Pages

Tuesday, September 8, 2015

මීට වසර කීපයකට පෙර බුදු සසුනේ චිරස්‌ථිතියට ඉදිරිපත් කළ පනත් 5 ට නව ඇමැතිවරයා ප්‍රමුඛත්වය දෙතැයි විශ්වාස කරනවා - මැදගම ධම්මානන්ද හිමි

බුද්ධශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් මහානායක හිමිවරුන් ඇතුළුÊමහා සංඝරත්නය මීට වසර කීපයකට පෙර ඉදිරිපත් කළ පනත් 5 ක්‌ මේ දක්‌වා සම්මත කර ගැනීමට නොහැකිවී ඇති බැවින් අභිනව බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇතැයි තමන් වහන්සේලාගේ විශ්වාසය බව මහසංඝරත්නය සඳහන් කරති.

විහාර දේවාලගම් සංශෝධන පනත, ථෙරවාදී කථිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත, දස සිල් මාතා ආරාම පනත ඇතුළු පනත් පහක්‌ මීට වසර කීපයකට පෙර සම්මත කර ගැනීමට නියමිතව තිබූ නමුත් එය ඉටුවී නැති බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් 'දිවයින'ට අදහස්‌ ප්‍රකාශ කළ අස්‌ගිරි කාරක සංඝ සභාවේ මැදගම ධම්මානන්ද හිමියෝ 1931 සකස්‌ කළ විහාර දේවාලගම් පනත පසුව අවස්‌ථා කීපයකදී සංශෝධනය වී තිබුණත් එය අදට ගැලපෙන සේ සංශෝධනය කළ යුතුයි. ඒ පිළිබඳව අවධානය යොමු කර ෙත්‍රෙනිකායික මහ නාහිමිවරුන්ගේද අනුමැතිය ඇතිව සංශෝධිත පනත් කෙටුම්පත අනුමත කරවා ගන්න වසරකට වැඩි කාලයක සිට උත්සාහ කරනවා.

වර්තමාන බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙවැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක්‌ ඇතිව කටයුතු කරන කෙනකු වීම ගැන අපි සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා මේ පනත් සම්බන්ධයෙන් ඔහු ඉක්‌මන් පියවරක්‌ ගනීවි කියලා යෑයිද ධම්මානන්ද හිමි සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/09/08/news18.html

Pic Source

0 comments: