

දෙවැනි සහ තෙවැනි ස්ථානයන් පිළිවෙළින් කොමර්ෂල් බැංකුව සහ බුකිට් දාරා විසින් හිමිකර ගන්නා ලදී. රුපියල් බිලියන 500 සීමාව පසු කිරීමට සමත් වූ ශ්‍රි ලංකාවේ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 512 ක සමස්ත වත්කම් පෙන්නුම් කළ අතර බදු ගෙවීමෙන් පසු ලාභය සියයට 28 කින් වර්ධනය වී ඇත්තේ බිලියන 10.098 ක වාර්තාවක් පිහිටුවමිනි. සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කළ බුකිට් දාරා සමාගමෙහි සමස්ත ආදායම බිලියන 76.1 ක් වන අතර සියයට 28 ක අඩුවීමක් පෙන්නුම් කළ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 9.6 ක් වේ.
ලංකා දුම්කොළ සමාගම හතරවන ස්ථානය ද හැටන් නැෂනල් බැංකුව, ඩයලොග් ඇසියාටා, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඩිස්ටලරීස් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනයන් පිළිවෙලින් ටොප් ටුවෙන්ටි ෆයිව් සම්මාන උළෙලේ හොඳම සමාගම් 10 අතරට තේරී පත්විණි.
ඉදිරි ශ්‍රේණිගත කිරීම්වලදී
11 වන ස්ථානය එයිට්කන් ස්පෙන්ස්,
12 වන ස්ථානය හේලීස්,
13 වන ස්ථානය නෙස්ලේ ලංකා.
14 වන ස්ථානය DFCC බැංකුව,
15 වැනි ස්ථානය Cඔ හෝල්ඩින්ග්ස්,
16 වැනි ස්ථානය සෙන්ට්‍රල් ෆයිනෑන්ස්
17 වැනි ස්ථානය ඛධඛCල
18 වැනි ස්ථනාය පීපල්ස් ලීසින් සමාගම,
19 වැනි ස්ථානය ලංකා ෂධC සමාගම,
20 වැනි ස්ථානය වැලිබල් වන්,
21 වැනි ස්ථානය ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා,
22 වන ස්ථානය රිචඩ් පීරිස් සහ සමාගම,
23 වැනි ස්ථානය සෙලින්කෝ ඉන්ෂුවරන්ස්,
24 වැනි ස්ථානයන සෙලාන් බැංකුව,
25 වැනි ස්ථාන යුනයිටඩ් මෝටර්ස් යන සමාගම් විසින් හිමි කරගන්නා ලදී.
බිස්නස් ටුඩේ ටොප් ටුවෙන්ටි ෆයිව් සමාගම් තෝරා ගැනීම සිදු කර ඇත්තේ 2012 දෙසැම්බර් 31 සහ 2013 මාර්තු 31 අවසන් වන මුල්‍ය වර්ෂයේදී සමාගම් විසින් දක්වා ඇති මුල්‍ය කාර්ය සාධනයන් විශ්ලේෂණය කරමිනි. මෙයට පාදක වී ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රසිද්ධ කරන ලද, එක් එක් සමාගම්වල තොරතුරු පමණි. සමාගමක කාර්ය සාධනයන් පෙන්නුම් කරන පැහැදිලි සාධකයක් ලෙස එහි පිරිවැටුම පමණක් දැක්විය නොහැකි හෙයින් වෙනත් සම්මත මූල්‍ය අංශයන් ද මෙහිදී සලකා බැලිනි. එනම්, හොඳම සමාගම් 25 තේරීමේදී කොටස් පිරිවැටුම, ආදායම, බදු ගෙවීමෙන් පසු ලාභය, විකුණුම් පිරිවැටුමේ වර්ධනය, ලාබයේ වර්ධනය, ස්කන්ධයට ප්රතිලාභ, කොටසක ඉපැයුමේ වර්ධනය, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, කොටස් කළ හුවාමරු වටිනාකම සහ එකතු කළ වටිනාකම වැනි සාධකයන් විය. බිස්නස් ටුඩේ විසින් 1998 සිට වාර්ෂිකව මෙසේ ව්‍යාපාරික ක්ෂේත්රයේ හොඳම කාර්ය සාධනයෙන් යුත් සමාගම් අගයමින් දිවයිනේ ආර්ථිකය සවි බල ගැන්වීමට ඔවුන්ගේ දායකත්වය හඳුනා ගැනීම සිදු කරයි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
තිස්ස ගුණතිලක, ඡායාරූපය - ජුඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2013/11/07/velanda01.html
0 comments:
Post a Comment