Pages

Thursday, June 27, 2013

පළාත් සභාවලට ‍පොලිස් ඉඩම් බලතල බෑ - ජනපති මන්ත්‍රීන්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා පිළිබඳව මත දෙකක් දැරිය යුතු නැතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) ජනපති ‍ලේකම් කාර්යාලයේ පැවැති හදිසි රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධව රජයේ ස්ථාවරය වී ඇත්තේ පළාත් සභාවලට ‍පොලිස් සහ ඉඩම් බලතළ නොපැවරිය යුතු අතර පළාත් සභා දෙකකට ස්වකැමැත්තෙන් එක්වීමටද ඉඩනොදිය යුතු යැයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ල.නි.ප. මහ ‍ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. 

ඒ අනුව ශ්‍රී ල.නි.ප.යේ සියලුම මැති ඇමැතිවරුන් පළාත් සභා බලතළ පිළිබඳව තනි මතයක් දැරිය යුතු බව කී ජනාධිපතිවරයා ප්‍රාන්තවලට ‍පොලිස් බලතළ ලබාදීම ඉන්දියාව වැනි විශාල රටකට ගැලපෙතත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පිහිටි පළාත් සභාවකට ‍පොලිස් බලතළ පැවරීමෙන් ගැටලු රැසක්ම පැන නැගීමට ඉඩ ඇතැයි පෙන්වා දී ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමෙන් රටේ නැවත ඊළමක් බිහිවීමට පාර කැපෙන බවද ජනාධිපතිවරයා මෙහිදී තම පාර්ලිමේන්තු කණ්ඩායමට පෙන්වා දී ඇත. 

ඒ අනුව කිසිඳු පළාත් සභාවකට ඉඩම් සහ ‍පොලිස් බලතළ පැවරීමට රජයේ කිසිදු අදහසක් නැති බවද ඒ මහතා අවධාරණය කර ඇතැයි ශ්‍රී ල.නි.ප. ආරංචි මාර්ග පවසයි.

නිහාල් ජගත්චන්ද්‍ර/ පානුක රාජපක්ෂ 
2013 ජුනි 27 12:45 a.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12670:2013-06-26-18-23-03&catid=34:news&Itemid=62

0 comments: