Pages

Friday, August 9, 2013

ෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාර

ඞීසීඞී යනු ලූණු වලටත් වඩා 1/3 කින් විස අඩු සංගටකයක් යයි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ් ලංකා සමාගම පවසයි. එම සමාගමේ විද්‍යාත්මක කටයුතු පිළිබඳ සහාය අධ්‍යක්‍ෂ ආචාර්ය සනත් මහවිතානගේ මහතා කොළඹදී පැවති මාද්‍ය හමුවකදී මේ බව සඳහන් කලේය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියෝග කර ඇති තම සියළු නිෂ්පාදන ඉදිරි පැය 48 ඇතුලත ඉවත් කර ගන්නා බවත් ඔහු කීය.

‘ඞීසීඞී කියන්නෙ ඔබ සියළු දෙනාටම පැහැදිලි වෙන්න ඇති ලූණු වලටත් වඩා තුන් ගුණයකටත් වඩා විෂ අඩු සංගටයකයක්. මේක ඇත්තටම අපි නෙමෙයි කියන්නෙ යුරෝපීය සංගමයේ විද්‍යාත්මක සරඟරාවක තමයි මේ සියළු දත්ත සඳහන් වෙන්නෙ. මේව සියල්ල විද්‍යාත්මක දත්ත. මේ සම්බන්ධයෙන් කාටහරි විද්‍යාත්මක සාකච්චාවක් අවශ්‍ය නම් අපිට ඒකට ඉඩ ලබා දන්න පුළුවන්’ යයිද ෆොන්ටෙරා ප‍්‍රධානියා වගු කිහිපයක් ගෙන හැර පාමින් සඳහන් කලේය. 

කෙසේ වෙතත් ෆොන්ටෙරා බලධාරියාගේ මෙම ප‍්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කර ඇති ලූණු සම්බන්ධයෙන් සාහසික ප‍්‍රකාශ කිරීමට බහුජාතික සමාගම්වල නිලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා දැඩිව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කලේ බහුජාතික සමාගම තම නිෂ්පාදනවල ඞීසීඞී විෂ ඇති බව දැන් පිළිගෙන ඇති බවයි. ඔවුන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කල යුතු යයිද පැවසූ ඒ මහතා ෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් යයිද කීවේය.

දැයේ සුව රකින්නට රජයේ වෙදුන් ෆොන්ටෙරාට එරෙහිව පෙරට
August 9, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/98977/

සබැඳි ලිපි -
[

ANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments: