Pages

Friday, September 25, 2015

වසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුවෙයි. ලුනුගල ගල් ලෙනෙන් ලංකා ඉතිහාසය වෙනස්‌ වෙයි!

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර ප්‍රදේශයේ ගල් ලෙනක්‌ ඇසුරෙන් කරන ලද කැණීම්වලදී මීට වසර 3000 - 4000 අතර කාලයේදී ආදිවාසී ජනතාව ජීවත් වූ බවට පැහැදිලි සාක්‍ෂි රාශියක්‌ හමුවී ඇති බවට පර්යේෂණයකින් හෙළිවී ඇත. වැලිගෙපොල මාර්ගයේ කෝන්ගස්‌තැන්න හංදියෙන් හැරී කිලෝ මීටර් අටක්‌ පමණ ගමන් කළ පසු හමුවන ලුනුගල්ලෙන පිහිටි ස්‌ථානයට ළඟා වූයේ දුෂ්කර මාර්ගයක්‌ පසුකර ලීදඬු වැල් ආදියෙන් තැනූ ඉණිමඟක්‌ ද ඔස්‌සේය. මෙම පර්යේෂණ කටයුතු සිදු කරන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ මෙසේය.

ඉතිහාසය යනු මේ රටේ මිනිසුන්ගේ සත්‍ය කතාවයි. නමුත් ඉතිහාසය පිළිබඳ පාසල් විෂයයන්ට පවා අපි මීට වසර හත අටකට පෙර ලියූ දේ වෙනස්‌ කරන්න කාලය එළඹිලා. ආදි මානවයා කියන්නේ අපි හිතාගෙන හිටියේ සතුන් දඩයම් කරමින් සතුන් පසුපස යමින් ජීවත් වූ පිරිසක්‌ කියලයි....

මෙම ලුනුගල් ගෙය තුළ මෙතෙක්‌ කරන ලද කැණීම්වලින් ආදි මානවයා ගොවිතැන් කරමින් අර්ධ දඩයක්‌කරුවන් ලෙස ජීවත් වූ බවට සාධක හමුවී තිබෙනවා. මේ වන විට කුඩා ගල් ආයුධ ලක්‍ෂයක්‌ පමණ සොයාගෙන තිබෙනවා. වී ඇට දික්‌කැකුණ ඇටවල කොටස්‌ හමුවීමෙන් විවිධ ධාන්‍ය වර්ග ආහාරයට ගෙන තිබෙන බව පෙනෙනවා. ඒ සියල්ලටම වඩා ගිනි උපදවා ගැනීමට විශේෂ ගල් විශේෂයක්‌ භාවිතා කර තිබෙනවා. එම ගල මතුපිට වෙලන් කෝටුවක්‌ තබා දැතින් කරකැවීමෙන් එම ගල මතුපිටින් ගිනි උපදවාගෙන තිබෙනවා. ඊට පුළුන් වැනි පහසුවෙන් ගිනි දල්වාගත හැකි යමක්‌ කිට්‌ටුකර තම අවශ්‍යතා ඉටුකරගෙන තිබෙනවා. එසේම බෝලගල් මෘදු මිටි ලෙස භාවිතා කරමින් රබහා වැනි ගල් විශේෂ විද කුඩා පබළු ආදිය පැළඳ ගැනීමටත් කටයුතු කර තිබෙනවා. ආදි වාසී නායකයන් හඳුනාගන්නට පච්ච කෙටීමට අවශ්‍ය පාෂාණ විශේෂයක්‌ ද මොවුන් භාවිත කළ බව සනාථ කරන්නට එම ගල් හමුවුණා.

රාත්‍රියේ අඳුර පලවා හරින්න කැකුණ ඇට පලා එම මද කෝටුවක ගසා දල්වාගෙන තිබෙනවා. මේ ප්‍රදේශයේ මීගම්මන දොළ අසල අදත් කැකුණ ගහක්‌ දක්‌නට ලැබීමෙන් ඒවා හොඳින් තහවුරු වෙනවා. වෙනත් කිසිම තැනකින් අතීතයේ ජනයා භාවිතා කළ වී ඇට හමුවී නැහැ. මෙම අය මෙනේරි වැනි ධාන්‍ය වර්ගද පරිභෝජනය කරමින් මීමින්නන්, දඬුලේනුන්, කුරුල්ලන් වැනි කුඩා සතුන් පමණක්‌ ආහාරයට ගෙන ඇති බව දැනට ලැබී ඇති සතුන්ගේ අස්‌ථි කොටස්‌වලින් පැහැදිලි වෙනවා.

මෙදින රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඉතිහාස විෂය උගන්වන ගුරු මහත්ම මහත්මීන් 140 ක්‌ පමණ මෙම ලුනුගල්ගෙය බැලීමට පැමිණ සිටි හෙයින් එම ගුරුවරුන් වෙනුවෙන් මහාචාර්ය රාඡ් සෝමදේව මහතා මෙවන් කරුණු රැසක්‌ ද ප්‍රකාශ කළේය.

"පුරාවිද්‍යා ඉතිහාසය යන විෂයයන් උගන්වන ගුරුවරු පවා එතරම් වැදගත් කොට ඇතැම් අය සලකන්නේ නෑ. විද්‍යාව ගණිතය උගන්වන ගුරුවරයාට ඊට වඩා සලකනවා. ඉතිහාසය ගුරුවරුන් දාන් ලෑල්ලෙ ඉත්තෝ වගේ එහාට මෙහාට මාරු කරනවා.

මෙහිදී අප සොයාගත් දේ අනුව ඉතිහාසය වෙනස්‌ වෙනවා. බටදොඹලෙන, පාහියංගල වගේ ලුනුගල් ගුහාවත් ඉතිහාස ගත වේවි. අපි වසර 8 ක්‌ පමණ තිස්‌සේ ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා. දැන් පළමු වෙඩිමුරය තබලයි තිබෙන්නේ. සිසුන් අහන ප්‍රශ්නවලට ගුරුවන්ට උත්තර දෙන්න මෙම අධ්‍යයනය වැදගත් වේවි. කුවේනිය, සහ ඇගේ දරු ඥති පිරිස ගැන පමණක්‌ කතා කර කර ඉඳලා වැඩක්‌ නැති බව පෙනේවි.

මේ ගල්ලෙන පිළිබඳව මුලින්ම මට දුරකථනයෙන් තොරතුරු ලබා දුන්නේ බළන්ගොඩ බුද්ධ ජයන්ති විදුහලේ ඉතිහාසය විෂය උගන්වන සමන්ත නමැති ගුරුවරයෙක්‌. මම ඊට අවධානය යොමුකර මීට මසකට පමණ පෙර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක්‌ ද සමඟ වැඩේ ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. හමුවූ ගල් ආයුධ පහක්‌ බැගින් පාසල්වලට ලබාදෙන්න මම සූදානම්. ඊට සුදුසු ස්‌ථානයක්‌ හදන්න දරුවන්ට දැනුම ලබාදීමට එය ආයෝජනයක්‌. සජීවී සාක්‍ෂි ඇතුව උගන්වන එක වඩාත් වැදගත්.

මෙම ගල්ලෙන පිහිටි ස්‌ථානයට අලි, කොටි, මුවන්, කුළුහරකුන් වැනි විශාල සතුන්ට ඒමට නොහැකි ආරක්‍ෂිත ස්‌ථානයක්‌ බවත් ආදි වාසී ජනයා ජීවත් වූ ස්‌ථානයක්‌ බව පැහැදිලි සාක්‍ෂි ඇති බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

මෙම ලිපිය සැකසීමට පුරාවිද්‍යා ලේඛක දයානන්ද බිනරගම, බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. ජී. ආරියපාල යන මහත්වරුන් දැක්‌වූ සහායට ස්‌තුතිය පිරිනමමු.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
http://www.divaina.com/2015/09/25/news22.html

Pic Source

සබැඳි ලිපි -
[
අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් - රජගල සෙල්ලිපියෙන් හෙළිවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/1000.html
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_43.html
තඹාල රිනායිපුර පුරාවිද්‍යා කැණීම්වලින් ඉපැරණි ස්‌ථූපයක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_10.html
රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/300.html
වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්http://denethharinna.blogspot.com/2015/09/1100.html
අනුරපුර විජයාරාම පුරාණ විහාර භූමියෙන් මහායාන සූත්‍ර පාඨ ලියූ තඹ පතක්‌ හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_84.html
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක්‌ තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක්‌ ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: