Pages

Thursday, July 11, 2013

නෝර්වේ ළමා සුරැකුම කරුමයක් වෙලා. නොදරු මනස අඳුරු කරලා.

Norve-lama1
Norve-lama2නෝර්වේ දරුවන් සුරැකීමේ ආයතන තුළ අතිශය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවෙමින් තිබේ. නෝර්වේහි පිහිටි අදාල ආයතනයට භාරදෙන දරුවන් පෙරළා දෙමාපියන් වෙත ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය බෙහෙවින්ම කම්පාසහගත වන අතර එකී දරුවන් තුළ දෙමාපියන් කෙරෙහිව දැඩි පිළිකුලක් ඇතිවන පරිදි අදාල ආයතන දරුවන් නොමග ‍යවමින් සිටී. එමෙන්ම දෙමාපිය ඇසුරේ වැඩෙන දරුවන් හොරෙන් පැහැරගෙන යාමද අතිශය බහුල ලෙස එම ආයතන තුළ සිදුවන බවත් එලෙස පැහැර ගන්නා දරුවන්ද මානසික වශයෙන් විශාල පරිවර්තනයකට ලක්කොට ආයතනික සිතැගි පරිදි ළමා මනස විකෘති කරන බවත් වාර්තා වේ. දහසය දහසක් ඉක්මවන දරුවන් පිරිසක් බලහත්කාරයෙන් මෙම ඊනියා ළමා සුරැකුම් ආයතනවවල රඳවාගෙන සිටින අතර,ඒ පිරිස අතරෙහි ශ්‍රී ලාංකික දරුවන්ද සිටින බව පැවසේ.
Norve-lama3

මේ අතර එම දරුවන් දෙමාපියන් වෙත භාරදෙන ලෙස එරට අධිකරණය නියෝග නිකුත් නිකුත් කර තිබියදීත් එම නියෝග නොසලකා හැර ඇති මෙම සුරැකුම් ආයතන එම නඩුවලට පෙනී සිටි මහේස්ත්‍රාත්වරුන්ට එරෙහිව නඩු පවරන තත්ත්වයට බලවත්ව ඇත. මේ අතර අද (10) දහවල් පාර්ලිමේන්තු වටරවුමට එක්වූ අදාල දරුවන්ගේ දෙමාපියන්ගේ ඥාතීන් සිය දරුවන් බේරා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

2013 ජූලි 10  03:55 p.m - නිමල්සිරි එදිරිසිංහ
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13612:2013-07-10-11-46-17&catid=34:news&Itemid=62

1 comments:

ප්‍රතිවාදියා said...

නෝර්වේ කියන්නේ බටහිර ස්කැන්ඩිනේවියානු රටක්. මේ ස්කැන්ඩිනේවියානු රටවල තමයි බටහිර කාන්තා විමුක්තියයි සමලිංගිකත්වයයි සරුවටම වර්ධනය එලා තියෙන්නේ. මේ රටවල කාලකන්ණින්ට පවුල කියන එක පෙන්නන්න බෑ. විශේෂයෙන් මේ විකුර්ති කාන්තා විමුක්තිය පැතිරුන රටවල ළමයි වෙනුවෙන් පෙනී හිටින ආයතන පොදුවේ ළමා මනස තුලට පවුල තුල තමන්ට අසාධාරනකම් වෙනවා කියන මතය ඔලුවට දානවා. මවුපියන්ට එරෙහිව සටන් කරන්න පොළඹවනවා. විශේෂයෙන් පවුලේ පියා ගැන මේ කාන්තාවිමුක්තිය අනුගමනය කරන රටවල් නිතර වෛරක්කාර අදහස් වපුරනවා. ඒ වගේම කුඩා ළමුන්ට ළමා කාලය තුලදීම සමලිංගික විකුර්ති කාමුක අද්දැකීම් ලබාදීමට කටයුතු කරනවා. මේ බටහිර බොරු පස්චාත්නූතනවාදයක් අනුව යන ජරා රටවල ආයතන වලට අපේ රටේ ළමයින්ගේ මොළ හෝදන්න ඉඩ දෙන්නේ හිතන්න මොළයක් නැති අනුකරනවාදී දෙමවුපියන්මයි.