Pages

Sunday, June 16, 2013

අපහාස නඩුවක් පැවරීම සඳහා එන්තරවාසියක් යැවීමට www.lankacnews.com වෙබ් අඩවියේ සැබෑ අයිතිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම - BBS

පුජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි , දිලන්ත විතානගේ 
බොදු බල සේනා, 
32, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත , 
කොළඹ 5. 
2013 ජූනි 13.

පොලිස්පති තුමා, 
ශ්‍රී ලංකා පොලිසිය, 
කොළඹ. 

හිතවත් පොලිස්පතිතුමනි, 

අපහාස නඩුවක් පැවරීම සඳහා එන්තරවාසියක් යැවීමට www.lankacnews.com වෙබ් අඩවියේ සැබෑ අයිතිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම 

2013 ජුනි 7 දින පෙරවරුවේ කිහිප දෙනෙක් දුරකතනයෙන් අප අමතා උක්ත වෙබ් අඩවියේ අප දෙදෙනාට අපහාස වන පරිදි යම් ප්‍රවෘත්තියක් පළකර ඇති බව දැනුම් දුන් අතර ඉන් අනතුරුව අප දෙදෙනා වෙන වෙනම මෙම වෙබ් අඩවිය පරික්ෂා කරන ලදී.


" බොදු බල සේනාව ගෑනු හුටපටයකට ගුටි ඇන ගනී " යන මැයෙන් 2013 ජුනි මස 7 උක්ත වෙබ් අඩවියේ සිංහල මාධ්‍යයෙන් පළවූ පුවත දැක අප මවිතයට පත් වූයෙමු.


ඒ වන විට විශාල වශයෙන් බොදු බල සේනා දායකයින්, අප පවුල්වල නෑදෑ හිතවතුන් අතරට මෙම ප්‍රවෘත්තිය ඉන්ටෙර්නෙට් ඔස්සේ ප්‍රචාරය වී තිබුන අතර facebook හරහා විවිධ පින්තුරද එක් කර ජාත්‍යන්තර වශයෙන් පවා මෙම පුවත ප්‍රචාරය කර තිබිණ.

2013 ජුනි මස 7 වන දින පෙ.ව. 11.52 වන විට මෙම වෙබ් අඩවිය 18,990 දෙනෙකු බලා ඇති බව මෙම වෙබ් අඩවියේ සඳහන් වූ අතර අහි මුද්‍රිත පිටපතක් මේ සමග අමුණා ඇත. ඒ සමග විශාල පිරිසක ගේ අදහස් ද වගකීමකින් තොරව පල කර ඇත. මෙයට පෙරද පොදු ජනතාව අතර බොදු බල සේනා පිලිබඳ වැරදි අදහස් ඇති වන ලෙස මෙම වෙබ් අඩවිය විසින් පුවත් පල කර ඇත.

මෙම පුවත නිසා අප දෙදෙනා පෞද්ගලිකවත්, අප පවුල්වල සාමාජිකයින් හා බොදු බල සේනා දායකයින් දැඩි අපහසුතාවයකට හා ලැජජාවකට පත් වී ඇත.

මෙම පුවත් ප්‍රචාරය කිරීම තුලින් බුදු දහමට හා බොදු බල සේනා සංවිධානයට මෙන්ම අප දෙදෙනාට දැඩි අපහාසයක් සිදු වී අපගේ කීර්තිනාමයට හානි කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර ඇති බව පැහැදිලි බැවින් ඒ පිළිබඳ නඩු පැවරීමට තීරණය කොට මෙම වෙබ් අඩවිය අයිති පාර්ශවකරුවන් හඳුනා ගැනීමට පසුගිය දින වල උත්සහ කරන ලදී. 

මෙහි සැබෑ අයිතිකරුවන් හඳුනා ගැනීමට නොහැකි වූ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහය පැතීමට පැමිණිල්ලක් කිරීමට තීරණය කිරීමට සිදු විය. 

මෙම පුවතට අනුව 

1) අප දෙදෙනා විසින් බොදු බල සේනා සාමාජිකාවක් සමග වැරදි සම්බන්දතාවයක් පවත්වා ගෙන යාම 
2) උක්ත කාන්තාව නිසා අප දෙදෙනා අතර ගැටුමක් ඇති වීම 
3) අප දෙදෙනා පරුෂ වචනයෙන් බැණ ගැනීම 
4) දිලන්ත විතානගේ විසින් නන්ද හිමියන්ගේ සිවුර ගැලවීම 
5) දිලන්ත විතානගේට ශරීර අභ්‍යන්තරයේ තැලුම් ඇතිවීම 
6) ඒ සඳහා රහසේ ප්‍රතිකාර ලබා ගැනීම.

යන වැරදි තොරතුරු අඩංගු ප්‍රවෘත්තිය පල කර ඉන්ටෙර්නෙට් ඔස්සේ ප්‍රචාරය කිරීමට ඉඩ ලබා දී අප දෙදෙනාට හා බෝඩ් බල සේනා සංවිධානයට අපහාස කොට අපගේ කීර්තියට හානි කිරීම සඳහා කුමන්ත්‍රණ කර ඇති අතර මෙහි අඩංගු කරුණු සියල්ල අසත්‍ය කරුණු බව අප තරයේ ප්‍රකාශ කරමු.

උක්ත වෙබ් අඩවිය පිලිබඳ වැදගත් විය හැකි සාධක කිහිපයක් මේ සමග ඉදිරිපත් කරමු.

1) සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් තුල එහි වගකිවයුත්තන් පිලිබඳ තොරතුරු පල කල යුතුය 
2) දුරකථන අංකයක් තිබුනද එහි වගකිවයුත්තන් පිලිබඳ තොරතුරු ලබා නොදීම 
3) මෙවැනි වෙබ් අඩවි ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු වුවද එසේ කර නොමැති බව අමාත්‍යංශයෙන් විමසූ විට ප්‍රකාශ කිරීම 
4) මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට නිවාස ඉදි කිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මුල්‍ය අනුග්‍රහය දක්වන බව.

මෙම සියලු කරුණු සලකා බලා උක්ත අරමුණ සඳහා මෙම වෙබ් අඩවියේ අයිතිකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි 

මෙයට හිතවත් 

පුජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි 
දිලන්ත විතානගේ

From | http://www.facebook.com/photo.php?fbid=10151517053183528&set=a.10151124033433528.448368.611103527&type=1&theater

2 comments:

SilentSahan said...

කව්රුන් විසින කාට පල කල පෝස්ටුවක් දැයි පැහැදිළි නැත...

දෙනෙත් හරින්න ! said...

ඉතාම පැහැදිලියිනෙ. ලිපියක ලියන අයගේ ලිපිනය සහ ලබන අයගේ ලිපිනය දැක්විය යුතු නිසි තැන දක්වා තිබෙනවනෙ...