Pages

Saturday, June 15, 2013

මසට ගවයන් ගෙනයාම පොළොන්නරුවේ තහනම් – පිංකම මෛත‍්‍රීගෙන්

ලබන ජුලී මස පළමු වැනිදා සිට පොළොන්නරුවේ සිට මස් පිණිස ගවයින් ප‍්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරු දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාය උපදෙස් දී ඇත.

පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොළොන්නරු දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දිනකට ගවයන් 250 ක් පමණ පොළොන්නරුවේ සිට අනුරාධපුරයටත්, එතැන සිට කොළඹටත් ප‍්‍රවාහනය කිරීම නිසා පොළොන්නරුවේ ගව සම්පත ශීඝ‍්‍රයෙන් විනාශ වෙමින් යන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඝාතනය කිරීම සඳහා ගවයන් ප‍්‍රවාහනය කිරීමේදී ව්‍යාපාරිකයන් විසින් විවිධ උපක‍්‍රම අනුගමනය කරන බව මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය විය.

ඒ අනුව ප‍්‍රථමයෙන් මහජනයාට හිරිහැරවන ලෙස ගවයන් අයාලේ යැවීම සිදුකරන අතර, මහජනයා විසින් එම ගවයන්ට හිංසා කිරීමට පෙළඹෙන අවස්ථාව තෙක් නිදැල්ලේ තබා සිටියි.

අනතුරුව මහජනයා විසින් ගවයන්ට හිංසා කරන විටදී එම ගවයන් මිලදී ගෙන කොළඹට ප‍්‍රවාහනය කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ තත්ත්වය තුළ පොළොන්නරුව ප‍්‍රදේශයේ ගවසම්පත නැතිවී යා හැකි බැවින් ජුලි පළමු වැනිදා සිට මස් පිණිස ප‍්‍රවාහනය සම්පූර්ණයෙන් තහනම් කරන්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන්නේය.

June 12, 2013 at 5:56 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95608/

ගව ඝාතනය ඇතුලු කරුණු කිහිපයක් වෙනුවෙන් ජීවිත පූජා කළ ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව හින්දු බෞද්ධ සමගිය සඳහා වූ පාලමක්‌ වේවා! - ධර්මසේකරතුමාhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_1236.html
බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.html
ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.html
ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
කෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: