Pages

Tuesday, June 18, 2013

මවුබස, ආගම, ඉතිහාසය ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වලටත් අනිවාර්ය කරයි

මවු භාෂාව ආගම සහ ඉතිහාසය යන විෂයයන්  ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම අනිවාර්යය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම බලන සියලූම දේශීය ශිෂ්‍යයන් මවු බස ආගම හා ඉතිහාසය යන විෂයයන් ඉගෙන ගැනීම අනිවාර්ය කොන්දේසියක් බවට පත් කෙරේ.

එම පාසල්වල ඉගෙනුම ලබන දේශීය සිඩුන්ට තම මවු රටේ අගය ඉතිහාසය මවු බස සංස්කෘතිය පිළිබදව ඇති උනන්දුව අඩු වී යමින් පවතින බැවින් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් නියාමනය  කිරීමට හා අධීක්ෂණය කිරීම සදහා අව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ සදහා 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල අතිරේක විධිවිධාන පනත  සංශෝධනය කෙරේ.

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනය කිරීමට හැකි වන ලෙස  අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික පාසල් අංශයට නව බලතල පැවරීමට ද අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මෙම පාසැල්වල ඉගෙනුම ලබන  දේශීය දරුවන්ට ජාතික අධ්‍යාපන ආයතන විසින් නිර්දේශ කරන ලද විෂයමාලාව හා උපදෙස්  යටතේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා  දීමට ද අමාත්‍යංශය තීරණය කර ඇත.

June 18, 2013 at 8:35 am | lanka C news

1 comments:

Secular Sri Lanka said...

දෙමව්පියන් ළමයින්ව පාසැල් වලට දාගන්නේ සෑහෙන වෙහෙසක් දරලා. ජනප්රියි කියන පාසල් වලට දාගන්න බැරිඋන සමහර දෙමාපියන් තමන්ට සල්ලි ටිකක් තියනවනම් ජාත්‍යන්තර පාසැලකට ලමයව දාගන්නවා. සමහරු ජාත්‍යන්තර පාසලකට ළමයව දාගන්නේ ලංකාවේ තියන අද්යාපන තත්වය ගැන කලකිරිලා. මේකට හොඳ උදාහරණ පහුගිය අවුරුදු දෙක තුනේ අපි කොයි කව්රුත් දැක්කනේ.

ඔය කිසිම ජාත්‍යන්තර කියන පාසැලක් මම දන්නා විදීහට මවු භාෂාව ආගම සහ ඉතිහාසය යන විෂයයන් තහනම් කරලා නැ. ඒ විෂයන් තමන්ට කැමතිනම් තෝරාගැනීමට පුළුවන්. ළමයෙක් හිතනවානම් තමන්ට ඔය විෂයන්ට වඩා ප්‍රයෝජනයක් වන වෙනත් විෂයක් තෝරාගන්න ඒක කොච්චර හොඳද? අනික රජය ඔය ජාත්‍යන්තර පාසල් වලට කිසිදු අනුග්‍රහයක් නොකර ඔය වගේ නීති දාන එක සාධාරණ නැහැනේ?

ලංකාවේ සාමාන්‍ය පාසල් වල අපිට තෝරාගන්න පුළුවන් විෂයන් එකක් හරි දෙකක් හරි විතරයි (O/L කායල දක්වා). අනික් ඔක්කොම අනිවාර්යෙන් කල යුතුයි. තමන්ට දෙයක් ගැලපෙන්නේ නැත්නම් එය නොකර හිටීමට ළමයට නිදහසක් ලංකාවේ සාමාන්‍ය පාසල් වල නැහැ. දැන් රජය ඒ තත්වය ජාත්‍යන්තර පාසැල් වලටත් ගෙන්න හදනවා.

තමන් අකමැති දේ ඇඟේ ගහන්නේ නැතුව ළමයින්ට තමන් කැමති විෂයන් තෝරා ගන්න හැදුවනම් හොඳ නැද්ද?