Pages

Tuesday, June 18, 2013

සිරියා අර්බුදය සුන්නි-ෂියා ගැටුමක් බවට?

සුන්නි මුස්ලිම්වරුන්ගේ නැගීසිටීමක් හමුවේ සිරියානු රජයට සහය දැක්වීම සඳහා සෙබළුන් 4000ක සේනාංකයක් ලබාදීමට ඉරානය තීරණය කර තිබේ.  මේ පියවර බෂාර් අසාද් පාලනය ආරක්ෂා කිරීම උදෙසා ටෙහෙරානයේ උත්සුක බව දැක්වීමක් ලෙස සැලකේ.

පසුගියදා සිරියාව සහ ඊශ‍්‍රායල දේශ සීමා පිහිටි ගෝලාන් කඳුකර ප‍්‍රදේශයේ වෙඩි තැබීම් වාර්තා වීම සමග ඔස්ටි‍්‍රයානු නිරීක්ෂකයන් යුධ මුක්ත කලාපයේ රාජකාරි වලින් ඉවත්ව ගිය අතර ඉරාන හමුදා සහය හිමිවීම ගෝලාන් කඳුකරයේ නව සිරියානු යුධ පෙරමුණක් සඳහා හේතු වනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

දෙරට අතර බලපැවැත්වෙන සටන් විරාමය මෙම සිදුවීම් මගින් අනතුරට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් පවසා තිබේ.  මේ අතර සිරියානු සිවිල් යුද්ධය ආණ්ඩු විරෝධී සටනක සිට ආගමික නිකායවාදී ගැටුමක් දක්වා පත්වෙමින් ඇතැයිද වාර්තා වේ.

අසාද් පාලනයට එරෙහිව සටන් වදින අල් නුස්රා සංවිධානය සවුදි අරාබියානු බුද්ධි අංශ හරහා මෙහෙයවන්නක් බව හෙළිවූ අතර එය ඉරාකයේ සුන්නි මුස්ලිම් ප‍්‍රදේශ තුළ ස්වාධීන පාලනයක් වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකි.

ලෙබනනයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සටන්කාමීන් 2000ක් පමණ දැනටත් සිරියානු රජයට සහය දෙමින් සටන් වදින අතර ඉරානයේ සහයද ෂියා මුස්ලිම් සහෝදරත්වයට පක්ෂපාතී වූවක් බව කියවේ.

ඉරාන හමුදා සේනාංකයක් සිරියානු සහයට යැවේ
June 18, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/95910/

3 comments:

Anonymous said...

ඔබේ බ්ලොග් එකේ පල කරන ලිපි අපේ වෙබ් සයිට් එකේ ද පල කරන්න කැමතිද? මේ තියෙන්නෙ අපේ වෙබ් එක.


කැමති නම් කියන්න

දෙනෙත් හරින්න ! said...

පල කරන්න. ඒ සෑම විටම, අපගේ ලින්තුව දක්වන්න.
බලන්න, අපි යම් තොරතුරක් පිටපත් කරගන්නා විට අනුගමනය කරන්නේත් එම ක්‍රමවේදයමයි.
එයින් මුල් ලින්තුවට පිවිස, තවත් තොරතුරු දැන ගැනුමට පාඨකයාට අවකාශ ලැබෙනවා. ස්තුතියි!

Anonymous said...

ඔයාටම පුළුවන් අපේ සයිට් එකට join වෙලා ඔයාගෙ නමින්ම ඒවා පල කරන්න. ඇවිල්ලා එකතු වෙන්න.