මේ වන විට ආරක්ෂක අංශයේ ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගොස් ඇත. නැදුන්ගමුව පාර, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇන්ටනි පැට්රික් පෙරේරා සහ ගම්පහ විවිධ සේවා සමුපකාරයේ සේවය කරන ලුසියන් මාග්‍රට් යන දෙදෙනාට දාව පවුලේ පළමු දරුවා ලෙස රවිෂාන් මෙලොව එළිය ලැබිය.
ඔහුට බාල සහෝදරයෙක්ද සිටී. උඩුගම්පල ශාන්ත පීතර විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන රවිෂාන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට කලා අංශයෙන් විභාගයට සූදානම් වෙමින් සිටි අයෙකි.
ඉකුත් 1 දා රවිෂාන් විභාගයට සූදානමින් නිවසේ පාඩම් කරමින් සිට ඇත. රතුපස්වල ජනතාව පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත විය.ලිවේරිය අවට මේ පුවත රැව් පිළිරැව් දෙන්නට වැඩි කාලයක් ගත නොවුණේ මාර්ග රැසක් කොටන් දමා අවහිර කරමින් ටයර් පුළුස්සා දැමීමත් සමගය.
අවට ප්‍රදේශයේ ජනතාවගේ කෑගැසීම ඇසී රවිෂාන් පාඩම් කිරීම සුළු මොහොතකට නතර කර නිවසින් එළියට ආවේ සිදුවන්නේ කුමක්දැයි බැලීමටය. ඒ වන විට ප්‍රදේශයේ බාල, මහලු, තරුණ සියලුම දෙනාම වැලිවේරිය නගරය දෙසට ඇදෙන්නට විය.
රවිෂාන්ද මිතුරන් කිහිප දෙනෙකු සමග මේ ගමනට එක්විය.
ප්‍රදේශයේ හිතවතුන් සමග දිවගිය රවිෂාන් තම සොයුරාව නිවසට රැගෙන ආවේය. සොහොයුරාව නිවසේ තබා අනිත් පිරිස සමග උද්ඝෝෂණය තිබූ පැත්තට ගියේය.
“අම්මේ ..... මම වැලිවේරියේ උද්ඝෝෂණය බලන්න ආවා.” යැයි රවිෂාන් සිය මවට දුරකථනයෙන් එසේ පැවැසුවේ සිතේ තැතිගැන්මත් සමගය.
අම්මේ හමුදාවේ මාමලා ගමේ අයට වෙඩි තියනවා. රවිෂාන් සිය මවට එසේ පැවැසුවේ සැඟවෙන්නට තැනක් සොයමිනි. පුතේ ඔයා අයිනට වෙලා ඉන්න කොහේවත් යන්න එපා යැයි මව රවිෂාන්ට පිළිතුරු ලබා දුන්නාය.
ආරක්ෂක අංශ ප්‍රහාරවලින් නගරයේ සිටි ජනතාව සීසීකඩ දිවගොස් සැඟවෙන්නට උත්සාහ කළද වෙඩි පහරවල් වැදී කිහිප දෙනෙකු බිම ඇද වැටුණි. රවිෂාන්ද සැඟවී සිටි තැනින් නැගිට දිව යන්නට උත්සහ කළේය. අවසානයේ ආරක්ෂක අංශය එල්ල කළ වෙඩි පහරක් රවිෂාන්ගේ ශරීරය සිදුරු කර ගෙන ගියේය.
මේ අවස්ථාවේ මව රවිෂාන් පුතා ගැන සොයා බලන්නටද විය. එහෙත් මුළු ප්‍රදේශයම අන්ධකාරය ගිලගෙන තිබූ අතර අසන්නට ලැබුණේ වෙඩි හඬවල් පමණි.
වෙඩි වැදී බරපතළ තත්ත්වයේ පසුවූ රවිෂාන්ව ප්‍රදේශවාසීන් විසින් රෝහල ගත කෙරිණි.
“අපේ පුතා මේ කිසි දේකට සම්බන්ධ නැහැ. පුතා විභාගයට සූදානමින් නිවසේ පාඩම් කරමින් සිටියේ. එම ස්ථානයට පුතා ගිහින් තියෙන්නේ බලන්න. අපේ පුතා මෙයට සම්බන්ධ නැහැ. මේ ජනතාව ඉල්ලුවේ වතුර. දුන්නේ වෙඩි උණ්ඩ.”
2013 අගෝස්තු 05 09:40 a:m ඡායාරූප - චින්තක ජයසේකර
සුනිල් සිරිලංකා, අජිත් පුෂ්පකුමාර
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=15212:2013-08-05-04-17-06&catid=34:news&Itemid=62
සබැඳි ලිපි -
[
වැලිවේරියේ ගැටුම- දැඩි සත්කාර ඒකකයේ සිටි තවත් අයෙක් මරුට- මරණ සංඛ්‍යාව 3ක් වෙයිhttp://denethharinna.blogspot.com/2013/08/3.htmlඉල්ලුවෙ වතුර උගුරක් තිබහට බොන්ඩ - දුන්නද කාපල්ල කියලා වෙඩි උණ්ඩ!http://denethharinna.blogspot.com/2013/08/blog-post_9234.html
]






2 comments:
munta hena hatha wadinta oone
මාමලා? මාමලා? මාමලා නෙවෙයි හමුදා පොන්නයෝ
Post a Comment