Pages

Wednesday, June 12, 2013

ඉන්දු ලංකා ගිවිසුමට යළි පණදිය යුතුද?

ඉන්දීය සාම හමුදා නිලධාරීන් විසින්
ප්‍රභාකරන්ව නවදිල්ලියට කැඳවාගෙන ගිය අවස්‌ථාව
 13 සංශෝධනය කළහොත් ශ්‍රී ලංකා රජයට ප්‍රතිවිපාක විඳීමට සිදුවෙයි. 
- තමිල්නාඩු කොන්ග්‍රස්‌ නායක ආර්. එස්‌. ඥානකේතිස්‌සරන්

වසර 26 කට පෙර ඉන්දීය රජය මෙරටට 13 වැනි සංශෝධනය සමග පළාත් සභා ක්‍රමය යොමු කළේය. එහෙත් මෙරට ජනතාවගෙන් අදහස්‌ විමසීමක්‌ කළේ නැත.

1987 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මහමගට බැස විරෝධය පෑ දේශප්‍රේමීන් පොලිස්‌ වෙඩි පහරට ලක්‌විය. ගිවිසුම අත්සන් කළේ එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා ඉන්දීය අගමැති රජිව් ගාන්ධිය. ගිවිසුම අත්සන් කර පැය 24 ක්‌ ගතවීමට මත්තෙන් ඉන්දීය හමුදාවේ ඇන්ටනොව් හමුදා යානා පළාලි ගුවන්තොටුපලට සම්ප්‍රාප්ත විය.

එහෙත් පළාලි කඳවුරේ හමුදා බලධාරීන්ට මේ ගිවිසුම ගැන වාර්තා වී නොතිබුණි.

ඇන්ටනොව් හමුදා යානාවලින් පැවැති ඉන්දීය සාම හමුදා නිලධාරීහු පළාලි කඳවුරේ පාලනය තමන්ට බාරදී ඉවත් වන ලෙස ශ්‍රී ලාංකික හමුදා බලධාරීන්ට නියෝග කරනු ලැබීය. 

මේ සිදුවීම් පසුපස සිටියේ ඉන්දීය රෝ බුද්ධිසේවාවයි. රෝ බුද්ධි සේවාව විසින් පුහුණු කළ ඊ. පී. ආර්. එල් එෆ්. කල්ලියේ මුල්ම ක්‍රියාකාරියකු වන සින්නතුරේ පරමේශ් මුර්ති ශ්‍රී ලංකා ජනතාවට හෙලි නොවූ අබිරහස්‌ මුල්වරට හෙලි කර ඇත. 1978 සුළි සුළඟට පසු රෝ බුද්ධි සේවා එජන්තවරුන් දෙදෙනකු කට්‌ටපරිච්චාන් හිදී අපට පුහුණුව දී අපිව නවදිල්ලියට ගෙන ගියා නවදිල්ලියේ ද්‍රවිඩ ක්‍රියාකාරීහු 200 ක්‌ සිටියා. අපව උත්තර ප්‍රදේශයේ දේදරද්‍රාන් කඳවුරට ගෙනගොස්‌ පුහුණු කළා.

මින් සනාථ වන්නේ කුමක්‌ද? 1983 ජුලි කලබලකාරීත්වය ඇති වීමට පෙර රෝ බුද්ධි සේවාව ක්‍රියාත්මක වී ඇති බවයි.

මෙම පසුබිම යටතේ වසර 26 කට පෙර මෙරට ජනතාවට හොරෙන් ඇති කල ඉන්දු ලංකා ගිවිසුම යළි පණගැන්වීමට ඉන්දීය දේශපාලඥයන් මෙන්ම ද්‍රවිඩ සංවාදයද එක්‌ වී ඇත. පෙරේදා කොළඹ දී මාධ්‍ය අමතමින් යාපනය ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා ඇත්තේ 13 සංශෝධන කිරීම ගැන ද්‍රවිඩ සංධානය විරුද්ධ බවයි.

13 සංශෝධනය කලහොත් උතුරු පළාත් සභා මැතිවරණයට තරග කරන්නේද නැද්ද යන්න ගැන තීරණයක්‌ ගන්නා බවද හෙතෙම පවසා ඇත.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර සුරේන් ප්‍රේමචන්ද්‍රන් සම්බන්ධ ඊ. පී. ආර්. එල් එµa. සංවිධානය රජිව් ගානධිගෙන් ඉල්ලීමක්‌ කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන්නේ නම් ගිවිසුමට සහය දක්‌වන්නේ නැතැයි පවසා ඇත. එම ඉල්ලීම මත උතුරු නැගෙනහිර එක්‌ කිරීමට රජිව් හා ඡේ. ආර්. එකග විය.

දැන් රජිව් හා ඡේ. ආර්. ගිවිසුම යළි පණගන්වන ලෙස සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටී. මෙය වෙන් උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවත් ඉඩම් හා පොලිස්‌ බලතල පමණක්‌ නොව අනිකුත් බලතලද තමන්ට ලබාදිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

සිවිල් පුරවැසි බලකාය මුවාවෙන් ද්‍රවිඩ ජාතික හමුදාව පිහිටුවීමට මුල් වු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් පවසන්නේ පුළුල් බලතල ලබාදීමට රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවද සංශෝධනය කළ යුතු බවයි. 

රජය මේ ඉල්ලීම් දිය යුතුද?

එසේම තමිල්නාඩු කොන්ග්‍රස්‌ පක්‍ෂ නායක ඥාණකේසිතරන් ශ්‍රී ලංකාවට තර්ජනයක කරමින් නුඹලා 13 සංශෝධනය කළහොත් හොඳ පාඩමක්‌ උගන්වනවා යෑයි කියා සිටී. මෙරට ඉන්දීය තානාපති බලධාරීන් කුමක්‌ පැවසූවත් සත්‍ය හා යථාර්ථය ජනතාව දැන ගත යුතුය. රෝ බුද්ධි සේවා නිලධාරීහු තවදුරටත් මෙරට ක්‍රියාත්මක නොවන්නේ යෑයි කිව හැකිද?

හම්බන්තොට වරාය චීන සමාගමක්‌ විසින් ඉදිකිරීමත් සමගම ඉන්දියාව හම්බන්තොටද කොන්සල් කාර්යාලයක්‌ ආරම්භ කළේය. ඒ දකුණේ ජනතාවට හින්දි භාෂාව ඉගැන්වීමට නොවේ. ඉන්දියාවේ විදේශ පිළිවෙත හා රෝ සංවිධානයේ ක්‍රියාකලාපය කුමක්‌දැයි පැහැඳිලිය. මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවේ සෛවරී ප්‍රජාත්‍රන්තවාදී රටක්‌ද නැත්නම් ඉන්දියානු හඬට අවනත විය යුතු රටක්‌ද යන්නයි. 

ඉන්දීය මැදිහත්වීම් හා බලපෑම් තවදුරත් සිදු වීම යනු ඉන්දියාව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක්‌ වේ. 1987 ඉන්දු ලංකා ගිවිසුමත් මෙරට බහුතරය ඉල්ලුවේ නැත.

එම ඉල්ලීම කළේ ද්‍රවිaඩ සන්නද්ධ කණ්‌ඩායම්ය. එම සන්නද්ධ කණ්‌ඩායම් පුහුණු කළේ ඉන්දීය රෝ සංවිධානයයි. මේ පසුබිම මැද තමිල්නාඩු කොන්ග්‍රස්‌ මන්ත්‍රී සුදර්ශන් නාච්චිඅප්පන් පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින වාර්ගික අර්බුදය ඉන්දු ලංකා ගිවිසුම යටතේ විසඳිය යුතු බයයි. මින් නොකියා කියා සිටින්නේ ඉන්දියා කියන අන්දමට ශ්‍රී ලංකාවේ රජය ක්‍රිsයා කළ යුතු බවයි.

මෙම ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධ අතීතය විමර්ශනය කරන විට එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ව සිටි ඡේ. එන්. ඩික්‌සිත් විසින් එදා ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ලේකම්ව සිටි ඩබ්ලිව්. එම්. පී. බී. මැණික්‌දිවෙල වෙත එවූ රහස්‌ ලිපියක මෙලෙස සඳහන් විය. 

"මගේ ආදරනීය මැණික්‌ "

ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර යෝජිත ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් සමහර පාර්ශවයන් විරුද්ධත්වය පලකරන බවට තොරතුරු වාර්තා වීම නිසා මා මේ ලිපිය එවන්නෙමි. මා හට අත්සනක්‌ රහිත ලිපියක්‌ අද උදේ වරුවේ ලැබුණි. ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් විරෝධතාවය දක්‌වන පාර්ශවයන් ගැන එහි දැක්‌වුණි. සතියකට පෙර මේ සම්බන්ධයෙන් මා ජනාධිපති වෙත දැනුම් දුන්නෙමි. මේ ලිපියේ දැක්‌වෙන කරුණු ගැන ජනාධිපතිගේ අවධානයට යොමු කර නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමි. මා හට ලත් ලිපියේ පිටපතක්‌ ජාතික ආරක්‍ෂක එජන්සියේ අධ්‍යක්‍ෂකවරයා වෙතද යවන්නෙමි. 

ඉන්දීය මහ කොමසාරිස්‌ ඩික්‌සිත් CධඛරැHCරැ551රැ2රැ87 Aමටමිඑ 17ල 1987 යටතේ මේ ලිපිය මැණික්‌දිවෙල වෙත යවා ඇත්තේ 1987 අගෝස්‌තු 17 වැනිදායි. මින් එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ ලෙස ක්‍රියා කළ ඩික්‌සිත් ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ලේකම්ට කියා ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි පාර්ශවයන්ට නිසි පියවරක්‌ ගන්නා ලෙසයි. මේ පසුබිම මැද තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිද පෙරේදා ප්‍රකාශයක්‌ කරමින් ඉන්දු ලංකා ගිවිසුම නැවතවරක්‌ ක්‍රියාත්මක කළ යුතු යෑයි පවසා තිබේ. මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ හමුදාව මුහුණ පෑ බරපතල තත්ත්වය අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ යාත්‍රා කළ කොටි බෝට්‌ටුවකට සිටි පුලේන්ද්‍රන් ඇතුළු කොටි කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා හමුදාවට භාර දුන්නේය. මොවුන්ව පලාලි හමුදා කඳවුරේ රඳවා තිබුණි. මෙම කොටි කණ්‌ඩායම ගුවන් යානයක දමා වහාම කොළඹට එවන්නැයි එවකට ජාතික ආරක්‍ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුළත් මුදලි පලාලි කඳවුරේ බ්‍රිගේඩියර් ජයරත්න වෙත දැනුම් දුන්නේය. බ්‍රිගේඩියර්වරයා කොටි කණ්‌ඩායම ගුවන් යානයක දමා කොළඹට එවීමට සූදානම් වන අවස්‌ථාවේ ඉන්දීය සාම හමුදාවේ ජනරාල් රොඩ්රිගුස්‌ ඊට එරෙහි වී ගුවන් යානයට කොළඹට යැමට තමන් ඉඩ නොදෙන බවත් ධාවන පථය බී. එම්. පී. යුධරථ දමා බාධක ඇති කරන බවටද තර්ජනය කළේය. ඉන්දීය ජනරාල්වරයාගේ තර්ජනයට බිය නොවූ බ්‍රිගේඩියර් ජයරත්න නුඹේ බී. එම්. පී. රථවලට මම වෙඩි තියෙනවා යෑයි ප්‍රතිචාර දැක්‌වීය. මේ අර්බුදය මැද කොටි කණ්‌ඩායම බැලීමට පලාලි කඳවුරට ආ කොටි ලබා දුන් සයනයිට්‌ කරල් ගිල දමා පුලේන්ද්‍රන් ඇතුළු පිරිස සිය දිවි නසා ගත්හ. මේ ඉන්දු ලංකා ගිවිසුම මත ඇති වූ සිදුවීම් රැසක එක්‌ සිද්ධියක්‌ පමණකි.

මෙවන් අවාසනාවන්ත තත්ත්වයක්‌ මැද යළි ශ්‍රී ලංකාවේ සෛවරීභාවය උල්ලංඝනය කරමින් ඉන්දියාවේ යෝජනාවලට රජය එකඟ විය යුතුද යන බරපතල ප්‍රශ්නය දැන් මතු වී තිබේ. රටේ සුළු පිරිසක්‌ නියෝජනය කරන ද්‍රවිඩ සංධානය වාර්ගික අර්බුදයක්‌ තිබෙන බව පෙන්නුම් කරමින් උතුරට ඉඩම් හා පොලිස්‌ බලතල වලට අමතරව අනෙකුත් බලතල රැසක්‌ ඉල්ලා සිටී. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානද පසුපසින් සිටින බව හෙළි වී ඇත. මඩකලපුවේදී ප්‍රභාකරන් විසින් සිය ගණනක්‌ මුස්‌ලිම් බැති මතුන් ඝාතනය කරද්දී නිහඬව සිටි මුස්‌ලිම් කොන්ග්‍රසයද ඉන්දීය 13 වන සංශෝධනයට එකඟ වී තිබේ. මේ පසුබිම යටතේ ජයලලිතා ඉන්දියාවේ පුහුණුව ලබන ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට යවන්නැයි අගමැති මන්මෝහන් සිංගෙන් ඉල්ලා තිබේ. 13 වන සංශෝධනය මත හඬ නගන ද්‍රවිඩ සංධානයේ අරමුණ තේරුම් ගැනීම අපහසු නැත. ඔවුන් එම සංශෝධනය ලබා ගත හොත් ඊළගට ක්‍රියාත්මක කරන්නේ රට දෙකඩ කිරීමේ ක්‍රියාදාමයයි. මෙම සැබෑ යථාර්තය රටේ බහුතරයද අවධානය ලක්‌ කළ යුතුයි. 

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/12/feature.html

0 comments: