Pages

Thursday, April 4, 2013

හලාල් අත්හැරියේ ගෝඨාභය නිසා - ඥානසාර හිමි

බොදු බල සේනා සංවිධානය විසින් හලාල් ගැටලුව පිළිබඳ කතා කිරීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත් වීම මත තවතා දැමුවත් දැන් නැවත ආණ්ඩුවේ ඇමැතිවරුන් හලාල් ගැටලුව ඉස්මතු කිරීමට උත්සාහ ගන්නේ නම් ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා බව සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

මුස්ලිම් ජනයා 2006දී හලාල් නොමැතිව ආහාර ගත් විදියක් තිබූ බවත් ඒ ආකාරයෙන් දැනුත් ආහාර ගැනීමට හැකියාවක් ඇති බවත් මුස්ලිම් ජනයාගේ ක්‍රියාවලිය මෙරට සමස්ත රට වැසියාට අනවශ්‍ය බවත් පවසන උන් වහන්සේ 2009 දී හලාල් ලාංඡනය හෝ සහතිකය ලබා ගැනීමට මත්තෙන් මෙරට භාණ්ඩ පිටරට යැව්වේ නම් දැනුත් එය කිරීමට හලාල් ක්‍රියා පද්ධතිය හේතුවක් නොවන බවත් පැවැසූහ.

ආණ්ඩුවේ ඇමැතිවරු නැවත හලාල් ගැටලුව ඈඳා ගනිමින් සමාජය අවුල් කිරීමට උත්සාහ දරන බවත් තම සංවිධානයට ‍දොස් නැඟුවද ආණ්ඩුවේ ඇමැතිවරුන්ම දැන් සමාජය අවුළන්න උත්සාහ දරන බවත් උන් වහන්සේ තවදුරටත් කියා සිටිති.

April 4, 2013 at 9:40 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92683/

1 comments:

Charles said...

හාමුදුරුවනේ , මේ රටේ දේෂපාලකයො වැරදි කරපු හැමවිටම එය නිවරදි කරවීමට යෂ්ඨිය අතට ගත්තෙ භික්ෂූන්වහන්සේලා, මේ නිසා භික්ෂූන්ට විශේෂයෙන් සෘධි ප්‍රාතිහාර්යය පාන්ට හැකි භික්ෂූන්ට පාලකයො කරදර කල අවස්ථාවල තම චිත්ත ශක්තියෙන් පාලකයන් ධමනය කල හිමිවරු අපේ ශාසන ඉතිහාසයේ ඉන්නවා, අදකාලෙ භික්ෂූන් වහන්සේලාට සෘධි ප්‍රාතිහර්ය පාන්ට බැරිඋනාට අඩුම ගානේ තමන්ගේ චීවරයේ ශක්තියවත් තියෙන්ට ඕනේ, රටේත් සිංහල ජාතියේත් ආරක්ෂාවේ අනාගතය දැන් පැවරිලා තියෙන්නෙ බුද්ධ චීවරය උසුලන ඔබවහන්සේලාට, මොකද අදවනවිට ජාතිය ගැන කැක්කුමක් තියන පාලකයො ලංකාවෙ නැති නිසා,එහෙම පාලකයො හිටිය රාජාණ්ඩුව කාලෙනම්. ඔබවහන්සේ බයිබලයත් කුරානයත් හොදට දන්නවනෙ, බයිබලෙත් තියනවනෙ "නගුලට අත තබා ආපසු හැරී බලන කිසිවකු ස්වර්ග රාජ්‍යට උරුමකම් කියන්නෙ නෑ" කියල, ඒ කියන්නෙ නගුලට අත තිබ්බනම් හාන්ටම ඕනෙ, ඔබ වහන්සෙ ඇයි කවුරුවත් නිසා නගුල අතට අරන් ආපසු හැරෙන්නෙ?