Pages

Saturday, June 15, 2013

භික්ෂූන් දේශපාලනය කිරීම කොහෙත්ම සුදුසු නෑ – අස්ගිරි මහා නා හිමි

භික්ෂූන් වහන්සේලාගේ යුතුකම වගකීම සහ කාර්ය භාරය වන්නේ පක්ෂග‍්‍රාහී නොවී ස්වාධීනව සිටිමින් ජනතාවට අවවාද අනුශාසනා කිරීම සහ රජය හොද වැඩි කරනවා නම් ඊට ආශිර්වාද කිරීම පමණකැයිද භික්ෂූන් වහන්සේලා ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීම කිසිසේත්  අනුමත නොකරන්නේ යැයිද උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියෝ මහනුවරදී අවධාරණය කළහ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන විපක්ෂයේ දේශපාලඥයන්  මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් බැහැ දැක උන් වහන්සේට පාද නමස්කාර කරමින් ත‍්‍රිවිධ රත්නයේ පිහිට පැතූ රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේදී ගොඩ නගන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ රටේ ක‍්‍රියාත්මක කිරීමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මහානායකහිමියන් වෙත පිළිගැන්වීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  යෝජනාවලිය  මහානාහිමියන්ට පිළිගැනිවූ වික‍්‍රමසිංහ මහතා ඒ සමබන්ධයෙන් උන් වහන්සේ දීර්ඝ වශයෙන් දැනුවත් කළ අතර මහානාහිමියන්ගෙ උදහස් සහ යෝජනා ද යටහත් පහත්ව ඉල්ලා සිටියේය.

ඒ මොහොතේම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථයෝජනාවලිය පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් අවධාරණයෙන්  කියා සිටියේ භික්ෂූන් වහන්සේලා ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසුනාම සංඝ භේද පවා ඇති වන බවය.

එවිට වන්නේ භික්ෂුවකගේ ගෞරවය සහ අභිමානය දිනා සිටින උන්වහන්සේ සාමාන්‍යයෙන් පෘතග්ජන මිනිසෙකුගේ තත්ත්වයට ඇද වැටීම යැයි පෙන්වා දුන් මහා නාහිමියෝ ඒ නිසා භික්ෂූන් වහන්සේලා අවස්ථාවකදී ක‍්‍රියාකාරී දේශපාලනයට නොපැමිණිය යුතු යැයි අවධාරණය කළහ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රටට ඉදිරිපත් කරනු ලැබූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන තවදුරටත් අවධානය යොමු කරමින් මහා නාහිමියන් අවධාරණය කළේ  ජනතාවටත් ප‍්‍රදේශයටත් කිසිදු ඵලක් නැති මනාප ජන්ද ක‍්‍රමය වහාම අහෝසි කර පැරණි ආසන ක‍්‍රමයට යා යුතු බවය.

June 15, 2013 at 11:39 am | lanka C news

0 comments: