Pages

Sunday, June 9, 2013

ශ‍්‍රී ලාංකා ස්වාධිපත්‍යයට හානිවන කිසිදු ක‍්‍රියාමාර්ගයකට අපි නෑ – චීනය

ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ස්වෛරිභාවය හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවන කිසිදු ක‍්‍රියාමාර්ගයකට චීනයේ සහය පළ නොවන බව මහජන චීන සමුහාණ්ඩුවේ උප අග‍්‍රාමාත්‍ය මා කායි මහතා පවසයි.

චීනය ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික මිතුරෙකි, එමෙන්ම තමන් ශ‍්‍රී ලංකාවේ කුලූපගු බව කිසිදු ලෙසෙකින් අමතක නොකරන බවද ඔහු කියා සිටි.

චීන උප  අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 06 වනදා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය ආචාර්ය දී.මු. ජයරත්න මහතා හමුවූ අවස්ථාවේදීය. මෙම හමුව චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ කුන්මිංග් නගරයේ හිදී පැවැත්විණි.

චීනයේ ස්වාධිපත්‍යට හානිවන කිසිදු අවස්ථාවක,ශ‍්‍රී ලංකාවේ සහය නොලැබුණි, ටිබෙට්,තායිවාන හා දකුණු දිග චීන දුපත් පිළිබද ගැටලූවේදී ශ‍්‍රී ලංකාව ඝෟජු ප‍්‍රතිපත්තියක සිට චීනයට සහය පලකළ බව කී චීන උප අග‍්‍රාමාත්‍යවරයා එක්සත් හා නොබිදුණු චීනයක් ගොඩනැගීම සදහා සහය පළ කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට සිය ස්තුතිය පළ කළේය.

June 9, 2013 at 4:03 am | lanka C news

2 comments:

Anonymous said...

පකිස්ථානය චීනය උදව් කරන්නෙ අපිට තියෙන ලව් එකට කියල හිතං ඉන්නවනං ඔබතුමාව අයියනායක දෙයි හාන්දුරුවන්ගෙම පිහිටයි !

පකිස්ථානය අපිට උදව් කළෙ ඉන්දියාව අහක බලපු නිසා.
චීනය අපිට උදව් කරන්නෙ ලංකාව අයිති කරගන්න ඕනෙ නිසා (මෑතකදි ගත්තු ණය වල කොන්දේසි ඩිංඟිත්තක් කියවල බලන්න උක්කුං පුතේ)

ඇමරිකාව අපිට විරුද්ධ වෙන්නෙ චීනය අපිට සපෝට් නිසා

නැතුව ඔයා මොන්ටිසෝරියෙ ඉගෙන ගත්ත වගේ සමාජ සාරධරිම සුරකින්න නෙවෙයි.

දෙනෙත් හරින්න ! said...

කොයි කවුරුත් උදව් කරන්නෙ එහි වාසියක් පතා. ඔබත් ඔබේ අසල්වැසියාට උදව් කරන්නෙත්, යම් අවස්ථාවකදි ප්‍රති උපකාරයක් බලාගෙන. ඒක තමයි මේ ආර්ථික ලෝකයේ හැටි.

එකිනෙකාගෙ මනාප කම්, අමනාප කම්, තරහ මරහ, ජාත්‍යන්තර සබඳතා රටක් හැටියට අපි කළමණාකරණය කර ගැනීමයි වැදගත් වන්නේ. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඉතා සූක්ෂමව ඉන්දියාව සහ චීනය මෙහෙයවා ගත් හැටි බලන්න. ඇය ඉන්දියානු වතුකම්කරුවන් ආපසු යැවීමට අවැසි කටයුතු සූදානම් කළා. ඒ වගේම, කච්චතිව් දූපත ලංකාවට අයිති කරගත්තා. චීනයෙන්ද බොහෝ ආධාර ලබා ගත්තා...