Pages

Sunday, June 9, 2013

ඉන්ටපෝල් පොලිසියෙන් සිසිලි කොතලාවලට වරෙන්තු

විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත සිසිලි ප්‍රියා කාර්මිනි කොතලාවල මහත්මියට ජාත්‍යන්තර වරෙන්තු මත ඉන්ටර්පෝල් පොලිසියේ අවශ්‍ය කරන පුද්ගලයන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් කර ඇත.

ඇය සෙලින්කෝ සහ හෝල්ඩන්කී සමූහ ව්‍යාපාර ප්‍රධානියාව සිටි ලලිත් කොතලාවල මහතාගේ බිරියයි.

71 හැවිරිදි ඇයව අත්අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් අන්තර්ජාතික වරෙන්තුව ප්‍රකාශයට පත් කර සිටී.

කීර්ති වර්ණකුලසූරිය

ප.ලි.
කොතලාවල මූලධර්මවාදීන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදී ඇත. 'සොලු යු' (SOLUU) නමින්, NGOවක් අටවාගෙන, යුද්ධය නතර කරන ලෙස කොළඹ ආණ්ඩුවට බලකරමින්, කොටි සාධාරණීය කරණය කරමින් ගෙන ගිය දේශ ද්‍රෝහී ක්‍රියාපිළිවෙත අපට මතකය. 2005 ජනපතිවරණයේදී, සිය 25,000ක් ඉකමවා ගිය සේවකයන්ට, මුසාතතු පවසමින් ('මහින්ද දිනුවොත් ඕගොල්ලන්ට රස්සා නැතිවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්දය දියයුතුමයි' | කිසිඳු තොරතුරක් සාක්ෂි නොමැතිව නොපවසන ලියුම්කරු, මේ පිළිබඳව හොඳින්ම කරුණු දන්නේ තවමත් සෙලින්කෝ සමූහයේ සේවය කරන ඔහුගේ මිතුරන්ගෙනි), සේවකයන්ට අනිසි බලපෑම් කරමින් මේ නඩය ගෙනගිය වැඩපිළිවෙල අපට හොඳින් මතකය (ලියුම්කරු රාජපක්ෂවාදියෙකු නොවන අතර බොදු උරුමය රැක ගැනුමට ක්‍රියා නොකිරීම සම්බන්ඳයෙන් ආණ්ඩුවට සෘජුවම චෝදනා කරන්නෙකි. 
http://denethharinna.blogspot.com/2013/06/blog-post_1.html)

සෝම හිමියන්ගේ අපවත් කිරීමටද මේ මූලධර්මවාදී නඩය සම්බන්ඳ බවට වාර්ථා පලවී තිබේ. (ඒ සම්බන්ඳයෙන් ලියුම්කරු සතුව සාක්ෂි නැත)

0 comments: