Pages

Friday, November 15, 2013

චාල්ස් ගැන නොදත් තොරතුරු

බි‍්‍රතාන්‍ය කිරීටයේ පළමු උරුමක්කරු ඔහුය.එහෙත් ඔහුට බි‍්‍රතාන්‍යයේ ඔටුන්න තම හිස පැලද ගන්නට ඉඩ ලැබේදැයි සැක සහිතය. මේ වනවිට බි‍්‍රතාන්‍ය රජ පෙළපතේ ඔටුන්න වෙනුවෙන් වැඩිම කාලයක් බලා සිටීමේ වාර්තාවක් ද ඔහු නමින් ඇත. ඔහු අන් කවරකුවත් නොව දෙවන එලිසබත් මහ රැජිණගේ දෙටු පුත් චාර්ල්ස් කුමරුය.

අද 14 වැනිදා චාර්ල්ස් කුමරු ඔහුගේ ජීවිතයේ 65 වැනි වියට පා තබයි.

ජනපි‍්‍රය චරිතයක් වුවද මේ වසර හැටපහ තුළ ඔහු ගැන නොදත් බොහෝ දේ අප‍්‍රකටව පැවතියේය. 65 වියට පා තබන මොහොතේ චාර්ල් කුමරු ගැන අප‍්‍රකට තොරතුරු 65ක් බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියේ පළ කර තිබුණි. මේ ඒ අතරින් කිහිපයකි.

ඔහුගේ සම්පූර්ණ නාමය චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු,වේල්සයේ කුමරු, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC චෙස්ටර් අර්ල්වරයා, කෝන්වෝල් ආදිපාද රොදෙසෙ ආදාපාද, කැරික් අර්ල්වරයා, රෙන්ෆ‍්‍රිව්හි සාමිවරයා, අයිලෙස් වංශාධිපති සහ ස්කොට්ලන්තයේ කුමරු සහ මහා භාරකරු.

  • ඔහුට ජංගම දුරකථනයක් නැහැ.
  • රාජකීය නාවික හමුදාවෙන් ලැබෙන විශ‍්‍රාම වැටුප යොදවා 1976 වසරේ දී The Prince’s Trust අරමුදල පිහිටුවීය.
  • කොතරම් දිගු ගුවන් ගමනකදී වුවද ගුවන් යානය තුළ ආහාර ගන්නේ නැත.
  • බි‍්‍රතාන්‍යයේ රාජකීය යුද,ගුවන් හා නාවික හමුදාවේ ඉහළම තනතුරු වන ෆීල්ඞ් මාෂල් අද්මිරාල් ඔෆ් ද ෆිලීට් සහ මාෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් තනතුරු තුනම ඔහු දරයි.
  • පොත් 11ක් රචනා කර ඇත.
  • ළමාවියේ කැමතිම සෙල්ලම් භාණ්ඩය Prince Charles Express නම් ලී ගඩොල් පිර වූ ට්‍රොලියකි.
  • ඇමෙරිකානු ගායක ලියොනාඞ් කොවෙන්ගේ ගීත නිතරම ඔහුගේ නිවසේදී ඇසිය හැකිය.
  • 1954 වසරේ සිට නිල කටයුතු සදහා රටවල් 105ක සංචාරය කර ඇත.
  • දරුවන් 32 ගේ ඥාන පියා ලෙස සිට ඇත.
  • සෑම නත්තලකටම ඔහු සේවය කළ හමුදා රෙජිමේන්තුවේ සියලූම සෙබලූන්ට විස්කි ලබාදෙයි.
  • පැරණි රාජකීය සම්ප‍්‍රදායන් දෙකක් යළි හදුන්වා දීමට මූලික විය.ඒ වීණා වාදනය සහ සංචාරක චිත‍්‍ර ඇදීමය.
  • අනුකරණය කිරීමේ හැකියාව ඇත.එය මහ රැජිණගෙන් උරුම වූවකි.
  • නව යොවුන් වියේදී දක්ෂ කුඹල්කරුවෙකි.සතුන්ගේ හැඩයේ කෝප්ප නිර්මාණයට විශේෂ හැකියාවක් පැවතිණි.
  • 2012 ටැංසානියානු සංචාරයේදී මසායි ගොත‍්‍රිකයන්ගෙන් ‘Keeper of the cows’ගෞරව නාමය හිමිවිය.
  • Gordon Stoun’විද්‍යාලයේ අවසන් වසරේ පන්ති නායකයා විය.
  • කෝන්වෝල් හි ආදාපාදවරයා ලෙස ඔහුට අක්කර 133,658 ක ඉඩම් හිමිය.
  • බඩවැටි හරහා දිවීමේ දී එරට ග‍්‍රාමීය ප‍්‍රදේශ වල පවතින තරග සදහා සහභාගී විය.
  • අතින් මසන ලද ලෙදර් සපත්තු ජෝඩු 50ක උරුමකරුවෙකි.ඉන් එක් සපත්තු කුට්ටමක වටිනාකම පවුම් 800කි.අවුරුදු 45කට පෙර මිලදී ගත් සපත්තු ජෝඩුවක්ද ඔහු තවමත් පාවිච්චි කරයි.
  • තරුණ අවධියේ රළ මත පැදීමේ ක‍්‍රීඩාවේ නිරත වී ඇත.
  • නළු ඉද්‍රිස් එල්බා,මැජික් ශිල්පී ඩයිනාමෝ සහ ගායක පැලෝමා ෆේන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නට අත දුන්නේ ඔහුය.
  • බි‍්‍රතාන්‍ය රජ පවුලේ පළමුවෙන්ම පාසල් යාමට අවසර ලැබුණේ ඔහුටය.රජ කිරුළට උරුමකම් කියන පළමු උපාධිධාරියාද ඔහුය.
  • 1980 බාධක අශ්ව දිවුම තරගයේ දෙවන තැනට පත්ව ඇත.
  • 21 වැනි උපන්දිනයට මව තෑගි කළ වසර 44ක් පැරණි අස්ටන් මාටින් වර්ගයේ මොටර් රථය තවමත් භාවිත කරයි.
  • 1975 මැජික් සම්බන්ධ විභාගයක් සමත් වී Magic Circle හි සාමාජිකත්වය ලබාගෙන ඇත.
  • Cheam පාසලේ විදුහල්පතිගෙන් දෙවතාවක් වේවැල් පහර කා තිබේ.
  • 1992 වසරේ Duchy Originals’නමින් ආහාර වෙළද සැලක් ආරම්භ කර ඇත.
  • 2008 වසරේ දී සොයා ගැණුනු ගෙඹි විශේෂයක් චාර්ල්ස් කුමරු නමින් නම් කර ඇත.( Hyloscirtus Prince Charlesi)
  • දුඹුරු බිත්තර වලට කැමැත්තක් දක්වන බව පැවසේ.
  • සතුන්ට ආදරය කළද පූසන් පෙන්නන්නට බැරිය.
  • සංවිධාන 400කට වැඩි සංඛ්‍යාවක සභාපතිකම දරයි.
  • රෙදි සෝදන යන්ත‍්‍ර වල සෝදා ඇදුම් අදින්නේ නැත.
  • සිය සහෝදරිය වන ඈන් කුමරිය සමග ළමා වියේදී ගුටි ඇනගන්න නිසා පිලිප් කුමරු දෙදෙනාමට බොක්සිං අත්වැසුම් ලබාදී තිබුණි.
  • මාටිනි නම් මත්පැන් වර්ගයට පි‍්‍රයය.
  • මුස්ලිම් හා අරාබි මිතුරන්ට ලිපි ලියන විට අරාබි භාෂාවෙන් අත්සන යෙදීම සිරිතය.මේ වනවිටත් ඔහු අරාබි භාෂාව ඉගෙන ගනිමින් සිටියි.
  • වයස අවුරුදු 15දී ට‍්‍රම්පට් වාදනය ඉගෙන ගෙන ඇත.
  • පසුගිය වසර 10 තුළ රජය වෙනුවෙන් චාර්ල්ස් කුමරු විදේශ සංචාර 99කට සහභාගී වී ඇත.ඉන් සංචාර 42 කදී ඉත්තෑකූරකින් හැදු රිදී ආලේප කළ Toothpick එකක් ඔහු රැගෙන ගොස් ඇත.
  • චාර්ල්ස් කුමරුගේ කෑම පිගාන බොහෝ විට පාන් සහ බටර් පුඩින් වලින් යුතුය.ඔහු  ඕස්ටේ‍්‍රලියාවේදී බටර් පුඩින් සෑදීමට ඉගෙන ගෙන ඇත.
  • 2011 වසරේ දී BBC යේ Hubert Parry වාර්තා වැඩසටහන ඉදිරිපත් කර ඇත.
  • පළමු වරට ප‍්‍රසිද්ධියේ මත්පැන් වීදුරුවක් පානය කරන විට ඔහුගේ වයස අවුරුදු 14කි.
  • 2012 වසරේ නිල උත්සව 657කට සහභාගී වී ඇත.රාජකීය මාළිගා වලදී අමුත්තන් 7500ක් මුණ ගැසී තිබේ.
  • 1980දී බෝතල් බැංකුවක් ආරම්භ කරමින් බකිංහැම් මාළිගයට ප‍්‍රතිචක‍්‍රීකරණය හදුන්වා දුන්නේ ඔහුය.
  • වසරේ දින 365 ම වැඩ කරයි.
  • කොතැනක ගියද උදෑසන අදින ඇදුම් කට්ටලයක් රැගෙන යෑම චාර්ල්ස් කුමරුගේ සිරිතය.
  • Burnley පාපන්දු සමාජයට සහයෝගය දක්වයි.
  • දිවා ආහාරය ගන්නේම නැත.පිටත වැඩක යෙදී සිටින්නේ නම් දොඩම් යුෂ වීදුරුවක් පානය කරයි.
  • එකම වසරේ ‘Best Dressed People’ සහ ‘Worts Dressed People’ ලැයිස්තු දෙකටම චාර්ල්ස් කුමරු ඇතුළත් විය.
  • තේ මේසයේදී ඔහුගේ ප‍්‍රියතම කෑම පළතුරු කේක්ය.
  • විවේකී දිනයන් වල දිනපතා සෑහෙන දුරක් ඇවිදියි.
  • රතු ලේනකු ඇතුළු සතුන්ට දිනපතා ආහාර දමයි.
  • කොන්දේ අමාරුවකින් චාර්ල්ස් කුමරු හැමවිට පීඩා විදියි.
  • චාර්ල්ස් කුමරු සභාපතිකම දරන හා ඔහු නිර්මාතෘ වන සංගම් 17කට වඩා ඇත.
  • වයස අවුරුදු 30දී තිබූ ශරීර බරම අදද පවත්වාගෙන යයි. ඒ නිසාම පැරණි නිල ඇදුම් අදද ඇදිය හැක.
  • චාර්ල්ස් කුමරුගේ සියලූම කමිස අත් යන්ත‍්‍ර රෙදිවලින් නිම වූ ඒවාය.ඉන් එකක වටිනාකම පවුම් 350ක් වේ.
  • වෙහෙසට පත් වූ විට හෝ අපහසු අවස්ථා වලදී ඔහුගේ ප‍්‍රතිචාරය වනුයේ ‘මේ දේ මම කරන්නේ එංගලන්තය වෙනුවෙන් ’යන්නය.
- සිඳුතෙර
http://lankacnews.com/sinhala/main-news/104585/

0 comments: