Pages

Tuesday, September 8, 2015

'බුදුන්වහන්සේ ඉන්දීය ඔටුන්නේ මිණිකැටයයි' - 1%ක වත් බෞද්ධයන් නොමැති රටක අගමැති මෝදි දුටු බුද්ධත්වයේ වටිනාකම

බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනුවර බවට පත්කරන්නේ යෑයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත්දා බුද්ධගයාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළ බව ඊයේ දිවයින සඳහන් කළේය. තව ද බුදුන්වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණිකැටය බව ද මෝදි මහතා මෙහිදී පවසා තිබේ.

මෙය බෞද්ධ රාජ්‍යයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ඇගයීමට ලක්‌විය යුතු ප්‍රකාශයකි. බුද්ධගයාව යනු බුදුදහමේ හදවත වන් තැනකි. ශ්‍රී මහා බෝධි මූලයේ එදා අප තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ උපදින්නේ (බුද්ධත්වයට පත්වන්නේ) බුද්ධගයාවේය. බුද්ධගයාව යනු මරුන් පැරදූ බිමයි. ඉමක්‌ කොණක්‌ නොපෙනෙන, නිමාවක්‌ නැති හෙවත් අනවරත සසර දුක නිමා කළ බිමයි. ඒ වනාහී ජය භූමියක්‌ම ය. භාරත දේශයේ ඒ ජය භූමිය හඳුනාගන්නට මෝදි මහතා සමත්ව ඇත.

විශේෂත්වය වන්නේ ඒ ජය බිම හඳුනාගන්නා මෝදි මහතා බෞද්ධයකු නොව හින්දු භක්‌තිකයකු වීමයි. ජනගහණයෙන් 80%ක්‌ පමණ හින්දුවරුන් සිටින, 14%කට වැඩි මුස්‌ලිම්වරු සිටින, 2%කට වැඩි ක්‍රිස්‌තියානි ලබ්ධිකයන් සිටින, 2%ක ආසන්න සික්‌වරුන් සිටින රටක අගමැතිවරයා, බුදුදහමේ මුදුන් මල්කඩක්‌ සිය රටෙහි ආධ්‍යාත්මික අග නගරය ලෙසින් නම් කිරීමයි.

බුදුරජාණන්වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මැණික ලෙසින් මෝදි මහතා විසින් ප්‍රකාශ කරනුයේ 1%ක වත් බෞද්ධයන් නොමැති රටක අගමැති ලෙසිනි. ඒ අනුව ආගමක්‌ අදහන පිරිසෙන් නොව, ආගමක අගයන් අතින් ශාස්‌තෘන් වහන්සේගේ වටිනාකම හඳුනාගැනීමට මේ භාරත පුත්‍රයා සමත්ව සිටින්නේය. 

ඉන්දියාවේ සිටින බෞද්ධයන්ගේ ප්‍රතිශතය ගෙන බැලු විට, ඔහුගේ එම ප්‍රකාශය සිය භාරතීය ජනතා පක්‍ෂයේ ජන්ද පදනමට කිසිදු විශේෂ වාසියක්‌ නොවන්නේය. එබැවින් තවත් අතකින් ගත්විට මෙය ආගමක්‌ මත රැඳුණු ජන්ද පදනම මත පිහිටා ප්‍රකාශ නිකුත් කරන දේශපාලකයන්ට සැබෑ මග කියන ප්‍රකාශයක්‌ ද වන්නේය.

තමන්, ධම්ම පදයේ යමක වග්ගයේ සඳහන් වන ලෙසින් 'සාරංච සාරතෝ ඤත්වා' හෙවත් සරු දේ සරු ලෙසින් ගන්නා සම්මා සංකප්පවාදියකු බව මෝදි මහතා සිය ප්‍රකාශයෙන් පෙන්වා දී තිබේ.

සැබවි. ප්‍රඥාවේ ඇසින්, ලෝකය වෙලාගත් අවිද්‍යාවේ අඳුර දුරු කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙන්ම එකී අවබෝධය ලබාගත් බුද්ධගයා භූමියට ද එම වටිනාකම ලැබිය යුතුය.

ලෝකය කොතැන ද එතැන දුකම බව සාධක සහිතව පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේය. ලෝකයෙන් සදහටම සමුගැනීම හෙවත් යළිත් ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌ නොවීමේ පරම සැනසිල්ල ලෝකයාට උදා කර දුන්නේ බුදුරජාණන් වහන්සේය. අනිත්‍යතාව හෙවත් ලොව යථාර්ථය පිළිබඳ පැවසූ එකම ශාස්‌තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. චාල්ස්‌ ඩාවින්ගේ පරිනාමවාදය වඳුරා මිනිසකු ලෙසින් පරිණාමයට පත්වීම ළඟ නවතිද්දී, ඒ මිනිසාම මියගොස්‌ වඳුරකු බවට පත්වීමේ අවදානම ගැන එයට වසර දෙදහස්‌ ගණනකට පෙර ලෝකයාට පැවසුවේ බුදුරජාණන් වහන්සේය. දස දහසක්‌ ලෝක ධාතුව කම්පා කරවූවෙක්‌ වෙත් ද ඒ බුදුරජාණන් වහන්සේය. අනන්ත සක්‌වලට සිය ආඥාව පැතිර විය හැකි යමෙක්‌ බිහිවී ද ඒ බුදුරජාණන් වහන්සේ ය.

අද බොද්ධ යෑයි කියාගන්නා මේ රටේ බහුතරය ද නොදන්නා බුදුරජාණන් වහන්සේගේ වටිනාකම, ඒ බුද්ධත්වයේ වටිනාකම නරේන්ද්‍ර මෝදි නම් මේ හින්දු මිනිසා විසින් හඳුනා ගැනීම ඔහුගේ ප්‍රඥාව පිළිබඳ උදාහරණයකි. අවාසනාවකට මෙන් ලොව සියල්ලටම පොදු සත්‍යය හෙවත් ලෝක දායාදයක්‌ විය යුතු වූ බුදුන් වහන්සේගේ ඒ අසමසම සොයාගැනීම 'ආගමක්‌' ලෙසින් ලේබල් වී පරම්පරාවෙන් හෝ සංස්‌කෘතික උරුමයක්‌ බවට පමණක්‌ පත්ව කුලකයකට සීමාවී තිබියදී ඒ කුලකයට අයත් නොවන නරේන්ද්‍ර මෝදි නම් මිනිසා විසින් සිය සීමා බිඳගොස්‌ කළ එම ප්‍රකාශයට අපගේ උත්තමාචාරය හිමිවිය යුතුය.

(මේ ඒ අපූරු මිනිසාට අපගේ ආචාරය)
http://www.divaina.com/2015/09/08/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
බුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ. බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා - මෝදිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_7.html
]

4 comments:

Anonymous said...

gon harakooo meke athi watinakamak na..

hindun wishwash karanne budun shree vishnuge awatharayak kiyala..
nikan mooda choon nathiwa hitapiya..

ane kale wane wase..
blog liyana ewungena bahuthararay melo deyak danne nahi harak..

Anonymous said...

Ane coment karapu harak nambo, wishnuge awatharayak unath modi kiyala thiyenne budun wahanse gana. meharak wasso, nodanna magulwalata kata noda, atha noda hitapan buruwo. uba muslim hari kritiyani hari unmaththaka muladarmawadiyel wenna ati, budun wahanse gana modi kiwwa me de daraganna bari ekane

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

සුජී ඔය phone එක ලමයකුට දියන් බං...:)

දැන් ඉන්දියන් ආක්‍රමන අවුලක් නෑ...මෝදි හොන්දායි...ධර්මාශෝක රජ්ජුරුවො වගේ පේන්නෙත්...සිරිසේන ගොයියා තිස්ස රජ්ජුරුවො වගේ...හෙට අනිද්දම මහින්දාගමනය -2 වෙන්නත් බැරි නෑ...උනත් අවුලකුත් නෑ නේ...මෝදි පන්සල් යන නිසා...