/09/12/news29.html

Pic Source

සබැඳි ලිපි -
[
කැලණි ගඟේ ආසනික්‌ සාන්ද්‍රණය වැඩිවෙලා - පරීක්‍ෂණයකින් හෙළිවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_72.html
]

0 comments: