Pages

Sunday, June 16, 2013

එකම කාසියේ දෙපැත්ත හෙවත් එළකිරි බීම සහ ගවමස්‌ කෑම - 2

පසුගිය සතියෙන්

වැඩිදියුණු කර ඇතැයි පැවසෙන කිරි ගවයාගේ පැටියා කාලයේම වෙළ`දපොල මිල තීරණය කෙරෙන්නේ අනාගතයේදී දොවා ගත හැකි කිරි ප්‍රමාණය පමණක්‌ සලකා බලා නොවේ. එම සතා මරා ලබාගත හැකි මස්‌ අස්‌වැන්නද පැටියාගේ මිල තීරණය කිරීමේදී අනිවාර්යයෙන්ම සලකා බැලෙයි. මෙම සතුන් ඇතිකිරීමේදී ද නිදහසේ ඇවිදිමින් තණ උලා කා හැදෙන ස්‌වාභාවික සතුන් මෙන් නොව විශාල වියදමක්‌ දරා සත්ත්ව ආහාර සහ ඖෂධ ආදිය ලබාදීමට සිදුවෙයි. එසේ නොකළහොත් ලැබෙනවායෑයි බලාපොරොත්තු ඇති කර තිබෙන කිරි ප්‍රමාණය කෙසේවත් ලැබෙන්නේ නැත. මෙයින් පෙනී යන්නේ මෙම සතුන් ඇතිකිරීම ස`දහා විශාල වියදමක්‌ දැරීම මෙන්ම ශ්‍රමිකයන් යෙදවීමක්‌ද කළ යුතු බවයි. එසේම කිරිපිටි සමාගම්වල ප්‍රචාරක ප්‍රොaඩාවන් නිසා කිරි විකුණන්නට සිදුවී තිබෙන්නේද කුණු කොල්ලයටය. එවිට බලාපොරොත්තු වන ආර්ථික වාසිය කිරි විකිණීමෙන් ලැබෙන්නේ නැත.පසුගිය කාලයේ කඳුරට ගොවීන් කිරි බව්සර ගණනින් පාරට හැලීමෙන් මෙම තත්ත්වය මොනවට නිරූපණය කෙරෙයි. 

කිරි ගොවියාට මෙම සියලු වියදම් පියවා ගෙන එසේම කිරි අලෙවියේදී ඇති වන පාඩු ද පියවා ගෙන කිරි ගවයන් ඇතිකිරීම ආර්ථිකමය වශයෙන් වාසි සහගත කටයුත්තක්‌ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම කිරි දොවාගැනීම අවසානයේදී කිරි එළදෙන මසට විකුණන්නට සිදු වෙයි. එසේ නොකළහොත් කිරි ගවයන් ඇතිකිරීමෙන් තම ජීවිතය පවා ගැටගහ ගන්නට නොහැකි වීමෙන් කිරි ගවයන් ඇතිකිරීම අතහැර වෙනත් රැකියාවක්‌ සොයාගැනීමට කිරි ගොවියාට සිදුවෙයි. එසේම කිරි විකිණීමේදී දිනෙන් දින ලැබෙන සු`එ මුදලට වඩා කිරි ගවයා මසට විකුණූ විට එකවර ලැබෙන විශාල මුදලට අකමැති කෙනෙක්‌ නූතන සමාජයේ නැත. 

දේශීය දියර කිරි නිෂ්පාදනය ඊනියා ජාතික කිරි අවශ්‍යතාව සැපිරීම ස`දහා හැකි උපරිම වශයෙන් වැඩි කළ යුතු යෑයි පවසන ධාරාවේ එක්‌ මහතෙක්‌ කිරි පිළිබ`ද සංවාදයේදී වරක්‌ පවසා තිබුණේ දේශීය කිරි කර්මාන්තය ලාභදායී ලෙස පවත්වාගෙන යන්නට නම් දේශීය දියර කිරි වැඩි වැඩියෙන් පරිභෝජථයට මෙන්ම වැඩි වැඩියෙන් හරක්‌ මස්‌ කෑමේ යථාර්තයටද කෙසේ හෝ මුහුණ දෙන්නට සිදුවන බවයි. මක්‌ නිසාද යත්á දෙනුන්ගේ කිරි අස්‌වැන්නෙන් ලැබෙන ආදායම පවත්වාගෙන යාමේ වියදමට වඩා අඩු වූ විට එම දෙනුන් අනිවාර්යයෙන්ම මසට විකුණන්නට වන බැවිනි. එහිදී දෙනුන්ගේ ඇ`ග මසට හො`ද මිලක්‌ නියම නොවුන හොත් කිරි කර්මාන්තය ආර්ථිකමය වශයෙන් ලාභදායකව පවත්වාගෙන යන්නට නොහැකිව බි`ද වැටේ. එවිට ගෙරිමස්‌ කෑම, කිරි කර්මාන්තය රැකගැනීමේ අනිවාර්ය කොන්දේසියක්‌ බවට පත් වෙයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ දේශීය මස්‌ සැපයුමට ගව මස්‌වලින් දක්‌වන දායකත්වය ඉහළ දැමිය යුතු බවයි.

නමුත් ඔහු මෙහිදී දැන හෝ නොදැන අමතක කළ ඉතා වැදගත් කරුණක්‌ තිබේ. එනම් ඔහු දැනට පෙනී සිටින නූතන ජාතික ව්‍යාපාරයේ පියා වන අනගාරික ධර්මපාලතුමා කුමන තත්ත්වයක්‌ යටතේවත් ගෙරිමස්‌ කෑම අනුමත නොකළා පමණක්‌ නොව එය නැවැත්වීමට දිවි හිමියෙන් කැප වී සටන් කළ බවයි. 

අප ඉහතින් දැක්‌වූ කරුණු අනුව බලන විට නූතන වාණිජවාදී සමාජයේ කිරි දොවාගැනීම අවසානයේදී කිරි ගවයා මසට විකිණීම සාධාරණීකරණය වී ඇත. එසේම කිරිපිටි සමාගම් සහ ඔවුන්ට අනුවම යන ඊනියා පෝෂණ විද්‍යාඥයන් මෙන්ම දේශීය කිරි නිෂ්පාදනයේ ඊනියා ආරක්‌ෂකයන් ද කිරි අනිවාර්යයෙන්ම පානය කළ යුතු අත්‍යවශ්‍යම ආහාරය ලෙසත් පෝෂණයේ එකම මුරදේවතාවා ලෙසත් සලකන නිසා කුමන මිලක්‌ ගෙවා හෝ රට තුළ කුමන අපරාධයක්‌ කර හෝ ජනතාවට බොන්නට කිරි සැපයිය යුතුය. ඔවුන්ගේ කිරි ඉලක්‌කය සපුරාගැනීමේදී ගවයන් වැඩි වැඩියෙන් මස්‌ ස`දහා ඝාතනයට ලක්‌වීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ වන්නේ නැත. ඒ අනුව zzමෙච්චර හො`ද කිරි බොන්නට නම් කවුරු අකමැති වුනත් අපට හරක්‌ මසුත් කන්නට වෙනවාZZ යන ඊනියා යථාර්ථය සාධාරණීකරණය කොට සමාජගත කර ඇත. 

අප දැක්‌වූ කරුණුවලින් ඔබට දැන් මැනවින් වැටහී යා යුත්තේ වාණිජවාදී අරමුණෙන් පවත්වාගෙන යන නූතන කිරි කර්මාන්තය තුළ එළකිරි බීම සහ ගවමස්‌ කෑම යනු එකම කාසියේ දෙපැත්ත වන බවයි. කිරි පෝෂණයේ එකම මුර දේවතාවා වන නිසා දේශීය කිරි නිෂ්පාදනය උපරිමයෙන් වැඩි කළ යුතු යෑයි කියා වැඩි වැඩියෙන් කිරි බීම යනු වැඩි වැඩියෙන් ගවමස්‌ කෑමයි. 

කිරි බොන, එහෙත් ගවමස්‌ නොකන කෙනෙක්‌ මෙහිදී අප ඉදිරිපත් කළ මතය වැරදි යෑයි තර්ක කළ හැකිය. එසේම එවැනි කෙනකුට අප ඉදිරිපත් කළ මතය නිසා කේන්ති යාමට ද ඉඩ ඇත. නමුත් මෙහිදී අවධාරණය කළ යුතු කාරණය වන්නේ කිරි බී ගවමස්‌ නොකන අය වෙනුවෙන් වැඩි වැඩියෙන් ගවමස්‌ කන්නට ගවමස්‌ කන අයට සිදුවීම නොවැළැක්‌විය හැකි බවයි.

නූතන වාණිජවාදී සමාජය තුළ කිරි බී ගව ඝාතනයට විරුද්ධ වීම කිසිම ප්‍රතිඵලයක්‌ අත් කර ගත හැකි ව්‍යායාමයක්‌ නොවන බව ඒ අනුව අප වටහා ගත යුතුය. මක්‌ නිසාද යත්, අප ඉහතින් විස්‌තර කළ පරිදි කිරි බීම වැඩි වීම යනු ගව ඝාතනයද වැඩිවීමම වන බැවිනි. 

ගව ඝාතනයට, ගවමස්‌ කෑමට විරුද්ධ අය සහ බලවේග විසින් කිරි බීමෙන්ද වැළකී සිටියහොත් ගව ඝාතකයන්ට තව දුරටත් ගව ඝාතනය සාධාරණීකරණය කරගන්නට තර්ක සොයා ගත නොහැකි වනු ඇත. එවිට ගව ඝාතනයට එරෙහි අහිංසාවාදී සටන සාර්ථක පිම්මකින් ඉදිරියට ගෙන ගිය හැකිය.

මෙහිදී කිරි බොනේනේ නැතුව අපි පෝෂණය ලබාගන්නේ කොහොමද ? කියන ප්‍රශ්නය ඔවුන් විසින් නගනු ඇත. කිරිපිටි හෝ අවම වශයෙන් එළකිරිවලින් පවා තොරව නිවැරදි පෝෂණය ලබාගන්නේ කෙසේද යන්න ලෝකයේ අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවේදී පසුගිය වසර 10 තිස්‌සේ අප විසින් මැනවින් ඔප්පු කර පෙන්වා දී ඇත. එසේම මහා පරිමාණයෙන් සමාජගත කර ඇත. එබැවින් කිරිපිටි සහ එළකිරි මිනිසාගේ පෝෂණයට අත්‍යවශ්‍යය යන්න මිථ්‍යාවක්‌ මිස තව දුරටත් විද්‍යාවක්‌ වන්නේ නැත. මේ බව පසුගිය සති කීපයේදී දිවයින ඉරිදා සංග්‍රහය තුළින්ද අපි යම් මට්‌ටමකට හෝ සාකච්ඡා කළෙමු. 

කිරි බොන්නට කැමති කිරි අගුණ නැති කෙනෙක්‌ කිරි බිව්වා කියා අප එය විවේචනය කරන්නට යන්නේ නැත. නමුත් බෝ නොවන රෝග සුනාමියක්‌ සේ ව්‍යාප්ත වන මේ සමයේ එසේම කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වා ඇදුම ආදී අසාද්මිකතා රෝගවලින් පෙළෙන සමාජයේ ශාතිශය බහුතරයකට කිරි අගුණ බව දැඩිව අවධාරණය කළ යුතුය.

නමුත් අද බොහෝ දෙනා කිරිපිටි සමාගම් අනුවම යමින් කිරි යනු සියලුම දෙනා විසින් අනිවාර්යයෙන්ම පානය කළ යුතු පෝෂණයේ එකම මුරදේවතාවා ලෙස සැලකීමෙන් සහ එසේ සලකා මහා පරිමාණයෙන් වැඩි දියුණු කර ඇතැයි පැවසෙන අධික පිරිවැයක්‌ වැය වන කිරි දෙනුන් ඇති කිරීමෙන් නම් සිදු වන්නේ ගව ඝාතනය තව තවත් වැඩි වී මෙරට ජනතාවට ගවමස්‌ වැඩි වැඩියෙන් කන්නට සිදු වීමයි. එය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ගව ඝාතනයට එරෙහි ජීවිත පූජාවට කරන අගෞරවයක්‌ පමණක්‌ වන්නේමය.
http://www.divaina.com/2013/06/16/feature11.html

සබැඳි ලිපි -[එකම කාසියේ දෙපැත්ත හෙවත් එළකිරි බීම සහ ගවමස්‌ කෑම - 1
http://denethharinna.blogspot.com/2013/06/blog-post_9.html
]

0 comments: