පළාත් සභා බලතල කප්පාදු කිරීමට ගෙන එන කිසිදු සංශෝධනයකට තම පක්ෂය එකඟ නොවන බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහ ලේකම් හසන් අලි මහතා "දිවයින ඉරිදා සංග්රහය"ට පැවසීය.
පළාත් සභා බලතල තවත් ශක්තිමත් කළ යුතු බවට වූ මතයේ සිටි ආණ්ඩුව මෙලෙස බලතල කප්පාදු කිරීම පක්ෂය කිසිසේත් අනුමත නොකරන බවද කීය.
මේනිසා පාර්ලිමේන්තුවට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ විට ගන්නා ක්රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම, උත්තරීතර මණ්ඩලය, දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බවද මහ ලේකම්වරයා කියා සිටියේය.
ලබන ඇමැති මණ්ඩල රැස්වීමේදී ද තම පක්ෂය මෙම යෝජනාවට විරෝධය පළකරන බව හෙතෙම සඳහන් කළේය.

රනිල් ධර්මසේන
0 comments:
Post a Comment