Pages

Wednesday, September 23, 2015

ජනපති නියෝග නොතකා ග්ලයිපොසේට්‌ ජාවාරම ජයටම!

Image result for glyphosateජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම යටතේ ග්ලයි පොසේට්‌ (රවුන්ඩ්අප්) තහනම රට පුරාම ක්‍රියාත්මක කර තිබියදීත් කොළඹ ආනයනික සමාගම් මගින් ප්‍රාදේශීය වෙළෙඳුන්ට රහසිගතව ග්ලයි පොසේට්‌ අලෙවි කිරීම නිසා ගොවීන් මේවා රහසිගතව වැඩි මුදලක්‌ ගෙවා ලබාගෙන භාවිතයට ගන්නේ යෑයි නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී. ටී. ජයසූරිය මහතා අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවට පැමිණිලි කළේය.

මෙය හරියටම මිනිසුන් මැරෙන බව දැන දැනම දුම්වැටි අලෙවි කිරීම වගේ පාපතර වැඩක්‌. ග්ලයි පොසේට්‌ යෙදීම නිසා පොළව තැම්බී විෂකාරක තත්ත්වයට පත්වී භූගත ජලයටත් පසටත් වස විෂ මුහු කරන බව ප්‍රත්‍යක්‌ෂයෙන් තේරුම්ගත් ජනාධිපතිතුමා වහාම මේ විෂකාරකය තහනම් කිරීමට පියවරගත් නමුත් ග්ලයි පොසේට්‌ මාපියාව හොර රහසේ ක්‍රියාත්මක වෙනවා. යටි අතින් ක්‍රියාත්මක වන මෙම නිලධාරි මාෆියාව සමඟ බැඳුණ ග්ලයිපොස්‌පේට්‌ මාපියාව වහාම නැවැත්වීමට පියවර ගත යුතුව ඇතැයි ගොවියෝ පැමිණිලි කර සිටියහ.

මේ පිළිබඳව අවධානය යොමුකළ අනුරාධපුර මහ දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතා තවදුරටත් මෙම හොර ජාවාරම් පවත්වාගෙන යන බවට වාර්තා ලැබුණොත් පොලිසිය දැනුම්වත් කොට ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස්‌ දෙන බව අවධාරණය කළේය.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/09/23/provin04.html

Pic Source

0 comments: