Pages

Friday, June 28, 2013

සිරියානු සිවිල් යුද්ධය සුන්නි-ෂියා නිකාය ගැටුමක් බවට පත්වේද?

සිරියානු අර්බුදයට ලෙබනන සටන්කාමී හිස්බුල්ලා සංවිධානය මැදිහත්වී සිටින්නේ සිදුවීමට නියමිත වාර්ගික ශුද්ධයකින් ලෙබනන ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන බව එම සංවිධානයේ මහ ලේකම් ෂික් හසාන් නස්රල්ලා පවසා තිබේ. සිරියානු පාලනයට එරෙහිව සිවිල් යුද්ධය ඇරඹි මොහොතේදී ලෙබනනයේ තමන් භුක්ති විඳින ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සිරියානු ජනතාවටද හිමිවිය යුතු යන ස්ථාවරයේ සිටි නමුදු ටක්ෆිරි වැනි ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී සංවිධාන කරළියට පැමිණි පසු තත්වය වෙනස් වූ බව ඔහු පවසා තිබේ. නස්රල්ලාගේ මතය වන්නේ නැගී එන සුන්නි මූලධර්මවාදී බලය ජයග‍්‍රහණය කළහොත් ලෙබනනයේ මෙන්ම එම කලාපයේ...

ලෝකයේම දමිළයන් එකට එකතු වී සිංහලයන්ට ගහනවා – විදෙස් කොටින්ගෙන් තර්ජන

පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ලන්ඩනයේ  ඕවල් ක‍්‍රීඩාංගණයෙන් පිටත විරෝධතාවක නිරත වූ කොටි හිතවාදීන්ට සිංහල ක‍්‍රීඩා ලෝලීන් කළ පහරදීම වැනි දෙයක් නැවත සිදුවුවහොත් ලෝකයේ සිටින සියලූම දෙමළ ජාතිකයන් එක්ව නැගී සිටින බව ප‍්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඕවල් පිටියේදී සිදුවූ සිද්ධීයෙන් සිංහල ජාතිකයන්ගේ කුරිරු මුහුණුවර නැවත වරක් ලොවට ප‍්‍රදර්ශනය කර ඇති බවත් කාලයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නිහඬතාවකින් සිටි දෙමළ ජනතාව, සිංහල ජාතිකයන්ගේ මේ සරදම් කිරීමෙන් නැවත වරක් අවදි වී ඇති බව පවසන එම නිවේදනයේ සඳහන් කර ඇත. ශ්‍රී...

එන්.ජී.ඕ. හරහා ගව මස් ප‍්‍රචලිත කරන මහා පරිමාණ වැඩසටහන්

ආගමික සංවිධාන හා ජනතාව මෙරට ගව ඝාතනය නතර කරන මෙන් ඉල්ලා සිටින අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන හරහා මුස්ලිම් ජනතාව අතර ගවමස් ප‍්‍රචලිත කිරීමේ මහා පරිමාණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ. සෞදි අරාබි ශේක් එමීර්වරුන්ගේ මුදල් අස් සබාබ්, අල් මුස්ලිමාස්, වාමී ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රාශියක් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන මාවනැල්ල, පුත්තලම හා නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ රැුසක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ලංකාවේ ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් හරහා මෙම ඝාතනය සඳහා රාජ්‍ය නොවන සංවිධාන ගවයන් ලබා ගන්නා බවද එම ආරංචි...

13 නීති විරෝධීයි. ජන පදනමක් නැති ඇතැම් න්‍යායාචාර්යවරු ඉතිහාසය අමතක කරලා - දිනේෂ්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ආරක්ෂාවටත් , පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  එය එකල සම්මත කර ගනු ලැබූවේ ව්‍යවස්ථාවට පිටින් නීති විරෝධී ලෙස බවත් , ඊට කථානායකවරයා විසින් අත්සන් තැබූ පසුවත් තමන් එය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (27) කොළඹ පැවති මා‍ධ්‍ය හමුවකදීය.  එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම ඉල්ලීම ඉවත දැමූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.  13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ...

