Pages

Friday, August 30, 2013

රතුපස්වලට හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින්

බීමට ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ජනතාව සිදුකළ මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට යුද හමුදා නිලධාරීන් කැඳවනු ලැබුවේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින් බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29දා) හෙළිදරව් විය. මේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ බීමට ජලය ඉල්ලා වැලිවේරිය ජනතාව සිදු කළ උද්ඝෝෂණයට පහරදීමට හමුදාව කැඳවීමට තීරණය කළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් හෙළිදරව් වී නොමැති බවයි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට...

පෝක් සමුද්‍ර සංධිය හෑරීමේ 'සේතු සමුද්‍රම්' ව්‍යාපෘතිය - විශාල හානියක්, ආර්ථික වටිනාකමකුත් නෑ – ඉන්දියාවෙන්ම චෝදනා

ඉන්දියානු හා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ ඉදිකෙරෙන සේතු සමුද්‍රම් ඇළ මාර්ගය මගින් පරිසරයට විශාල බලපෑමක් සිදු වන බවත්,එම ඇළ මාර්ගයේ ආර්ථික වටිනාකමක් නොමැති බවත් ඉන්දීය පරිසර සංරක්ෂණ සංවිධානයක් යළි අනාවරණය කළ බව ”ද හින්දු”පුවත් සේවය වාර්ථා කරයි. වෙරළ කි‍්‍රයාකාරී ජාලය (Coastal Action Network CAN) නම්වූ මෙම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ ව්‍යාපෘතිය හරහා ලෝක භූ විද්‍යාත්මක උරුමයක් වශයෙන් හදුනාගෙන ඇති ආදම්ගේ පාලමට (රාම් සේතු) විශාල වශයෙන් හානි පැමිණිය හැකි බවයි.එසේම මෙම ව්‍යාපෘතිය හරහා සාමුද්‍රික-ජෛව පරිසරයට විහාල වශයෙන් ගැටලූ ඇතිවන බව ඔවුන් සදහන් කර...

රතුපස්වල සිද්ධිය - බි‍්‍රගේඩියර් සහ කර්නල් තිදෙනෙකුගේ තනතුරු අත්හිටුවයි

පානීය ජල ප‍්‍රශ්ණයක් මුල් කර ගනිමින් පසුගියදා වැලිවේරියේදී කල වෙඩි තැබීමට අණු දුන් බව පැවසෙන යුද හමුදාවේ බි‍්‍රගේඩියර්වරයෙකු සහ ලුතිනන් කර්නල්වරුන් තුන්දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රුවන් වනිගසූරිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති මූලික විමර්ශනයෙන් නිලධාරීන් විසින් වරදක් සිදුකර ඇති බවට තහවුරුවීම හේතුවෙන් යුධ හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටී. යුද හමුදාපතිවරයා විසින් තවදුරටත් නියම කර ඇත්තේ අදාළ නිලධාරීන්ට එරෙහිව යුද අධිකරණයක් හමුවේ නඩු විභාග කිරීමට අදාළ ප්‍රමාණවත් සාක්ෂි තිබේ ද යන්න සොයා...

තවත් "ටුවරිස්‌ට්‌" කෙනකුගේ ලංකාගමනය - පිල්ලේ ගමන පිලිබඳ දිවයින කතුවැකිය

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය දොස්‌තර රාජිනී තිරාණගම බයිසිකලයේ නැඟී ගෙදර යමින් සිටියදී කොටින් විසින් වෙඩි තබා මරන ලද බව ඇය දන්නේද? අරන්තලාවේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මන්න සහ කැතිවලින් කපා සංහාරය කළ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය විසින් රජීව් ගාන්ධි මැරූ හැටි, ආර්. ප්‍රේමදාස ඝාතනය කළ හැටි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට බෝම්බ ගැසූ හැටි ඇය දන්නේද? කොටි සංවිධානය වසර 30 ක යුද සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා කළ හැටි, සංචාරක ව්‍යාපාරය ඉන්දියන් සාගරයට දැමූ හැටි ඇය දන්නේද? නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා ගමන තවත් ටුවරිස්‌ට්‌...

බුදුන්වහන්සේගේ පාත්‍රය කාබුල් කෞතුකාගාරයේ

බුදුන් වහන්සේගේ පාත්‍රය ඇෆ්ගනිස්‌ථානයේ කාබුල් කෞතුකාගාරයේ ඇති බවත් එය ෙඓතිහාසික වෛශාලි නුවරට ගෙන ඒම සඳහා පියවර ගත යුතුව ඇතැයිද රාශ්ටි්‍රය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ශ් සිං ප්‍රසාද් කියා සිටී. වසර ගණනාවකට පෙර ඉන්දියාවෙන් ගෙන ගොස්‌ ඇති එය වෛශාලි පුරවරය වෙත ලබාගැනීමට ඉන්දීය රජය ක්‍රියා කළ යුතු බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඇප්ගන් රජය ඉන්දීය ඉල්ලීම ගැන ප්‍රතිචාරය දක්‌වා නැත. කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂක ඕමාර් කාන් පවසන්නේ කළුගලින් නිර්මාණය වී ඇති මෙම පාත්‍රය කහන්දාර් නගරයේ තිබී හමු වූ බවත් එය කාබුල් වෙත ගෙන ආ බවත්ය. බුදුන් වහන්සේ පිඩු...

කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවන්න - මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදයට සම්බන්ධ කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව විශේෂ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසට ඉල්ලා මියගිය සහ අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව මගින් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි මහත්මියට අද (30 වැනිදා) සංදේශයක්‌ භාරදීමට නියමිතය.  ත්‍රස්‌තවාදය නිසා අතුරුදන්වූවන් සහ මියගිය අහිංසක වැසියන් විශාල පිරිසක්‌ සිටින බවද ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ද එම සංදේශයෙන් ඉල්ලා සිටින බව එම එකමුතුවේ කැඳවුම්කරු...

තම්බිමුත්තුගේ තාර්කික වාග් ප්‍රහාර පිල්ලේ නිහඬ කරයි

"කොටි මගේ තාත්තවයි, අම්මවයි මහ දවල් ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන පාර්ශ්වයන් නිහඬව සිටියා" යෑයි මඩකලපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය හමුවෙමින් ප්‍රකාශ කර ඇත. මේ සාකච්ඡාව දැඩි උණුසුම්කාරී ස්‌වභාවයක්‌ ගත් බව වාර්තා වේ. මඩකලපුව හිටපු මන්ත්‍රී සැමී තම්බිමුත්තු සහ ඔහුගේ බිරියද කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලදී.  මගේ මවුපියන් මරා දැමීමෙන් පසු එදා දරුවකුව සිටි මාවද කොටි පැහැර ගත්තා. මානව හිමිකම් ගැන හඬ නගන අය මාව බේරා ගැනීමට ක්‍රියා කළේ නැතැයි...

සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි - ඕමල්පේ සෝභිත හිමි

බිලි පූජා සඳහා සිදුකෙරෙන සත්ව ඝාතනය වළක්‌වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක්‌ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියේ ප්‍රකාශ කරති. මෙම තීන්දුව අනුව සතුන් මැරීමට අයිතිය ඇත්තේ සත්ව ඝාතකයනට පමණක්‌ බවද උන්වහන්සේ ප්‍රකාශ කරති. මෙම තීන්දුව සත්ව ඝාතනයට එරෙහිව සටන් කළ සංවිධාන ලැබූ ජයක්‌ බවත් එය මානව හිතවාදීන්ගේ මෙන්ම සත්ව හිතවාදීන්ගේද ජයග්‍රහණයක්‌ බවත් උන්වහන්සේ  පැවැසූහ. http://www.divaina.com/2013/08/30/news08.html සබැඳි ලිපි -[ මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය තහනම්!http://denethharinna.blogspot.com/2013/08/blog-post_7025.htmlමුන්නේෂ්වරම්...

මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය තහනම්!

මුන්නේශ්වරම ඇතුළු කෝවිල්වල බිලි පූජා නැවැත්වීමට පොලිසියට බලය ඇත. බලපත්‍රයක්‌ නැතිව හලාවත මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සිදුකෙරෙන සත්ව ඝාතන නැවැත්වීමට පොලිසියට පැවරී ඇති නීතිමය බලතල යොදාගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලකරමින් අභියාචනාධිකරණය ඊයේ (29 වැනිදා) පොලිස්‌පති, පුත්තලම දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති, හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හා හලාවත පොලිස්‌ මූලස්‌ථානාධිපතිට නියෝගයක්‌ නිකුත් කළේය. අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය...

Thursday, August 29, 2013

මුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණය

සංඝ සම්මේලනය සහ සතුන් ආරක්ෂා කිරීමේ සංවිධාන විසින් එක්ව ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය අද නියෝග කර ඇත්තේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාව වහා නතර කරන ලෙසයි. හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සතුන් මරා බිලි පූජා කිරීමේ සිද්ධියට විරුද්ධව පැමිණිල්ල ගොනු කර තිබූ අතර එහිදී පැමිණිල්ලේ නීතීඥයන් අධිකරණයට කියා සිටියේ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට මෙම බිලි පූජාව විරුද්ධ බවයි. අදාල නියෝගය නිකුත් කරමින් විනිසුරුවන් කියා සිටියේ සතුන් මැරීම සඳහා අවසර ඇත්තේ මස් අලෙවිය සඳහා පමණක් බවත්, එයත් බලපත්‍රයක් යටතේ පමණක් බවත්ය. August 29,...

කොටි සංවිධානයේ කුරිරු බව තමා තරම් දන්නා කෙනෙකු නෑ. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන්න - කතෝලික පූජකවරයකු හඬාවැළපෙමින් පිල්ලේට කියයි

මෙරට සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ඊයේ (28) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය. එහිදී මහ කොමසාරිස්වරිය පෙරවරුවේ නැගෙනහිර ආණ්ඩුකාර රියල් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා වරාය පාරේ පිහිටි එම කාර්යාලයේදී හමුවිය. එම හමුවේදී මහ කොමසාරිස්වරිය නැගෙනහිර පළාතේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක නිරත විය. එහිදී නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා නැවත පදිංචි කිරීම් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය ආණ්ඩුකාරවරයාට සිය සතුට...

බොදු ලියවිලි වල ගව මස් ඔතන අන්තවාදී ගාලු මස් මඩුව

බුදුදහමට නිගා වන අයුරින් බුද්ධ රූප හා බුදු දහමට අදාළ ලිපි ඇතුළත් පුවත්පත් වල හරක් මස් කුකුල් මස් ඔතා අලවි කරන ගාල්ල නගරයේ මස් අලෙවි කරන වෙළදසලක් සම්බන්ධයෙන්  ගාල්ල මහ නගර සභිවේදී සාකච්චා විය. ගාල්ල මහනගරසභාවේ එ.ජා.ප නාගරික මන්තී‍්‍ර ප‍්‍රභාත් සෙනවිරත්න මහතා තරුණයන් පිරිසක් සමග එම වෙළදසලට ගොස් වෙළදසලේ තිබූ බුදුසරණ හා බුදුදහමට අදාළ ලිපි තොගයක් රැුගෙනවිත් ඇත. මෙම පුවත්පත් වල මස් ඔතා අලෙවි නොකරන ලෙසද වෙළදසල් හිමියාට ප‍්‍රභාත් සෙනවිරත්න මහතා අවවාද කොට ඇත. August 29, 2013 at 9:16 am | lanka C news http://lankacnews.com/sinhala/news/10016...

සිරියාවෙන් ඇරඹෙන්නේ ඉරානයට එරෙහි යුද්ධයයි! සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ ෂියා චන්ද්‍රවංකය බිඳ දැමීමට,සෞදිය සහ කටාරයේ සුන්නි බලකඳවුරුවල සහාය

ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා සහ ඊශ‍්‍රායෙල් මිතුරන් මැදපෙරදිග කලාපයට යළි මැදිහත්වීම තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ භූ දේශපාලන අරමුණු පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂක එරික් ඩෙ‍්‍රයිට්සර් පවසයි. රසායනික අවි ප‍්‍රහාරය සිරියානු රජය විසින් එල්ල කළා නම් එය ඔවුන් විසින් කුසායිර්, හොම්ස් සහ අලෙප්පෝ ප‍්‍රදේශවල සිරියානු කැරලිකරුවන් පරාජය කරමින් ලැබූ ජයග‍්‍රහණ ආපසු හැරවීමකි. සැබැවින්ම එම ප‍්‍රහාර දාමය නවත්වාගැනීම සඳහා සිරියානු කැරලිකරුවන්ට සහ ඔවුන්ගේ විදෙස් මිතුරන්ට අවශ්‍යව පැවති අතර මානුෂික යයි කියාගන්නා මෙම සාහසික මැදිහත්වීම හරහා සැපිරෙන්නේ එයයි. තුර්කිය සහ...

බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩි පාත‍්‍ර ධාතූන් වහන්සේ ඇෆ්ගනිස්තානයෙන් හමුවේ

බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය. වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බව මන්ත්‍රීවරයා පවසයි. මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් මෙසේ සඳහන් කරයි. ‘මේ...

මධ්‍යම නේපාලයේ පැරණි රාජධානියකට අයත් අබිරහස්‌ ගුහා 10,000 ක්‌!!

මධ්‍යම නේපාලයේ උතුරු මස්‌ටැන්හි මීටර් 155 ක්‌ උසින් පිහිටි කඳු යායක තිබූ අබිරහස්‌ ගුහා 10,000 ක්‌ හමුවී ඇත. ගවේෂණ කණ්‌ඩායමක්‌ දක්‌වන්නේ මේ ගුහා පැරණි රාජධානියක්‌ බවයි.  මේ ගුහා කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්‌දැයි හෙළි වී නැත. වසර දසදහස්‌ ගණනක්‌ පැරණි මෙම ගුහාවලට යැම සඳහා මාර්ගයක්‌ ද තිබී නැත. http://www.divaina.com/2013/08/29/forign03.ht...

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් පල්ලියකට ගිනිතබලා...

බ්‍රිතාන්‍යයේ හාර්ලෝහි මුස්‌ලිම් දේවස්‌ථානයකට කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ගිනිතබා ඇත. මෙය කනගාටුදායක සිද්ධියක්‌ යෑයි හාර්ලෝ ඉස්‌ලාම් මධ්‍යස්‌ථානයේ උප සභාපති සියා රහ්මන් පළ කළේය. මුස්‌ලිම් දේවස්‌ථානයට සුළු හානියක්‌ සිදුවී ඇතිබව ද ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එච්. වේල්ස්‌ පවසා ඇත. මෙහිදී මුස්‌ලිම් ප්‍රජාව ක්‍රියා කළ ආකාරය ගැන අපි සතුටට පත්වෙනවා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය. මෙයට පෙරද හාර්ලෝහිදී මුස්‌ලිම් පවුලක්‌ මරා දැමීමට උත්සාහ ගත් 19 හැවිරිදි තරුණයකු...

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය- 2013

සිරිලක පමණක්‌ නොව දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහැරක්‌ පවත්වන මහ පුදබිමකි, බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක්‌ වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්‌ ඵල රුහ බෝධි අංකුරයක්‌ බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි. ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරීසෙන් අහුබුදු ශූරීන් රචිත ''බෝ පුද'' නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන්...

කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන 14 දා ඇරැඹේ!

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන මස (සැප්තැම්බර්) 14 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. මේ වන විට එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඕමන්තේ දක්‌වා පමණක්‌ සිදු කෙරෙන අතර ලබන 14 වැනිදා කිලිනොච්චිය තෙක්‌ එම ධාවන කටයුතු දීර්ඝ කොට කිලිනොච්චිය ප්‍රධාන දුම්රිය ස්‌ථානයද විවෘත කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය. ඉන්දීය ඉර්කෝන් සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම විවෘත කිරීම සඳහා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ...

උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්‌ථාන සංවර්ධනයට වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුයි - ධම්මදීප සභාව තීරණය කරයි

උතුරු නැගෙනහිර පළාත්වල අඩු පහසුකම් සහිත විහාරස්‌ථාන සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු බව ධම්මදීප සභාවේ නිර්දේශන හා අධීක්‍ෂණ කටයුතු පිළිබඳ ගිහි පැවිදි විද්වත් මණ්‌ඩලය විසින් අවධානය යොමු කර තිබේ. සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා ෙත්‍රෙනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවා ගන්නා ලද ධම්මදීප සභාවේ නිර්දේශන හා අධීක්‍ෂණ කටයුතු පිළිබඳ ගිහි පැවිදි විද්වත් මණ්‌ඩලය විසින් පෙරේදා (27 වැනිදා) ශ්‍රී දළදා මාළිගාවේදී රැස්‌වූ අවස්‌ථාවේ මෙම තීරණය ගන්නා...

කොටි අතින් ඝාතනයට ලක්‌ වූ සිවිල් ජනතාව ගැනත් සොයන්න

තිස්‌ වසරක යුද සමයේදී අතුරුදන් වූවන් හා කොටි ත්‍රස්‌තවාදීන් විසින් මරා දමන ලද සිවිල් ජනතාව ගැනත් පරීක්‍ෂණ පවත්වා සාධාරණය ඉටු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ත්‍රිකුණාමලයේ ජනතාව ඊයේ (28 දා) ඉල්ලා සිටියහ. පිල්ලේ මහත්මිය නැඟෙනහිර පළාත් ආණ්‌ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම මහතා හා පළාතේ ලේකම්වරුන් හමුවීමට පැමිණි අවස්‌ථාවේ උතුර - නැඟෙනහිර සිංහල සංවිධානය හා නැඟෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමය පැවැත්වූ...

හෙළ බොදු බිමේදී කසාවතට මැර ප්‍රහාර. පහර කෑ බංගලි හිමියෝ අපවත් වෙති!

රාජගිරිය කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වැඩ විසූ බංගලිදේශ ජාතික බුරාවා නම් හිමිනමක දරුණු ලෙස පහරදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ වැලිකඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයට කඩාවැදී ඇති නාඳුනන මැර පිරිසක්‌ බුරාවා හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා දමා තිබුණේ ඉකුත් 20 වැනිදා රාත්‍රියේදීය. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම හිමියන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28 වැනිදා) අලුයම අපවත් වූහ. බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි...

Wednesday, August 28, 2013

ඉරුදින හා පෝය දින ටියුෂන් පැවැත්වුවහෝත් සබරගමුවේ භික්‍ෂුන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සූදානම්!

ඉරු දින හා පෝය දින පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳව 2010 දී සම්මත කරගත් ප්‍රඥප්තිය ක්‍රියාත්මක නොවන්නේ නම් සබරගමු පළාතේ සියලු භික්‍ෂුන් වහන්සේ මාරාන්තික උපවාසයකට සූදානම්ව සිටින බැව් ගොඩකවෙල මහින්දාරාම විහාරාධිපති රත්නපුර දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ලේඛකාධිකාරී කෝම්පිටියේ සුසිල මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම ප්‍රකාශය කරනු ලැබුවේ රත්නපුර සමුදි උත්සව ශාලාවේ පළාතේ 100 නමක්‌ පමණ වන භික්‍ෂූන් වහන්සේ පළාත් සමාජ සුභ සාධන අමාත්‍ය රංජිත් බණ්‌ඩාර, රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර රාජ්‍ය නිලධාරීන් හා ජනමාධ්‍යවේදීන්...

නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් - ගම්මන්පිල

එක්සත් ජාතීන්ගේ නාකව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවා අංශයේ ත්‍රීරෝද රථ සේවාව ප්‍රජා හිතකර ස්වයං රැකියාවක් බවට පත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ත්‍රීරෝද රථ සඳහා නොමිලේ මීටර් ලබා දීමේ රෝද තුනට මනු සවියක් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ගම්මන්පිල...

නීතිය සහ සම්ප්‍රදාය කඩමින් මුසලු නාගරික මන්ත්‍රී සභා ගැබේ

මධ්‍යම පළාත් සභා මැතිවරණයේ අපේක්‍ෂකයකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කර තිබියදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සඳුදා (26 දා) මහ නගර සභා රැස්‌වීමේ අසුන්ගෙන සිටි අස්‌මින් මරික්‌කාර් මහතා පුරපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ දැනුම්දීමක්‌ අනුව පිටවී ගියේය. අස්‌මින් මරික්‌කාර් මහතා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ අපේක්‍ෂකයකු ලෙස නාමයෝජනා භාරදී තිබිණි. නාමයෝජනා බාරදීමෙන් පසුව නගර සභා රැස්‌වීමට සහභාගි වීමෙන් මරික්‌කාර් මහතා සම්ප්‍රදායයන් කඩකළ බව පුරපති රත්වත්තේ මහතා පෙන්වා දුනි.  අස්‌මින් මරික්‌කාර්Êමහතා සභා රැස්‌වීමට සහභාගි වීම සම්ප්‍රදායයක්‌ මෙන්ම...

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල තවමත් ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මකයි. ලංකාව ගැන පමණක් පිල්ලේට ඇති අමාරුව මොකක්ද?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධව අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බැවින් ඊට දැඩි විරුද්ධත්වය පළකරන බව ප්‍රවාහන ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය. නවනීදන් පිල්ලේ මහත්මියට හෝ ජාත්‍යන්තරයට සැඟවීමට කිසිවක්‌ ශ්‍රී ලංකාවේ නැති බව අවධාරණය කළ ඇමැතිවරයා ඕනෑම තැනක සංචාරය කිරීමටත්, සාකච්ඡා කිරීමටත් රජය අවස්‌ථාව සලසා දී තිබෙන බව ද සිහිපත් කළේය. මතුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක්‌ අමතමින් මේ බව සඳහන් කළ කුමාර වෙල්ගම ඇමැතිවරයා...

පිල්ලේ උතුරේ සංචාර අරඹයි

යාපනය එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇයව හමුවීමට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පහළොස්‌ දෙනකුට හා ස්‌වෙච්ඡා සංවිධාන 10 ක නියෝජිතයන්ට අවස්‌ථා ලැබිණි. පැය 3 ක කාලයක්‌ පැවැති එම සාකච්ඡාවේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයන්ගේ පවුල්වල අය විසින් පිල්ලේ මහත්මිය වෙත සංදේශ භාරදී තිබේ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පෙරේදා උතුරු පළාතේ සංචාරයක නිරත වූවාය. යාපනය මහජන පුස්‌තකාලයේදී උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳව පරිපාලන නිලධාරීහු විසින් පිල්ලේ මහත්මිය දැනුවත් කරනු ලැබූහ. උතුරු පළාත් ආණ්‌ඩුකාර...

තිස්‌ස මස්‌ කඩේ දොර යළි ඇරේ කලින් සිටි ළමයින් ආපසු ගෙන්වා ගනී

සත්ත්ව ඝාතන සඳහා දරුවන් යොදාගත් බවට ලැබුණු චෝදනා මත වසා දමන ලද තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස අගාපේ ළමා නිවාසයේදී යළිත් දරුවන් යොදවමින් සත්ත්ව ඝාතන හා ළමා හිංසන සිදු වන බවට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව වහාම ඒ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් යෙදවූ බව එම අධිකාරිය පවසයි. මෙම වසරේ මාර්තු මාසයේදී අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝග මත වැටලීම් සිදුකර අධිකාරිය භාරයට පවරාගත් දරුවන් අතර සිටි දරුවන් 9 දෙනකු ද නැවතත් මෙම ළමා...

Tuesday, August 27, 2013

සනත් සිවුරු පෙරවීම - භික්ෂුන්ගේ ප්‍රතිචාර

ප‍්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක විසින් ලබා ගෙන සිටින කාවකාලික පැවිදිකම සමස්‌ත සංඝ සමාජයම නිග්‍රහයට ලක්‌කිරීමක්‌ බවත් මෙමගින් භික්‌ෂූත්වය හෑල්ලු වන බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති. ශාසනික හැගීම ඇති ගිහි හෝ පැවිදි අයකු මෙවැනි ක්‍රියාවන්ට අනුබල නොදෙන බවත් පවසන උන් වහන්සේ නළුකම උදෙසා ආරාමිත ජීවිතයකට ඇතුළත් නොවිය යුතු බවත් ආරාමිත ජීවිතයට ඇතුළත් වන්නේ නම් ගිහිගෙයින් වෙන්ව ගිහි සම්පත් අතහැරිය යුතු බවත් ප‍්‍රකාශ කරති. ‘සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි...

ආගමික සහජීවනය ගොඩනැගීමට ආයතන ව්‍යුහයක් මුස්ලිම් ඇමැතිවරු ඉල්ලති

පසුගියදා ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මුස්ලිම් යාච්ඤා මධ්‍යස්ථානයට සැලසුම් සහගතව එල්ල කරන ලද ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින රජයේ මුස්ලිම් අමැතිවරු ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයිනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ප‍්‍රහාරය හේතුවෙන් දේපළ හානිවූවන්ට වන්දි ලබාදිය යුතු යැයිද රජයේ මුස්ලිම් මැති ඇමැතිවරුන් අටදෙනකුගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. මේ අතර ආගමික සහජීවනය ගොඩනැගීමට  විධිමත් ආයතන ව්‍යුහයක් ඇතිකරන්න යැයිද මුස්ලිම් මැති ඇමැතිවරු...