Pages

Tuesday, June 11, 2013

බාල අටපිරිකට නිෂ්පාදනය කරන කූඨ වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීති ක‍්‍රියාත්මක කළ යුතුයි - අස්ගිරි නාහිමියෝ

බාල අටපිරිකට නිෂ්පාදනය කරන කූඨ වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීති ක‍්‍රියාත්මක කළ යුතු බවත් විනයානුකූල අටපිරිකර නිෂ්පාදනය නොකරන්නේ නම් ලංකාවේ අටපිරිකර පූජා කිරීම නවතා දැමිය යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ පැවසූහ.

එමෙන්ම අටපිරිකර නිෂ්පාදනය කිරීම එක් නීත්‍යානුකූල ආයතනයකට පවරා සියලූ අටපිරිකර එම ආයතනයෙන් බෙදාහැරීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති.

දළදා මාලිගාවේ තේවාව සිදුකරන නායක හිමිවරුන් වැඩ සිටින නිල ආරාමයේදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ බාල අටපිරිකර නිෂ්පාදනය කරන කූඨ වෙළෙඳුන් අහිංසක බෞද්ධ ජනතාව ගසා කන බවය.

දළදා මාලිගාවට ලැබෙන විනයානුකූල නොවන අටපිරිකර ගෝනි ගණනක් ඇති බව පැවසූ මහානායක හිමියන් ඒ තුළ ඇත්තේ කාඞ් බෝඞ් කැබලි දමා පුම්බා ඇති මීයන් කෑ සිවුරු කැබලි බවට චෝදනා කරමින් මාධ්‍යවේදීන් හමුවේ දළදාවහන්සේට පූජාකර ඇති එවැනි අටපිරිකර දිගහැර පෙන්වීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහානායක හිමියන් පවසා සිටියේ, අටපිරිකරට අඩංගු විය යුතු දැලිපිහිය වෙනුවට ඇත්තේ බ්ලේඞ් කැබලි බවත්, අදනකඩ සඳහා ඉනේ බඳින පටිය වෙනුවට ඇත්තේ කුඩා රෙදි කැබලි බවත්ය.

හරියට දෙන්න බැරිනම් අටපිරිකර එපා – අස්ගිරි මහ නාහිමි
June 11, 2013 at 12:48 pm | lanka C news

සබැඳි ලිපි
[

0 comments: