පොලිස් මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පරීක්‍ෂක ශේ්‍රණියේ නිලධාරීන් සිව්දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 23 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
රජයට සම්බන්ධ ආයතනයක ඉහළ නිලයක් දරන ප්‍රබල පුද්ගලයකු මෙම මාරු කිරීම් පිටුපස සිටින බව වාර්තා වෙයි.
කොළඹ ඇස් වාට්‌ටුව ප්‍රදේශයේ සුපිරි බූරුපළක් ඉකුත් 04 වැනිදා වැටලූ මෙම ඒකකයේ නිලධාරීහු එහි සූදු ක්‍රීඩාවේ යෙදී සිටි ප්‍රභූ පුද්ගලයන් රැසක් ඇතුළු පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත්හ.
එම අත්අඩංගුවට ගැනීම සිදු කර පැය 48 ක් ගත වීමට පෙර සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 23 දෙනකු මාරු කර යෑවීම විශේෂත්වයකි.
මෙම බූරුපළේ සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි නීතිඥවරුන් තිදෙනකු ධනවත් ව්‍යාපාරිකයන් පිරිසක් ඇතුළු ප්‍රභූහු රැසක් අත්අඩංගුවට පත් වූහ.
මෙම මාරු කිරීම් සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී පොලිස් මූලස්‌ථාන පිරිස් පාලන අංශය කියා සිටියේ මෙම මාරුවීම් සියල්ල සේවයේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක කළ සාමාන්‍ය මාරු කිරීම් බවයි.
මෙසේ මාරු කරනු ලැබූ නිලධාරීන් විවිධ ප්‍රදේශවල පොලිස් ස්‌ථාන කරා අනුයුක්‌ත කර ඇති අතර වෙනත් පොලිස් නිලධාරීන් කණ්‌ඩායමක් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්‌ත කර තිබේ.
මෙසේ මාරු කර යෑවූ නිලධාරීන් අතර පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු ද උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු ද සැරයන්වරුන් සහ කොස්‌තාපල්වරුන් ද සිටින බව පොලිස් මූලස්‌ථානය පවසයි.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/11/08/news01.html

0 comments:
Post a Comment