Pages

Friday, November 1, 2013

කොළඹ ඇවිත් යාපනෙත් එන්න - විග්, සිංට ලියයි

උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. පොදුරාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වය මෙතෙක්‌ ස්‌ථිර කර නැතත් උතුරු මහ ඇමැතිවරයා ඉල්ලා ඇත්තේ කොළඹට පැමිණි පසුව යාපනයේද සංචාරයක යෙදෙන ලෙසිනි.

ඉන්දීය අගමැතිවරයාට උතුරු මහ ඇමැතිවරයා විසින් ලිපියක්‌ යවා ඇති අතර එයින් මේ ආරාධනාව සිදු කර ඇත.

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු කරවීම පිළිබඳ විග්නේෂ්වරන් මහතා ඉන්දීය රජයට සිය ස්‌තුතිය පිරිනමා ඇත.

ලංකා රජය සමග මෙන්ම උතුරු පළාත් සභාව සමගද සමීප සබඳතාවක්‌ පවත්වන ලෙස මේ ලිපිය මගින් උතුරු මහ ඇමැතිවරයා ඉන්දීය අගමැතිවරයාට ආයාචනා කර ඇත. 

චතුර පමුණුව 
http://www.divaina.com/2013/11/01/news01.html

0 comments: