Pages

Monday, June 10, 2013

පළාත් සභා අහෝසි කළ නොහැකි නම් ඒකීයභාවයට හානි විය හැකි කරුණු 5 සංශෝධනය කරන්න - ජාතික එකමුතුව

පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කළ නොහැකි නම් අවම වශයෙන් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඒකීයභාවයට හානි විය හැකි කරුණු පහ සංශෝධනය කරන්නැයි පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ ජාතික එකමුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමියන් ඇතුළු ගිහි පැවිදි තිස්‌ දෙනකුගේ නමින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද දැක්‌වේ.

දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ඉඩම් බලතල පළාත් සභාවන් පැවරීමෙන් ජාතික සම්පත් බෙදී යැමේ අසමතුලිතභාවයක්‌ ඇති වුණු හෙයින් ද, දහතුන්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉන්දියානු ව්‍යවස්‌ථා ව්‍යqහය පදනම් කරගෙන ඇති නමුත් එම ව්‍යවස්‌ථාවේ මධ්‍යම ආණ්‌ඩුවට ලබාදී ඇති බලතල රැසක්‌ ඊනියා දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ලබාදී නොමැති හෙයින් ද, දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ආණ්‌ඩුව දුර්වල කරමින් පළාත් සභා ශක්‌තිමත් කර එමගින් රාජ්‍යයේ ඒකීය ලක්‍ෂණය, ශ්‍රී ලංකාවේ දේශපූර්ණත්වය සහ එහි ජනතාවගේ ස්‌වෛරීභාවය විනාශ කරන හෙයින් ද, මව්බිම අනතුරකට පත් සෑම අවස්‌ථාවකම ආදරණීය මව්බිම සුරැකීමට පෙරට පැමිණි අපි මව්බිම යළිත් දෙපළුවීම වැළැක්‌වීම සඳහා පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බව විශ්වාස කරමු. පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කළ නොහැකි නම් අවම වශයෙන් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර මතු දැක්‌වෙන කරුණු ඉටු කළ යුතු බව අපි යෝජනා කරමු.

1. පළාත් සභා සතු පොලිස්‌ බලතල ඉවත් කිරීම, 
2. පළාත් සභා සතු ඉඩම් බලතල ඉවත් කිරීම, 
3. එකිනෙකට යාබද පළාත් දෙකකට හෝ තුනකට ඒකාබද්ධ තනි පළාත් සභාවක්‌ පිහිටුවීමට හැකි විධිවිධාන ඉවත් කිරීම, 
4. පළාත් සභා ලැයිස්‌තුවේ විෂයක්‌ සම්බන්ධයෙන් හෝ දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ විධි විධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් කෙටුම්පතක්‌ සරල බහුතරයෙන් සම්මත කරගැනීම සඳහා සියලුම පළාත් සභාවන්හි එකඟතාවය ලබාගත යුතුය යන විධි විධානය පළාත් සභා බහුතරයක එකඟතාව ලබාගත යුතු බවට සංශෝධනය කිරීම, 
5. පළාත් සභාවන්ට විධානයන් නිකුත් කිරීමට ආණ්‌ඩුවට බලය පැවරෙන විධි විධාන ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීම.

http://www.divaina.com/2013/06/10/news29.html

1 comments:

Anonymous said...

aaaapi