Pages

Monday, June 17, 2013

බි‍්‍රතාන්‍යයේ මුස්ලිම් දේවස්ථානයකදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී

බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි මුස්ලිම් දේවස්ථානයක් තුළදී පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකුට තියුණු ආයුධයකින් ඇන පහර දී ඇතැයි වාර්තා වේ.

සිදුවීමට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රෝහල්ගත කළ සිව්දෙනාගේ තත්වය මේ වන විට යහපත් බවද කියවේ.

පොලිස් නිලධාරියා තුවාල ලබා ඇත්තේ රාත‍්‍රි 11ට පමණ දේවස්ථානයේ සිටි තිදෙනෙකුට පහර දුන් බවට ලද පැමිණිල්ලකින් පසු දේවස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් අපරාධකරු ඇල්ලීමට උත්සහ දැරූ අවස්ථාවේදීය.

මෙම සිදුවීම වාර්තා වන්නේ 28 හැවිරිදි මයිකල් අඩෙබොලායෝ සහ 22 හැවිරිදි මයිකල් අඩෙබොවාලේ විසින් ලොව පුරා මුස්ලිම් ජනතාව මුහුණදෙන පීඩනයට ප‍්‍රතිචාරයක් බව පවසමින් ලී රිග්බි නම් 25 හැවිරිදි බි‍්‍රතාන්‍ය සොල්දාදුවා තියුණු අවියකින් ඇන ඝාතනය කිරීමෙන් මසකටත් අඩු කාලයකදී වීම විශේෂත්වයකි.

සිදුවීම හෙළා දකින බි‍්‍රතාන්‍ය මුස්ලිම්වරුන්ගේ සංවිධානයක් වන රාමදාන් පදනම පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය තුළ මෙවැනි සිදුවීම් සඳහා ඉඩක් නොතැබිය යුතු බවත් මෙවැනි ඛේදවාචකයන්ගෙන් වාසි ලබාගැනීමට උත්සහ දරන පුද්ගලයන් හට මග ඇවිරීම වගකීමක් වන බවත්ය.

June 17, 2013 at 9:16 am | lanka C news

[
සබැඳි ලිපි -
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: