Pages

Friday, September 11, 2015

දීඝවාපි පරිවාර චෛත්‍යක්‌ අෂ්රොප් ඩෝසර් කළා. 2ක්‌ අසිංහල බලවේග විනාශ කලා. චන්දානන්ද නාහිමි පුදබිම යළි සැකසීම විශ්මයජනකයි - මේධානන්ද හිමි

නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සුරැකීම සඳහා පෝද්දිවෙල චන්දානන්ද නායක ස්‌වාමීන් වහන්සේ ඉටු කරන මෙහෙවර අතිශය ප්‍රශංසනීය බවත්, ඉතාම කෙටි කාලයක්‌ තුළ දීඝවාපී පරිවාර චෛත්‍ය පුදබිම යළි පුබුදු කොට දහස්‌ ගණන් ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන තත්ත්වයට රැගෙන ඒම විශ්මයජනක කාර්යයක්‌ බවත්, මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මල්වතු මහා නාහිමි ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමමින් පෝද්දිවෙල නාහිමියන්ට උසස්‌ ගෞරවයක්‌ කර දී ඇති බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල ශ්‍රී මේධානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

නාපාවල ගැටහැත්ත ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ සමග නැගෙනහිර පුරාවිද්‍යා ස්‌ථාන නරඹමින් එම ස්‌ථාන වෙනුවෙන් විය යුතු මෙහෙවර සොයාබැලීම සඳහා වැඩම කළ එල්ලාවල නාහිමියෝ දීඝවාපිය පරිවාර චෛත්‍ය රාජමහා විහරස්‌ථානයටද පැමිණ ගවේෂණ කටයුතුවල නිරතවුණු අතර පෝද්දිවෙල නාහිමියන්ගේ සමාජ සත්කාර වැඩ පිළිවෙළ දැක අතිශය ප්‍රබෝධයට පත් විය.

බස්‌ රථ තුනක පැමිණි පිරිස සාදරයෙන් පිළිගත් පෝද්දිවෙල නාහිමියෝ එම අවස්‌ථාවේ විහාරස්‌ථානයේ සේවය කරන පිරිස්‌ වෙනුවෙන් උන්වහන්සේ විසින්ම කිරි තේ සකස්‌ කර එම විශාල පිරිසට පිරිනැමීම ඉතා සිත්ගන්නා කරුණක්‌ විය.

තවදුරටත් කරුණු දැක්‌වූ එල්ලාවල නාහිමියෝ මෙබඳු යතිවරුන් නිසා අපේ ජාතික උරුමය සුරැකෙනවා. දීඝවාපී මහා ථූපය සිව් දෙස පරිවාර චෛත්‍ය හතරක්‌ තිබුණා. ඉන් එකක්‌ දිවන්ගත අමාත්‍ය අෂ්රොප්ගේ කාලයේ ඩෝසර් කළා. තව දෙකක්‌ තිබූ තැන් සොයා ගන්න බැරිවෙන්න අසිංහල බලවේග මගින් විනාශ කරලා නටබුන් ඉතිරි වී තිබුණා. මෙම පරිවාර චෛත්‍යයන් ආක්‍රමණවලට ලක්‌ වෙද්දී මෙහි වැඩම කළ පෝද්දිවෙල නාහිමියන් ඒවා ආරක්‍ෂා කර සුරක්‍ෂිත කළා. මෙය විශ්මයජනක වැඩක්‌. හිතන්න බැරි දියුණුවක්‌ තිබෙනවා. ඔබ වහන්සේට බුදු වෙන්න මේ පිංකමම ඇතැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල ශ්‍රී මේධානන්ද හිමියෝ පැවසූහ.

සටහන හා ඡායාරූප පී. ජයසිංහ, දඩයම්තලාව
http://www.divaina.com/2015/09/11/provin02.html

Pic Source

5 comments:

Anonymous said...

අස්පොර් උන්නැහේගේ හෝලයා හකීම් දැන් ඉන්නේ යහපාලන කල්ලියේ නේද? ඇයි අමතක උනාද? හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසේ නේද නැගෙනහිර අපේ උරුමයට ලොකුම විනාසේ කරන්නේ. යහපාලනේට කඩේ යනකොට ඒව මතක් උනේ නැද්ද? මහින්ද එලවගත්තනේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව මොනවත් කරන්නේ නෑ කියලා. දැන් සනීපද යහපාලනෙන් හකීම්ලා බදුඩීන්ලා සම්බන්දන්ලා ශක්තිමත් කරල අපේ මිනිස්සුන්ගේ කටවලුත් වහන්න රනිල් මරු විකල්ලෙන් හැසිරෙනකොට. යහපාලනේට ශය දීල කරපු ගොන්කම පිළිගන්න ඉස්සර වෙලා. ඊට පස්සේ මේව ලියන්න.

Anonymous said...

මහින්දගෙ ගොට්ටන්ට මහින්ද කරපුව ඔක්කොම හොඩයි. බඩ්ඩුද්දීන්ට විල්පත්තුව බෙදල දුන්න එකත් හොඩයි. සජින්වාස් අපේ සල්ලි වලින් නිල් බලපු එකත් හොදයි. හකීම් නීති විද්යලෙට තම්බි පුරෝපු එකත් හොඩයි. සාම විනිසුරුවො බහුතරයක් තම්බින්ට දුන්නු එකත් හොඩයි. අනේ බයියනේ, හරිදේ හරියටත් වරඩි දේ වරඩියටත් දකපල්ලා.

Anonymous said...

මහින්දගෙ කාලෙ හකීමයයි, රිෂාර්ඩ් කරයයි ඔඩොක්කුවෙ දාගෙන හුරතල් කරපුව මහින්දගෙ ගොටු බයියන්ට මතක නෑ. රිෂාර්ඩය උසාවි වලට ගිනි තිබ්බෙත් මහින්දයගෙ කාලෙ නෙමේද බයියනේ? උන් දෙන්න දැන් යහපාලනෙන් හුරතල් කරන එක ගැන නම් මාර දුකෙන් ඉන්නෙ. නමුත් අපි නම් ඔය දෙකටම විරුද්ධයි!

Anonymous said...

දිවන්ගත අමාත්‍ය අෂ්රොප්ගේ කාලයේ ඩෝසර් කළා. හරි ෂෝක් ,,,,,,, චෛත්‍ය ඩෝසර් කරපු එකා දිවංගත ලු.

Anonymous said...

ඒ කාලේ මේ ප්‍රශ්නේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ ඇවිස්සුවම ඔක්කොම හාමුදුරුවරු අශ්රෝෆ්ගේ පැත්ත ගත්තා. කොටින්ම දීඝවාපියේ නායක හාමුදුරුවොත් ප්‍රසිද්ධියේම අශ්රෝෆ්ගේ ගුණ කිව්වා. 'නැණ පහන' සජීවී සාකච්චාවටත් කතා කරලා ගත්තේ දීඝවාපිය වෙනුවෙන් කතා කරපු සෝම හාමුදුරුවන්ගේ පැත්ත නෙමෙයි, චෛත්‍ය ඩෝසර් කරපු අශ්රෝෆ්ගේ පැත්ත, එය ලයිට් දුන්නා, ටෙලිපොෆෝන් දුන්නා, පාර හැදුවා කියලා. එකෙන් අවංකව කතා කරපු සෝම හාමුදුරුවන්ට ලැජ්ජාවක් උනා.

මේ එල්ලාවල හමුරුවොත් පහුගිය කාලේ පාලකයෝ එක්ක ඔය ඔක්කොම නිදන් ගන්න වැඩ කරලා දැන් බුදු වෙන්න විවරණ දෙන්න හදනවා. මේගොල්ලෝ හිතන්නේ අපි මැරිලා ඉපදුනා කියලද.......