Pages

Sunday, November 17, 2013

‘චැනල් 4’ සිරිකොතට ගෙන්වීම කුමන්ත‍්‍රණයක් - සජිත්

අපේ රටට ද්‍රෝහීකම් කල බි‍්‍රතාන්‍ය ‘චැනල් 4’ නාලිකාව සිරිකොත එක්සත් ජාතික පජෂ මූලස්ථානයට ගෙන්වීම එජාපය පැරදවීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක් බවත් එම නාලිකාව සිරිකොතට ගෙන ආ ආණ්ඩුවේ බළල් අත් මොනවාදැයි සෙවිය යුතු බවත් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

හොරණ ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මේ අදහස් පල කල ඒ මහතා මෙසේද පැවසීය.

‘ආණ්ඩුවේ බළල් අත් ඉන්නවා අපේ පක්‍ෂයට කකුල් මාට්ටු දමන. ආණ්ඩුව බොරු වලවල් හාරනවා එජාපය වට්ටවන්න. පසුගිය දවස්වල චැනල් 4 නාලිකාව සිරිකොත තිබූ මාධ්‍ය හමුවකට ගෙන්වා තිබුණා. එම නාලිකාව සිරිකොතට ගෙනවිත් ඡුන්ද දිනන්න පුළුවන්ද? ඔවුන් ගෙන්වූ ආණ්ඩුවේ බළල් අත් මොනවාදැයි සොයා ගත යුතුයි. චැනල් 4 නාලිකාව සිරිකොතට ගෙන්වීම එජාපය පැරදවීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක්’

http://lankacnews.com/sinhala/news/104801/

සබැඳි ලිපි -
[
බොදුබලය, එජාපය සහ මංගලhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_17.html
ජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]

2 comments:

Anonymous said...

ඒ මේ හරකට හිතෙන හැටි.

sarath said...

Sajithta one mona widihen hari U.N.P yata mada gahala Mahindata suport karannane!