Pages

Friday, November 1, 2013

මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව සහ බොදුනුවන්ට වන අසාධාරණ වලට එරෙහිව බොදුබල සේනාව බුද්ධශාසන අමාත්‍යාංශයට


බොදු බල සේනා සංවිධානය ඊයේ (31 වැනිදා) බුද්ධ ශාසන අමාත්‍යාංශය වටලනවා යෑයි කළ ප්‍රකාශය නිසා පොලිස්‌ කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ එම අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ ආරක්‍ෂක රැකවල් යොදා සිටි අයුරු සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු මහා සංඝයා වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැඩම කළ අයුරු ඡායාරූපවල දැක්‌වේ. පිංතූර - නිමල් දයාරත්න


බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (31 වැනිදා) පෙරවරුවේ වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආටානාටිය සූත්‍රය දේශනා කළහ.

සුමේධ හා සිරිවර්ධන යන මිත්‍යාදෘෂ්ටිකයන් පිsළිබඳවත් බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ බොදුබල සේනා සංවිධානය ඒ සම්බන්ධයෙන් පියවරක්‌ නොගන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද පැවසූහ.

බුදුදහම ආරක්‍ෂා කිරීම ව්‍යවස්‌ථාවෙන්ම තහවුරු වී තිබියදීත් ඒවා ගැන ක්‍රියාකරන්නේ නැති බවද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ. 

බුදුදහම ආරක්‍ෂා කිරීමේ වගකීම තිබෙන මුදුන්මල්කඩ මෙම අමාත්‍යාංශය වන බවද දිගින් දිගටම ඇති වන බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට වගකිව යුතු නිලධාරීන් විසඳුමක්‌ කඩිනමින් විසඳුමක්‌ ලබාදිය යුතු බවද උන්වහන්සේ කීහ.

මිත්‍යාදෘෂ්ටික මතවාදීන් සම්බන්ධයෙන් කඩිනමින් පියවරක්‌ ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද බොදුබල සේනා සංවිධානය වැඩම කළ පසුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ පැවසූහ.

මීට මාසයකට පෙර පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පළුදෙණිය රූස්‌සමලේ ඓතිහාසික ස්‌ථානයේ බරපතල ලෙස පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති සංරෙක්‍ෂිත භූමිය ගල් කොරියකට බදු දීලා තිබෙනවා. මේවා මේ රටේ උරුමය. ඒවා නිර්මාණය කළේ වෙන කවුරුත් නොවේ, මුතුන් මිත්තන්. මේ ස්‌ථානය වටිනාකමක්‌ නැහැ කියලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා කිව්වා. 

2004 පළුදෙණිය මූලික ගවේෂනයක්‌ කළා. එවක නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ බිම පිළිඳව ගවේශනය කළා. ස්‌මාරක 8 ක්‌ සොයා ගත්තා. ඒවා පින්තුර සහිතව තිබෙනවා. නිගමනයක්‌ ද කළා. එදා කිව්වා පුරාවිද්‍යා පුදබිමට කළ හානියට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම අද ඉන්න අධ්‍යක්‍ෂකම තමයි එදා එහෙම කිව්වෙ. සුගලා දේවියගේ නමත් ඈදාගෙන මේ සංහාරය කළේ. දැන් නිලධාරිනියක්‌ පත් කළා නැවත වතාවක්‌ මේ ගැන සොයන්න. නමුත් අවාසනාවකට මේ පුරාවිද්‍යා ජනරාල්වරයා සියලුම කටයුතු පසෙකින් තබා රාජ්‍ය පරිපාලනයේ සැරිසනවා ඇයව මේ ස්‌ථානයෙන් නෙරපන්න. අද ආචාර්ය නිමල් පෙරේරා මහතා පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක්‌ තිබෙන ලෝකයේම 6 වැනිය. ඔහු පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්‌ තිබෙන ආචාර්යවරයෙක්‌. මේ දෙපාර්තමේන්තුවේ ඉන්න හෙංචයියලා ඔක්‌කොම එකතු වෙලා ඔහුට එපා කරවලා විශ්‍රාම ගැන්වූවා. අඩුම තරමේ මේ ගැන සොයන්න පත් කළ නිලධාරිනියවත් මේ පරීක්‍ෂණය විධිමත්ව කළ යුතුයි. රටට ආදරය කරන සිංහල බෞද්ධයන් මේ දෙපාර්තමේන්තුවෙත් ඉන්නවා. කැණීම් කරමින් ලබා ගන්නා පුරාවස්‌තු නිකන් මකුළු දැල් කකා ඔහේ තැන් තැන්වල. එදා පුරාවස්‌තු වැඩම කරවලයි තැන්පත් කළේ. ශ්‍රාද්ධාවන්ත නිලධාරීන් පැමිණ මේ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ගොඩගත යුතුයි. 

අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟුල් මඩුවක්‌ වෙලා. ශාසනයේ නාමයෙන් සිදුවන අසාධාරණයන්ට ඓතිහාසික උරුමය ආරක්‍ෂා කිරීමට බාධක තර්ජන මැද පෙනී සිටිනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතර=ට වග කියන්නේ නැහැ. කුණු කොල්ලයට ගල් කොරි දීම ද මේ දෙපාර්තමේන්තුවේ වගකීම? අධ්‍යක්‍ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හෙළාදකිනවා. මේ ආයතනයට අංශ ගණනාවක්‌ තිබෙනවා. මෙතෙක්‌ එම අංශවලට අංශාධිපතිවරයෙක්‌ පත් කරලා නැහැ. එදා සෙනරත් දිසානායකට අපේ ගෞරවයක්‌ තිබුණා. මේ වන දේවල්වලින් එය නැති වෙලා. පුරාවස්‌තු වගේම මේ දෙපාර්තමේන්තුව ආරක්‍ෂා නොකළහොත් කවදාහරි නශ්ඨාශ වෙලා යයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/11/01/news03.html

0 comments: