Pages

Wednesday, April 10, 2013

දස අවුරුදු කාලය තුළ සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන තිබෙනවා - ඥනසාර හිමි

රටේ උරුමක්‌කාරයෝ කරුමක්‌කාරයෝ වෙලා සාදාචාරය බිඳ වැටිලා - දුරාචාරය පිරිලා 
- ගලබොඩඅත්තේ ඥනසාර හිමි

අද අපේ රටේ අපේ ජාතිය වඳ කිරීමේ ව්‍යාපෘතියක්‌ තිබෙනවා. එය වන්ධ්‍යාකරන ව්‍යාපෘතිය ලෙස හඳුන්වනවා. 1973 අවුරුද්දේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ගෙන ආවා. මේ ගැන පාලකයෝ සොයා බැලුවේ නැහැ. එදා ගෙනා අන පනත් අදටත් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු විසි හය සම්පූර්ණ නම් ඕනෑම කාන්තාවකට එල්. ආර්. ටී. සැත්කම කර ගන්න පුළුවන්. 2012 ට එහා පැත්තේ දස අවුරුදු කාලය තුළ සිංහල මවුවරු අට ලක්‌ෂ අනුතුන්දහක්‌ වඳ සැත්කම කරගෙන තිබෙනවා. මේවා කරන්නේ ගානක්‌ ගෙවලා ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හරහා. එය ජාතියට කරන හරිම අපරාධයක්‌.
කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පසුගිය 28 දා පැවැති බොදුබල සේනා දහම් කථිකාව. අමතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමියෝ එසේ පැවැසූහ.

කැකිරාව, පලාගල පලුගස්‌වැව, තිරප්පනේ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලය සහ කැකිරාව කේ. ටුවෙන්ටි සංවිධානය විසින් මෙම බොදු බල සේනා දහම් කථිකාවත සංවිධානය කර තිබිණි.

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිsමියන් මෙසේද පැවැසූහ. 

අද මේ රටේ ජමෙයිතුල්ලා උලමාවරු ෂරියා නීතිය ගෙනැල්ලා මේ රටේ අරාබියේ කොටසක්‌ කරන්න හදනවා. ඒවගේම අපේ රටට මත්කුඩු ගෙන්වන එකොළොස්‌ දෙනෙක්‌ ඉන්නවා.බොහොම දෙනෙක්‌ මුස්‌ලිම්වරු ඒ කුඩු ගෙන්නන එවුන් ඔවුන්ගේ ජාතියට කුඩු බොන්න දෙන්නේ නැහැ. කේරලයෙන් ගේන ගංජා ගේන්නෙ මුස්‌ලිම්වරු, ඒවා ඔවුන් අපේ තරුණයන්ට පොවනවා. එම ගංජා මාස හතරක්‌ පහක්‌ බිව්වාම වඳ භාවයට පත් වෙනවා. දරුවන් නොලබාම පරම්පරාව අවසන් වෙනවා. අද මුළු ජාතියම මත් කරවන වඳ කරවන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා. දෙමාපියන් දරුවන් ගැන සොයා බැලිය යුතු වගේම පාලකයන්ද මේවා ගැන සොයා බැලිය යුතුයි.

අද මේ රටේ උරුමක්‌කාරයෝ අපේ තිබුණ සදාචාරය අමතක කිරීම නිසා අද කරුමක්‌කාරයන් බවට පත් වෙලා. මතට ඇබ්බැහිවෙලා සදාචාරය බිඳ වැටිලා. දුරාචාරය පිරිලා අධ්‍යාත්මය බිඳ වැටිලා. ඉරිතැලිලා යන එන මංනැති කාලකන්නි බවට පත් වන්නේ ජාතියේ ගැඹුර නොදන්න නිසයි.

අද අන්තවාදී මුස්‌ලිම් මූලධර්මවාදීන් සෞදි අරාබියාව හරහා අපේ රටේ මුස්‌ලිම් පල්ලි අති නවීන ආම්පන්නවලින් සමන්විතව ඉදිකරගෙන යනවා. අරාබියේ සිට පැමිණෙන බැතිමතුන් පල්ලි ඇතුලේ මූලධර්මවාදය පතුරනවා. අපි ඔවුන්ට සිහිපත් කරනවා අපේ රට බෞද්ධ රටක්‌ මේරට මොකක්‌ද මේ රටේ වැව් අමුණු හැදුවේ කවුද, පුරාවස්‌තු නිර්මාණය කළේ කවුද කියලා ඔවුන් දැනගත යුතුයි. අපිට ප්‍රශ්නයක්‌ නෑ. මුස්‌ලිම් සහෝදරවරුන්ට මේ රටේ ඕනෑම තැනක ව්‍යාපාරයක්‌ කරගෙන ජීවත් වෙන්න පුළුවන්.

මූලධර්මවාදය හරිම භයානකයි. එය ක්‍රිස්‌ත්‍රියානි ලෙස ආවත් මුස්‌ලිම් ලෙස ආවත්, බෞද්ධ ලෙස ආවත් මූලධර්මවාදය, අන්තවාදය හරිම භයානකයි. අපි වගකීමෙන් කියන්න ඕනේ මූලධර්මවාදය බුදු සමය තුළ අපට පෙන්නලා දීලා නැහැ. බෞද්ධ ධර්මය ලෙස අන්තවාදීන් ලෙස හංවඩු ගහන අපට ඔවුන්ට කියන්න ඕනේ බෞද්ධ දර්ශනය හොඳට හාදාරන්න කියලා. ඒවගේම අපේ මුස්‌ලිම් දරුවන්ටද බලහත්කාරයෙන් අන්තවාදීන් මූලධර්මවාද මතවලින් ඔවුන්ගේ සිත දරුණු ලෙස විකෘති කරලා දැන් ඔවුන් සාම්ප්‍රදායික ලෙස පල්ලියට යන්නේ නැහැ.

අද අපේ ගමේ පන්සලේ තිබුණ ළදරු පාසල උපයාශීලීව ප්‍රජා ශාලාවට රැගෙන ගියා. එහෙම යන කොට අපේ අය දන්නේ නැහැ මොකක්‌ද සිදුවන්නේ කියලා. උතුරු මැද පළාතේ පන්සල් සිය ගණනක්‌ වැහිලා. බස්‌ එකේ ස්‌වාමීන්වහන්සේ කෙනකුට ආසනයක්‌ නොදෙන විදිහට වර්ල්ඩ් විෂන් ආයතනය මතවාදයක්‌ රට තුළ ගොඩනගලා. බෞද්ධයන් අබෞද්ධයන් කරන්න බැරි තැන නරක බෞද්ධයන් කරන්න ඔවුන් කටයුතු කරගෙන යනවා. ගමට එන ආගම් පතුරුවන්නන් ගැන ගැමියන් සොයා බැලිය යුතුයි. ඔවුන්ට පහරදෙන්න යන්න ඕනේ නැහැ. ගෙදර තිබෙන ඉලපත අරගෙන ටිකක්‌ එහාට මෙහාට යන්න.

මේ රට නිර්මාණය කරපු මේ රටේ ඉතිහාසය, සංස්‌කෘතිය ගොඩනගපු ඓතිහාසික ජාතියක්‌ සිංහලයෝ, අද එම සිංහලයෝ කරුමක්‌කාරයන් බවට පත්වෙලා. විජාතිකයෝ බවට පත්වෙලා. මේ වහල් භාවයෙන් නැගී සිටියේ නැත්නම් ඔබේ දුවා දරුවන්ද මේ රටේ කාලකන්නි බවට පත්වෙනවා. අද දවසේ වගකීම දරාගෙන අපේ දරුවන් යායුතු මග අපි ගත යුතු මග කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්‌ද යායුතු මග නොයායුතු මග, ලංකරගත යුත්තේ අත්කර ගත යුත්තේ මොනවද කියලා අපේ දරුවන්ට හරි හැටි අවබෝධ කර නොදුන්නොත් ඔබේ දුවා දරුවන්ට යන එන මං නැති වෙනවා. ජාතියක්‌ හැටියට අපි වැටිච්ච ජාතියක්‌. අපි වැටිලා නැහැ. අපි වට්‌ටලා. දැන් අවස්‌ථාව තිබෙනවා වැටිච්ච තැනින් නැගිටලා වරද්දපු තැන් තේරුම් අරගෙන නිසි මගක ජාතියම ගමන් කළ යුතු මගක්‌ ඇතිකර ගැනීමට.

ඒවගේම විවිධ ප්‍රදේශවල අපේ සිංහල තරුණියන් විවිධ උපක්‍රම යොදවා මුස්‌ලිම් තරුණයන් සමග විවාහ කර ගැනීම බහුලව සිදු වෙනවා. එය ජාතියේ නාමයෙන් නතර කළ යුතුයි. එසේ නොකරන සිංහල තරුණිය ජාතියේ හැතිරියක්‌ බවට පත් වෙනවා.

තිරප්පනේ ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ සභාපති විශ්‍රාම ලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පොසොන්පුර ධම්මාරාම හිමි, අපේ භික්‌ෂුන් වන්සේලා කටපාඩමින් එදා සිට බුදුදහම ආරක්‌ෂා කරගෙන ආවා. මුළු ලෝකයටම නැති වෙන්න තිබුණ බුදු දහම අලුවිහාරයේදී ලේඛන ගත කෙරුණා. අපි සැමදාම බොරුවට රැවටෙනවා. ඒ නිසා අපි විවිධ කරුණුවලින් දුක්‌ විඳිනවා.

කැකිරාව ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි ශාස්‌ත්‍රපති පණ්‌ඩිත කොස්‌හින්නේ රතනජෝති හිමි, පුංචි පවුල රත්තරන් කියලා අපේ සිංහල ජාතිය වඳ කිරීම අපේ අමන දේශපාලකයන් විසින් බලයෙන් පටවපු දෙයක්‌. ඒ නිසා දැන් පවුලක ඉන්නේ එක්‌කෙනයි. දෙන්නයි. අපේ කාන්තාවන් අද රට රටවලට වහලියන් වශයෙන් වෙන්දේසි කරනවා. ඇතැම් කාන්තාවන් අතපය කඩාගෙන එනවා. සමහරු මිනි පෙට්‌ටියෙන් එවනවා. තරුණ කාන්තාවන් වඳ කර එවනවා. විදේශ විනිමය සොයන්න ගිහිල්ලා බෞද්ධ කාන්තාවන් අද වහලියන් බවට පත්වෙලා.

මෙම බොදු බල සේනා රැස්‌වීම අමතා බොදු බල සේනා මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක ලියන්වල සාසනරතන, කැකිරාව බෝධිරාජාරාමාජාධිපති ශාස්‌ත්‍රපති පෙරියකුලමේ පඤ්ඤාසේකර හිමියන් ඇතුළු ගිහියන් කිහිප දෙනකුම කතා කළහ.

කැකිරාව - සුදත් ඒකනායක
http://www.divaina.com/2013/04/10/provin03.html

3 comments:

KAS said...

එතකොට කෝ ප්‍රචාතන්ත්‍රවාදය, නිදහස...
අනේ මෝඩ ඝනයෝ සෙට් එක, උඹලාගේ පවුල්වල දෙමව්පියන්ට කන්න දෙන්න බැරි වුනාම ගිහින් මහණ කරපු එවුන්.... මෙලෝ හසරක් දන්නේ නැහැ, මැටි මෝල්ලු... කොහෝ හරි පිරිවෙනකට ගිහින් මොනවාහරි බයිලා ටිකක් ඉගෙනගෙන,... ඉන්න ආන්ඩු වලට පන්දම් අල්ලලා පට්ටමක් අටවගෙන එනවා අපිට උපදෙස් දෙන්න...

අනේ පලයං ගොන් වහන්ස...

Anonymous said...

Learn to speak man.
Just behave good.
Have a life.

Anonymous said...

තමන්ගෙ දරුව ජාතක වෙලා ඉන්නෙ තිරිසනෙක්ගෙ ශුක්‍රාණුවකින් කියල දන්නෙ උඹේ මව් විතරයි. උඹ එක ලෝකෙට පෙන්වන්න එපා...