අද පවතින බොහෝ ගැටළු වලට එදා මඩිහේ නාහිමි විසඳුම් පෙන්වා දුන්නා - දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි

ලක්බිම - 2013.6.28 http://www.lakbima.lk//oldpapers/daliylakbima/2013/June/last_28_06_13/main.pdf සබැඳි ලිපි - [ තුන්කල් දුටු මඩිහේ මහා නාහිමි ජන්ම ශත සංවත්සරය http://denethharinna.blogspot.com/2013/06/blog-post_8882.htmlසිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා..!http://denethharinna.blogspot.com/2013/02/blog-post_5652.htmlතුන්කල් දුටු මඩිහේ පඤ්ඤාසීහ මහා යතිවරයාණෝhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_5322.htm...

‘දෙමළ ඊළාම්’ පාපන්දු කණ්ඩායම විදෙස් තරඟාවලියකට

විදේශගත එල්.ටී.ටී.ඊ. හිතවාදී තරුණ කොටස්වලින් සැදුම්ලත් ‘දෙමළ ඊලාම් රාජ්‍ය පාපන්දු පිල’ මෙවරත් අයිස්ල් ඔෆ් මෑන් දිවයිනේ පැවැත්වෙන පාපන්දු තරගාවලියකට සහභාගිවන බව වාර්තාවේ. ජාත්‍යන්තර වශයෙන් දෙමළ ඊලාම් රාජ්‍ය සංකල්පය වර්ධනය කිරීම සඳහා මෙය උපක‍්‍රමයක් ලෙස භාවිතා කෙරන අතර 2012 වසරේ මුල්වරට මෙම තරගාවලිය සඳහා ඊලාම් රාජ්‍ය පාපන්දු කණ්ඩායමක් සහභාගී විය. ලබන මාසයේ ජූලි මුල් සති දෙක අතර තුර පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊළාම් කණ්ඩායමට ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, එකසත් රාජධානිය, නොර්වේ, ඉතාලිය, කැනඩාව යන රාජ්‍යයන්හි පදිංචි වී සිටින ශී‍්‍ර ලංකාවෙන්...

මහ රහතුන් වැඩ සිටි කූරගල පුදබිමට පොසොන් පෝදා මහ සෙනගක්

වසර දෙදහස් පන්සියකට වසා ඉපැරණි හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මහරහතන් වහන්සේලා වැඩසිටි පුණ්‍යභූමියක් ලෙස ප‍්‍රකට ඓතිහාසික  කූරගල පුදබිම නැරඹීමට පසුගිය පොසොන් දිනයේදී මහ සෙනෙගක් පැමිණ සිටියහ. මෑත භාගයේ බහුජන අවධානයට ලක්වූයේ වසර ගණනාවක් පැරණි මිනිස් ඇටසැකිලි පොසිල හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවීමත් සමගය. පුරාවිද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් මේ වන විට ඉවත් අර තිබේ පොසොන් දිනයේ බැතිමත්හු තිස්දහසකට ආසන්න පිරිසක් පුදබිමට  පැමිණියහ. ඇතැමෙක් වෙළදාමෙන් අතමිට සරුකර ගනිද්දී තරුණයන් තිදෙනෙක් එහි...

'13' බලතල සංශෝධන යෝජනාව වයඹත් සම්මතයි. පක්‍ෂව ඡන්දය දුන් මු.කො.මන්ත්‍රී දෙදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

සිය පක්‍ෂයේ මතයට පිටුපාමින් වයඹ පළාත් රැස්‌වීමේදී පළාත් සභා බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය හා දැරූ සියලුම තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. මුස්‌ලිම් කොංග්‍රසයේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන රිස්‌වි ජවහර්ෂා සහ එම්. යෙහියා යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ. පක්‍ෂයේ ව්‍යවස්‌ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක ඇමැති රාවුµa හකීම් මහතා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය...

බලතල සංශෝධන යෝජනාව වැඩි ඡන්ද 8 කින් උතුරු මැද සම්මතයි

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රකාරව පළාත් සභා දෙකක්‌ හෝ කීපයක්‌ ඒකාබද්ධ කිරීමක්‌ සිදුවුවහොත් පළාත් සභා පිහිටුවීමේ මූලික අරමුණ ඉටු නොවන බැවින් ඒ සඳහා ඇති බලතළ ඉවත් කිරීමට සහ පළාත් සභා ලයිස්‌තුවට ඇති යම් යම් විෂයන් පිළිබඳ තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත ලබාගැනීම යන බලතළ සංශෝධනය කිරීමේ යෝජනාව ඊයේ (27 දා) උතුරු මැද පළාත් සභාවේදී වැඩි ඡන්ද 08 කින් සම්මත විය. සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ මහ සභා  රැස්‌වීමේදී අදාළ යෝජනාව ප්‍රධාන ඇමැති එස්‌. එම්....

'13' රටේ ආරක්‍ෂාවටත් ඒකීයභාවයටත් තර්ජනයක්‌ බව වසර 26 තිස්‌සේ පෙන්වා දුන්නා - දිනේෂ්

ඉන්දු - ලංකා ගිවිසුමෙන් 1987 දී සම්මත කරන ලද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හේතුවෙන් රටේ ආරක්‍ෂාවටත්, පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක්‌ වන බව වසර 26 ක්‌ තිස්‌සේ මහජන එක්‌සත් පෙරමුණ පෙන්වාදී තිබෙන බව මහජන එක්‌සත් පෙරමුණේ නායක ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ අවස්‌ථාවේදීවත් මෙය අහෝසි නොකළහොත් බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ යළි රටේ ගොඩනැඟෙන බව ද ඇමැතිවරයා කීවේය. හෙතෙම එසේ පැවසුවේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ මහජන එක්‌සත් පෙරමුණේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ ඊයේ කොළඹ ජාතික පුස්‌තකාල...

Thursday, June 27, 2013

ආණ්ඩුව තුළ මහින්ද පරදා චන්ද්‍රිකා මතවාදය ශක්තිමත් වෙලා - ඥානසාර හිමි

මහින්දගේ පෙරමුණට වඩා ලැජ්ජා සහගත ලෙස චන්ද්‍රිකාගේ පෙරමුණ ශක්තිමත් වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. හිමියන් මෙසේ පැවැසුවේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවක් විසින් ඊයේ (26) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත් වූ ජනමාධ්‍ය හමුවේදීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියන්, පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය සමාජගත කිරීමට කසකාරයෝ ටිකක් එළියට බැහැලා. වාසු, රාජිත, විතාරණ, ජී.ඇල්, එදා සිටම චන්ද්‍රිකාගේ ෆෙඩරල් මතවාදයේ හිටියා. අදත් ඒ අය පෙරමුණට ඇවිත්. රටේ ඒකීයභාවය වෙනුවෙන් දිව්රුම්...

අහෝ ඇමති සම්පතට කෑදර දිවදෙකේ මනුසත් රාජිත! 13 ගැන එසේ කීවේ ශ්‍රිලනිප ඡන්ද සුලුපක්ෂ කඩා ගන්නා නිසාලු!

පක්‍ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට පක්‍ෂයෙන් පිටව ගොස් ඒ අදහස් පල කිරීමේ හැකියාව ඇති බවත් රාජපක්‍ෂ මතතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය...

13 සංශෝධනය කල් යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය නැවත වරක් සංශෝධනය කරමින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත. 13 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වූවේ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතු කිරීම තහනම් කිරීම සහ යම් පනතක් සියලු පළාත් සභාවන්ගෙන් නොව බහුතර පළාත් සභාවන්ගෙන් සම්මත වීම ප්‍රමාණවත්ය කියන සංශෝධනයන්ය. මෙම සංශෝධනය සම්මත කරගත යුත්තේ තුනෙන් දෙකක ඡන්දයෙන් වුවත් ඊට ඡන්ද තුනක් මුලින්ම ආණ්ඩුවට නොමැතිව පැවැති අතර, පසුව ආණ්ඩුවේ ඇමැතිවරු 06ක්  මීට විරෝධය දැක්වීමත් සමග මෙම පනත සම්මත...

ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ ප්‍රතිපත්තිය වැරදී - BJP(India)

ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් නොවන බව භාරතීය ජනතා පක්ෂය අවධාරණය කර සිටී .  ඉන්දීය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා දුර්වල කිරීමට හේතුවන බව "ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන" මැයෙන් තමිල්නාඩුවේදී පෙරේදා (25) පැවති සමුළුවකට එක්වෙමින් භාරතීය ජනතා පක්ෂ නායකයා  ප්‍රකාශ කර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි. එල්.ටී.ටී.ඊ. ය මර්දනය කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එවනු ලැබුවේ නිසි සොයා බැලීමකින් තොරව බවත්  ජශ්වාන්ත් සිං මහතා මෙහිදී ප්‍රකාශ...

පළාත් සභාවලට ‍පොලිස් ඉඩම් බලතල බෑ - ජනපති මන්ත්‍රීන්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා පිළිබඳව මත දෙකක් දැරිය යුතු නැතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) ජනපති ‍ලේකම් කාර්යාලයේ පැවැති හදිසි රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධව රජයේ ස්ථාවරය වී ඇත්තේ පළාත් සභාවලට ‍පොලිස් සහ ඉඩම් බලතළ නොපැවරිය යුතු අතර පළාත් සභා දෙකකට ස්වකැමැත්තෙන් එක්වීමටද ඉඩනොදිය යුතු යැයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ල.නි.ප. මහ ‍ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.  ඒ අනුව ශ්‍රී ල.නි.ප.යේ සියලුම මැති ඇමැතිවරුන්...

ඇමරිකානු ටයිම් සඟරාව බෞද්ධ ධර්මයට අවමන් කරලා - මියන්මාර් රජය

මියන්මාරයේ විරාතු රාතු නැමැති බෞද්ධ භික්‍ෂුවට එරෙහිව ඇමරිකාවේ ටයිම් සඟරාව කර ඇති ප්‍රකාශය ගැන මියන්මාර් රජය දැඩි විරෝධය පළ කර ඇත. මෙම ඇමරිකානු සඟරාව බෞද්ධාගම අවමානයට ලක්‌කර ඇතැයි මියන්මාර් රජය කියා සිටී. ටයිම් සඟරාව විසින් මියන්මාරයේ ප්‍රධාන ආගම වූ බෞද්ධාගමට අවමන් කිරීම ගැන සමාව යෑදිය යුතු යයි රජය දක්‌වා ඇත. http://www.divaina.com/2013/06/27/forign04.html ප.ලි. මියන්මාර් රජයේ නිර්භීත මැදිහත්වීමට ලාංකීය අපේ උපහාරය පුදමු! වැළලෙන, වැනසෙන, ඩෝසර් වන බොදු උරුමය හමුවේ, අල්ලසින් බොදුවන් නොබොදුනුවන් කෙරෙනා විටෙක, එයට එරෙහි නීති සම්මත කරගනුමට, සැතපුම්...

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනයට ඉන්දියාවේ කැමැත්ත අනවශ්‍යයි - රජය

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ඉන්දියාවේ කැමැත්ත අවශ්‍ය නොවන බවත් ස්‌වෛරී රටක්‌ ලෙස ඒ ගැන ක්‍රියාකිරීමට රජයට හැකි බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (26දා) පැවසීය. ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක සිවශංකර් මෙනන් මෙරටට පැමිණ 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කිසිදු එකඟතාවක්‌ ඇති කර නොගන්නා බව එම ආරංචි මාර්ග කියා සිටියේය. රටේ ජාතික ආරක්‍ෂාවට හානියක්‌ සිදුවේ නම් ඒ ගැන ක්‍රියා කිරීමට රජයට හැකි බවත් සටන් විරාම ගිවිසුම අහෝසි කළේත් ඒ අනුව බවත් එම ආරංචි මාර්ග කීවේය. ඉන්දු ලංකා ගිවිසුමට එවකට ජනාධිපති වු ඡේ....

13 සංශෝධනයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකඟ වෙති

අදහස්‌ දැක්‌වීමේදී වගකීමෙන් කටයුතු කරන්න. ජනපති පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමට කියයි. ඉඩම් - පොලිස්‌ බලතල ගැන තීරණය තේරීම් කාරක සභාවට...  දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ගෙන එන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ එකඟතාව ලැබී තිබේ. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමේ විශේෂ රැස්‌වීමේදී මෙම එකඟතාව පළ වී ඇත. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය...

යති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...

ගව ඝාතනය නැවැත්වීම, බලහත්කාරයෙන් අන්‍ය ආගම්වලට හැරවීම වැළැක්‌වීම ඇතුළු කරුණු කිහිපයක්‌ වෙනුවෙන් සිංහල රාවය සංවිධානය කතරගම කිරිවෙහෙර අසලින් ආරම්භ කළ පාගමන ඊයේ (26 දා) කොළඹට ළඟා විය. පාගමනින් පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස්‌ අරලියගහ මන්දිරය අසලට පැමිණ උද්ඝෝෂණය කළ අයුරු හා පා ගමනින් පැමිණි භික්‌ෂූන්වහන්සේ නමක්‌ පාදයේ දිය බුබුළු පුපුරා තුවාල සිදුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමට රැගෙන  ගිය අයුරු. 'සිංහල රාවය' පාගමන කොළඹට... - ඡායාරූපය - කමල් බෝගොඩ http://www.divaina.com/2013/06/27/news02.html ලක්බිම...

Wednesday, June 26, 2013

ඇෆ්ගනිස්තාන ජනපති නිල මැදුරට තලේබාන් ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල්නුවර පිහිටි එරට ජනාධිපති හමීඞ් කර්සායිගේ නිල මන්දිරයට ඊයේ (25) අලූයම තලේබාන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. එරට සාමාන්‍ය වැසියන් ලෙස වෙස්වලාගත් තලේබාන් සටන්කාමීන් සිවුදෙනකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර ජනපති මැදුරේ ආරක්‍ෂකයන් හා සටන්කාමීන් අතර පැවැති වෙඩි හුවමාරුවලින් ප‍්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත් වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. ඇෆ්ගන් වේලාවෙන් පෙරවරු 6.30ට පමණ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ...

ගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිට

ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින්  සිංහල රාවය ජාතික සංවිධානය  කතරගම සිට ආ  පා ගමන අරලියගහ මන්දිරය අසලින්  අද (26)අවසන් විය. සිංහල රාවය ජාතික සංවිධානයේ  සභාපති අක්මිමන  දයාරත්න හිමියන්  ඇතුළු  නියෝජිතයින්  පිරිසක් අත්සන් දසදහසක්  රැගත් සංදේශයක් ජනාධිපති  කාර්යාලයට භාර දුන්හ.ගව ඝාතනයට එරෙහිව එම  පෙත්සම අත්සන් කැරිණි. From | http://www.lankadeepa.lk/index.php/articles/143374 සබැඳි...

තුන්කල් දුටු මඩිහේ මහා නාහිමි ජන්ම ශත සංවත්සරය

අද ‘මිනිසා හදා රට හදමු’ මේ වැදගත් ප්‍රකාශනය කළ සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේ කවරෙක්ද? ඒ අන් කවරෙකුත් නොව ඔබ අප හැම දෙනාම දන්නා අප හැම දෙනාගේම ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටි අග්ගමහා පණ්ඩිත, විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මාතර මඩිහ නම් ගමෙහි 1913 ජුනි මස 21 දින උපත ලද උන්වහන්සේ කුඩා කල හඳුන්වන ලද්දේ ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන යන නමිනි. පෙර පින් බල මහිමයෙන් එකල දේශදේශාන්තරයෙහි කීර්තිමත්ව වැඩසිටි පරම පූජනීය පැළෑණේ සිරි...

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධ ශාසන ඇමති කරන්න. අපි නිල නොවන පොලිසියක් හදනවා. - ඥාණසාර හිමි

කොන්ද පණ ඇති මිනිහෙක් බුද්ධශාසන ඇමති කරන්නැයි බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. ඇසළ පෝයට කලින් මෙරට ක්‍රියාත්මක වන මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවලට එරෙහිව බලධාරීන් කටයුතු නොකළහොත් ලංකාවේ නිල නොවන පොලිසිය ලෙස තම සංවිධානය කටයුතු කරන බවද උන් වහන්සේ එහිදී කීහ. උන් වහන්සේ එහිදී මෙසේද සඳහන් කලහ. “අපේ ව්‍යවස්ථාවේ නීති – රෙගුලාසි හදලා තියෙන්නේ බෞද්ධයන්ගේ අයිතීන් කප්පාදු කරන්න විතරයි. අනිත් හැමෝටම මේකේ පිනුම් ගහන්න පුළුවන්. මේක ජාත්‍යන්තර...

මු.කො. සමඟ මත ගැටුම් උග්‍ර වුවහොත් නැගෙනහිර විසුරුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මුල්කර ගනිමින්  රජය සමග  පවතින මතගැටුම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීමට පත්කළ විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිත කණ්ඩායමට තම නියෝජිතයෙකු ඇතුළත් නොකිරීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දැඩි විරෝධය මතු වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම්...