Pages

Friday, November 8, 2013

හකීම් - කල්මුණේ නගරාධිපති 'සායිබු' ගැටේ

තමන් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනිව කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගෙන නැති බව පවසමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන කල්මුණේ නගරාධිපති සිරාස් මීරා සායිබු මහතා සිය නගරාධිපති ධූරයෙන් ඉවත් නොවන බව ප‍්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ තමන් ඉවත් කිරීමට හකීම් මහතා ගනු ලබන  ඕනෑම කි‍්‍රයා මාර්ගයකට මුහුණ දීමට සූදානම් බවයි.

මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා විසින් කල්මුණේ මහ නගර සභාවේ අය වැය ඉදිරිපත් කරන අවස්ථාවේ එය පරාජයට පත් කර සායිබු මහතා නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇතත් ශ‍්‍රීලමුකො මන්ත‍්‍රීන් 11දෙනාගෙන් සිව් දෙනෙකුගේ සහය තමන්ට ලැබෙමින් පවතින බව ද ඒ නගරාධිපතිවරයා කියයි.

විපක්ෂ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීන් සිව් දෙනෙකු ඇතුළු හය දෙනෙකුගේ සහයෝගය නගරාධිපති වන තමන්ට ලබා දීමට විපක්ෂය එකග වී ඇති බවද ඒ මහතා පැවසීය.

http://lankacnews.com/sinhala/news/104215/

0 comments: