මෙලෙස මියගොස් ඇත්තේ වැලිවේරිය නැදුන්ගමුව පාරේ පදිංචිව සිටි රවිශාන් පෙරේරා (18) නමැති කලා විෂය යටතේ අද (05 වැනිදා) උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යයෙකු සහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි නිලන්ත නිලන්ත පුෂ්පකුමාර නමැති විසිනව හැවිරිදි එක් දරු පියෙකි.
රවිශාන් පෙරේරා ශිෂ්‍යයා ඊයේ අලුයම මියගොස් තිබූ අතර එන්. නිලන්ත ඊයේ දහවල් 1.00 ට පමණ මියගිය බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ මහතා පැවසීය.
උඩුගම්පොල ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි රවිශාන් සිසුවාට බාල සහෝදරයකු සිටින අතර දෙමාපියෝ රජයේ සේවකයෝ වෙති.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 50 කට වැඩි පිරිසක් ඊයේ වන විටත් කොළඹ, රාගම, ගම්පහ, වතුපිටිවල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි අතර තවත් අසාධ්‍ය තත්ත්වයේ එක් අයෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. 50 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබිණි.
වැලිවේරිය රතුපස්‌වල පසුගිය 01 වැනිදා පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී වෙඩි පහරකට ලක්‌ව වැලිවේරිය හෙලන්වත්තේ පදිංචි කේ. ඒ. අකිල දිනේෂ් නමැති 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයාද එදිනම මියගොස් තිබිණි. ඔහු යක්‌කල චන්ද්‍රජෝති විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යයෙකි.
චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සචිත්‍ර ඇල්වලගේ, කමල් බෝගොඩ, දෙල්ගොඩ - විතාන, වැලිවේරිය - ධම්මික නිමලසූරිය
http://www.divaina.com/2013/08/05/news15.html
සබැඳි ලිපි -
[
වැලිවේරියේ ගැටුම- දැඩි සත්කාර ඒකකයේ සිටි තවත් අයෙක් මරුට- මරණ සංඛ්‍යාව 3ක් වෙයිhttp://denethharinna.blogspot.com/2013/08/3.html
ඉල්ලුවෙ වතුර උගුරක් තිබහට බොන්ඩ - දුන්නද කාපල්ල කියලා වෙඩි උණ්‌ඩ!http://denethharinna.blogspot.com/2013/08/blog-post_9234.html
]






0 comments:
Post a Comment